.png)
අනූහතේ එක්තරා දවසක, ගාල්ල හෙද විදුහලේ 97-A කණ්ඩායමේ පන්ති කාමරයට උඹ එන්නේ ඒ ගාල්ල රිච්මන්ඩ් එකේ ආදි ශිෂ්‍යයෙක් විදියට විතරක්ම නොවෙයි, ඇස් වලින්ද හිනාවක් පුරවා ගත්ත සුන්දර මිතුරෙක් විදියට. එදා පටන් ගත වුනු ඒ අවුරුදු තුන කොයිතරම් බර වුනත්, හොඳ මිත්‍රයෙක්, සුන්දර නිර්මාණකරුවෙක් වගේම අපූරු ගායකයෙක් ලෙසත් සුදත් අපත් එක්ක රැදෙනවා. දේශනාගාරයේ ගුරුවරයෙක් නැති මොහාතක පුටුවේ ඇන්දකට තට්ටු කරමින් "රත්තරන් නෙත් දෙකෙන්... සලා සිහිල් පවන් ... ජීවිතේ ලසෝතැවුල් නිවන්න රත්තරන්" උඹේ කටහඩින් ඇහෙත්දි අපේ හිත්වල තිබුණූ බර නැතිව ගියා. ඒ තරම් හදවතට දැනෙන, බර, සුන්දර හඬක් උඹට තිබුණෙ මචං.
පත්වීම් ලැබිලා අප හැමෝම ලංකාව පුරා විහිදිල යත්දි, දන්න කියන ගම්පළාතට මුලින්ම උදව් කරන්න හම්බන්තොට රෝහලේ සේවයට සුදත් ගියේ හිතේ සතුටින්. විවිධ දුෂ්කරතා, අපහසුතා තිබුණත්, ප්‍රදේශයේ රෝගීන්ට හිනාවක් සමඟ උපකාර කරන්නට පෙළඹෙන්නේ උඹේ පුරුද්දටමයි කියල මට හිතුනේ මචං. රෝගීන් විතරක් නොවේ, අනෙක් සෞඛ්‍යය වෘත්තිකයන්ට , එම සිසුන්ටත් "සුදත් අයිය" වෙලා කළ හැකි උපරිම සහයෝගය දුන්නා මතකයි. හම්බන්තොටින් , මාතරට එන උඹ , එදා වගේම කටපුරා හිනාවක් දාගෙන වාට්ටුව පුරා වගකීම් ගත්ත "දක්ෂ වගේම හොඳ ජේෂ්ඨ හෙද නිලධාරියෙක්" වුනා. පැටවු දෙන්නෙක්ගේ තාත්ත කෙනෙක් වෙලා, අපේ බැචීගෙම මහත්තයා වෙලා උඹ සතුටින් කාළය ගත කරන විදියට ටිකක් ඈතින් හිටියත් අප බලාන හිටියා. කොළු පැටව් දෙන්නයි හාමිනේයි එක්ක නිවාඩු දවසට ටී එම්ගේ "හිතින් මා නොසැලී ඉඳිත්දී ... කඳුල නුඹ ඇවිඳින්..." ගයන්න ඇති රහට.
ඒත්, ඇත්තටම උඹේ ඇහැට කඳුලක් ඇවිත් බව දැනගත්තේ මාස කිහිපෙකට ඉස්සර වෙලා උඹ කෝල් කළ වෙලාවේ. "මචං , මගේ වකුගඩු දෙකම නරක් වෙලා, දැන් ඩයලයිසිස් කරන්න ඉන්නේ" දිග සුසුමක් එක්ක එහෙම කිව්වත් "මට උදව් වෙයන්" කියල නොකිව්වේ, කවදත් කාටවත් කරදරයක් නොකරන උඹේ ජන්ම පුරුද්දට කියල මම දන්නවා.
