2019/02/06

මිදෙන්න බැරි නම් කැනඩා එන්න එපා! Come to Canada


මේ දවස් වල ටිකක් විතර සීතලයි , "ටිකක්" කිව්වෙ සෙල්සියස් වලින් ගත්තොත් සෘණ හතලිහක් විතර. අමෙරිකාවෙත් සමහර ප්‍රෙද්ශත් “ටිකක් සීතල“වුනා. ( සාමාන්‍යෙයන් ශීත සෘතුවේ මාස කිහිපයක් සෘණ 20 විතර තියෙන එක ලොකු දෙයක් නොවුනත් , සෘණ 40-50 කියන්නෙ ප්‍රවෘත්ති වාර්තා මවන “සීතල ප්‍රවෘත්තියක්“)  මේ අද කතාවේ පුර්විකාව .
----------------------------------------------------



“රොබට් මහත්තයා , සම්බන්ධ වෙන යන මේ වැඩසටහන ගැන මොනවද දන්නේ ? “ 
“මම මේකට එන්න මාස නමයක් තිස්සේ බලාගෙන ඉන්නේ , පුතා ඉන්න මැක්මරී වල පොසිෂන් එකක් ලැබුණත් මම  ගියේ නැහැ , මොකද මගේ යාළුවෝ මට කියල තිබුණ මේ වැඩසටහන ගැන“ රොබට් බොහොම සතුටින් උත්තරේ දෙන්නේ.
“මැක්මරී වල ? , ටිකක් දුරයිනේ ?“ 
“හ්ම් , පුතා එහේ වැඩ , ගෙයක් තියෙනවා , මටත් එහේ එන්න කීවා , එහෙම බැහැනේ මහත්මයා  , මට තාම මගේ වැඩ තනියම කරගන්න පුළුවන් නේ , අදත් පුතා කතා කළා මම මෙහේ එනවා කීවම , එයා වැඩ , මයිනස් පනහටත් වැඩිලු අද , පැය නමයක වැඩක් එළියේ“ රොබට් මහත්තයා සුසුමක් හෙලුවා. 

මේ දෙබස වුනේ ඊයේ , ලංකාව ගැන නොදැන ගත්තට “සිලෝන්“ ගැන දන්න රොබට් මහත්තයා , උපතින් බ්‍රිතාන්‍ය ජාතිකයෙක් , දැන් නම් කැනේඩියානුවෙක් . පුතා භූගත ඉන්ධන ව්‍යාපෘතියක ඉංජිනේරුවුරයෙක්. අද දවසේත් ඔහු සෙල්සියස් සෘණ පහහටත් වැඩි කාළගුණ තත්ත්වයක් යටතේ තමන්ගේ රාජකාරිය කරනව ඇති.
--------------------------------------------------------------------------------------------------------

සීතලට ගල් වුනු කළිසම්
“අයියා ! මේ දවස් වල සීතලයිලු නේ , මෙහේ නිව්ස් වලට ගියා. ඔයාලට කරදරයක් නෑ නේද ? “

ගම් පළාතේ කෙනෙක්ගෙන් මැසෙන්ජරයට  පණිවිඩයක්. 
“කරදරයක නැහැ නංගී , ටිකක් සීතලයි , එච්චරයි“ පිළිතුරක් යැව්වා මම.



--------------------------------------------------------------------------------------------------------

“ඔව් අයියා , මාත් කොරියා ඉන්න කාළේ වැඩකළා ෆ්‍රීසර් වල , අමු කට්ට නේද අයියා! ඔක්කොම හරි xxxxx දාන්න ගියාම තමා වැඩේ , ඔක්කොම ගල් වෙනවා නේ? 

“සීතල නම් තමා , ඒත් අපි එළියේ ඉන්නෙ නැහැනේ මල්ලී , ඒ නිසා ලොකු ප්‍රශ්නයක් නැහැ.“
දන්න කියන මල්ලි කෙනෙක්ගේ කතාබහක් ඒ. 


--------------------------------------------------------------------------------------------------------

“ඇප්ලයි කරන්න හිතාගෙන ඉන්නෙ කැනඩ වලට , ඒත් මේ සීතල ගැන ප්‍රවෘත්ති වලට ගියාම ටිකක් බයයි , කොහොමද ඔයාලට , දැන් නම් ලංකාවට එන්න හිතෙනව ඇතිනේ ? “

“මෙහෙමයි , “සීතල“ කියන්නෙ මේ රට වල “ලොකු දෙයක් නෙවි“ , අනෙක වෙනත් රටවල් සියගණනකින් මිනිස්සු මේ රටට ඇවිත් ජීවත් වෙනවා , ඒ කිසි කෙනෙක් සීතල නිසා මෙ රට දාල යන්නේ නැහැ. අනෙක එළියේ උශ්නත්වය සෘණ කීය වුනත් , ගේ ඇතුලේ තියෙන්නෙ , වාහන වල තියෙන්නෙ , රාජකාරි ආයතන , වෙළඳ සැල් හැම තැනකම ඇතුලේ උශ්නත්වය බොහොම උණුසුම් , ඒ නිසා මේ තද සීතල ගැටළුවක් වෙන්නෙ “එළීයේ රැකියා“ කරන සුළු පිරිසකට විතරයි. ඒ අයටත් , උණුසම් කබා , ආරක්ෂක ඇගළුම් තිබෙන නිසා , ඔක්කොටම වඩා උණූ කෝපි තියෙන නිසා ඔය හිතන තරම්ම ප්‍රශ්නයක් නෙවි.“ , මේ මගේ උත්තරය

--------------------------------------------------------------------------------------------------------
“අපෝ ඔහේ හරිම සීතලයිලුනේ , කොහොමද ඉන්නේ? “
“එළියේ නම් සීතලයි , ඒත් කාටවත් ලොකු කරදරයක් නෑ“
“කොහොමද දැන් මොකද හිතන්නේ ! "ඔහේ" ලංකාවට වඩා හොඳ ඇති නේ?“

මේ තවත් කැනඩාවට එන්න උත්සාහ කරන “දකුණේ“  කෙනෙක් මුහුණූපොත හරහා කළ කතා බහක්.