කාළය ගෙවිලා යත්දි, උඹ ගැන හිතට බය හිතෙන ආරංචියක් ආවා. "මහේෂ්, සුදත්ට අමාරුයි කියල ආරංචියි" අපේ බැච් එකේ මිතුරියක් දුන්න ඇමතුමකින් එහෙම කියත්දි කවදාවත් නැති හැඟීමක් හිතට ආව මචං. දැන් දැන ගන්න ලැබෙන විදියට උඹට ඉක්මණින්ම වකුගඩුවක් ඕන කරල තියෙනවා. ඒ වකුගඩුව උඹේ ජීවිතය රැක ගැනීම ගැන තීරණය කරන සාධකය බවට පත් වෙලා නේ.
මාතර රෝහල තුල කෘතිමව ලේ පිරිසිදු කරමින් , ජීවිතය ගැන අභියෝගයකට මේ වෙලාවෙ මුහුණ දීල ඉන්න උඹත් එක්ක අපි ඉන්නවා මචං. ඔබේ බිරිඳයි, දරුවොයි, යාළුවොයි එක්ක එකතු වෙලා ඔබට ගැලපෙන B හෝ O වර්ගයේ වකුගඩුවක් හොයා ගන්න අපි හැමෝම එකතු වෙනවා,ඒ, උඹ වගේ සුන්දර, ලෝකෙට වටින මනුස්සයෙක්ගේ සේවය තවත් කාළයක් අපේ මිනිස්සුන්ට ලැබිය යුතු නිසාමයි.
මචං සුදත්! හිත හයියෙන් ඉඳපං.මේ පෝස්ට් එක කියවන, බෙදා ගන්න අපි හැමෝම උඹට ඉක්මණ් සුව පතනවා. එතැනින් නවතින්නේ නෑ, ගැලපෙන වකුගඩුවක් හොයා ගන්න පුළුවන් හැම විදියකින්ම උදව් කරනවා. ඒ විතරක් නොවෙයි, මේ අමාරු කාළයක් වුනත්,මේ හැමෝම පුළුවන් හැටියට මුදලින් උදව්වක් කරන්නේ, ඔය තත්ත්වය නිසා වගේම ඉන් පස්සේ එන ප්‍රතිකාර සඳහා අතිවිශාල මුදල් වැය වන බව දන්නා නිසාම විතරක් නොවෙයි. උඹ වගේ , අපේම මිනිස්සු දහස් ගණනකට ජීවිතය දුන්නු, උණ වසංගතද මොනවාද කියල බලන්නේ නැතිව රාජකාරිය උපරිම ලෙස කරන සුන්දර මනුස්සයෙක් වෙනුවෙන් උදව් නොකරන මනුස්සයෙක් නෑ මචං.
අපි හැමෝම එකතු වෙලා , උඹ වෙනුවෙන් කරන්නට පුළුවන් හැමදේම කරනවා, අපි උඹත් එක්ක ඉන්නවා මචං!
මම මහේෂ්
(ඔබට, අපේ මිතුරා වෙනුවෙන් යම් මුල්‍යමය උපකාරයක් කළ හැකි නම් ඊට ගෞරව පූර්වක ස්තුතිය පුදකරමි)
මෙන්න ඒ ගිණුම් තොරතුරු ( මිත්‍රයාගේ පුතාගේ ගිණූම් තොරතුරු)
නම - Hansana Wagasing Arachchige Kesith Dilina
අංකය - 152-2-002-3-0069578
බැංකුව/ බැංකු ශාඛාව -මහජන බැංකුව,මාතර / ධර්මපාල මාවත ශාඛාව (00152)

-----------------------------------------------------
Go fund me එකෙන් ඇවිත් උදව් කරන්න කැමති නම් මෙන්න ලිංක් එක,
https://gofund.me/a1b31939

SL Helping Hands for Health පිටුව සමඟ සම්බන්ධ වී , මෙම පණිවිඩය ලොව පුරා සිටින ශ්‍රි ලාංකිකයන් වෙත යොමු කරමින් ඔබේ සහයෝගය ලබා දෙන්න.