සීතලට උණුසුම
  • බඩ ඇති මොළ නැති දෙපා ජීවීන්  රැළක් පාර්ලිමෙන්තු යවල , ඒ මොළ නැති දෙපා ජීවීන් වන්දනා කරන , “බහුතරයක් ඉන්න“
  • පුංචි එවුන්ගේ ළමා කාළේ , ජීවිතේ විඳන්න නොදී , ඔළු ගෙඩි වලට බලෙන් “අදට , හෙටට “ වැඩකට නැති කුණූ කන්දල් පුරවන අධ්‍යාපන ක්‍රමයක් කරගහගත්ත  “බහුතරයක් ඉන්න“, 
  • උගත්කමට වඩා , මැර බලය , දේශපාලන, ආගමික බලයෙන් අන්ධවුනු අන්තවාදී  ලොක්කන්  “බහුතරයක් ඉන්න  උන්ට  එහෙයි කියන්නට වෙන  ,
  • උගත්කමින් , ගතේ මහන්සියෙන් උපයාගත් මුදල “ටැක්ස්“ නමින් උදුරාගෙන් , රටට  වැඩකට නැතිව  “රැළේ මහ ගොන්නු“ තුටු කරන්නට පෞද්ගලික පරිභෝජනයට ගන්න , 
  • මේ ඔක්කොම අස්සේ , ආගමේ , පක්ෂයේ නාමයෙන් ‘ඇහැට ඇහක්“ ගන්න සූදානම් “මද කිපුනු“ නාම්බන් , ඩේටා කාඩ් එකෙන් ඇවිත් “රජ වන“  “බහුතරයක් ඉන්න“ , 
  • ගෑණීයෙකුට තියා , මාස පහේ පුංචි දැරිවියකට ගෙයක් ඇතුලේ ඉන්නවත්  හේ  අඩුම ගණනේ මෙහෙණින් වහන්සේ කෙනෙකුටවත් ආරමෙට වෙලා ඉන්න, නොදී දූෂණ කරන ,ලිංගික කුහකත්වය පිරි ,  වනන සංස්කෘතියක් හිමි  “බහුතරයක් ඉන්න“ , 
  • “ලෝකමෙ ඇත්තේ“ මේ පුංචි දූපතේය , මුළු ලෝකෙම මේ දූපතට යටත්යැ ස්වයං වින්ද මානසිකත්වට අතදරු කාළයේ සිටම විඳි හිතන  “බහුතරයක් ඉන්න“ ,
  • රටේ ආදායමට වඩා , වෙන රට වලට ණය වෙලා , රටේ ගෑණුන් අරාබිකරයට විකුණලා ලැබෙන තුට්ටු දෙකෙන් රට සවාරි යන ලොක්කන් , සාජ්ජ දමා , “මුළු ලොව ඒ රටට යටයි “ සිංදුව කියත්දි හුරේ දමන  “බහුතරයක් ඉන්න“,
  • තමා ගැන වඩා අනෙකා ගැනම හොයන්නට හිත කිති කැවෙන  “බහුතරයක් ඉන්න“,
  • නොමිලේ ඉගෙන ගන්නට “බදුගෙවන මුදලින්“  වියදම් කළ වරදට ,ඔවුන් සමගම  ගිලා බහින  ආණ්ඩුවෙන්ම රස්සා ඉල්ලා පාරවල් වහන “රැකියා විරහිත උපාධිධාරී සංගම් “  පිළිගන්නා  “බහුතරයක් ඉන්න“,
  • තම වෘත්තියේම අනෙකාට ඉගෙන ගන්න ඇති අවස්ථාවට වල කපා , “සියල්ල දත් මම ලොක්කා“ බවට පත්වන්නට වලිකන්නන්  “බහුතරයක් ඉන්න“,
  • තව ටික කළකින් චීනාගේ ණයට , තගට යටත්ව , පීලිපීන ලොක්කා මෙන් “වෙන්නට හදන“ බව පෙන්වන  තම රැළ පාලනය කරගත නොහැකි හිස් ලොක්කන්ගේ පාලනය වන රටකට වඩා ,අවුරුද්දකට මාස දෙක තුනක් සීතලේ , නමුත් හිතේ සැනසිල්ලේ , විශේෂයෙන් දරුවගේ හෙට දවස ගැන බයක් නැති , උගත්කමට තැනක් දෙන රටක ජීවත් වීමට ලැබීම , එවන් රටක ජාතිකත්වය ලැබීම  ආඩම්බරයක් නොව  “වාසනාවකි“ 
සෙල්සියස් සෘණ 32 දී අපේ අය හිම කඳු නඟිනවා 
ඒ නිසා , හැකියාවක්  ඕන කමක් ඇති  සහ උත්සාහ කරන , මේ රටට එන්නට අදහසක් ඇති හැම දෙනා වෙනුවෙන් කියන්නෙ , ඔය ලංකාවේ “අදෝනා වාහිනී“ වල රස කර කර කියන , “සීතල කතා“ නිසා , තමන්ගේ , සහ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් ඉදිරියට ගන්න හදන පය පිටුපසට තබන්න එපා. විශේෂයෙන්ම , වෘත්තිකයන් ලෙසින් එන්නට උත්සාහ කරන ඔබ , ජීවිතේ වෙනස්කමකට මුහුණ දෙන්න දිරියක් ඇත්නම් , අභීයෝග වලට මුහුණ දෙන්නට හිතේ ශක්තියක් ඇත්නම් , 
  • සොයන්න කැනඩාවට සංක්‍රමණය වන නීති රීති ගැන 
  • කියවන්න www.cic.gc.ca වෙබ් අඩවිය , (කැමති නම් මගේ http://sincanada.blogspot.com/ කියවන්න , සුද්ද සිංහලෙන්ම මේ ගමන ගැන එහි ලියැවිලා තියෙනවා
  • අහුවෙන්න එපා , කැනඩාවේ “රස්සාවල්“ දෙන බව කියන , “රජයෙන් නිකං කන්න දෙන බව කියන“ විදේශ රැකියා “ඒජන්ත කාරයින්ට“ 
  •  මිදෙන්න දූපත් මානසිකත්වයෙන් , විමර්ෂණය කරන්න ලෝකය ගැන , තිබෙන අවස්ථා ගැන ,
  • මිදෙන්න “මම දන්නේ , මට පුළුවන්  “මේ ජොබ් එකම විතරයි සංකල්පයෙන්“
  • දැනුම වැඩි කරගන්න , ගලප ගන්න ඔබේ වෘත්තීය හැකියාවන් මේ රටට ගැලපෙන තරමට
  • පැන ගන්න හරි විදියට , නිසි අවස්ථාවෙදී , පසුව , පසුතැවිලි නොවී, මොකද ඉදිරි වසර කීපය තුල රටට ගන්නා සංක්‍රමණික ඉල්ලීම් ප්‍රමාණය වැඩි කරන බවට , (2021 වෙත්දි වසරකට 350,000 දක්වා) අදාල බලධාරීන් දැනුම් දෙනවා.   කෙසේ වෙතත් , අපේ රටේ අය “නින්දෙන් අවදි වෙලා කැනඩාව ගැන හොයත්දි“, ඉන්දියානුවන් , පිලිපීන ජාතිකයින් සහ වෙනත් යුරෝපීය ජාතීන් මෙ අවස්ථාවෙන් උපරිම ප්‍රෙයා්ජන ගනීවි කියල හිතන්න කාරනා බොහෝමයි .(Canada is targeting 330,800 immigrant arrivals next year, rising to 341,000 in 2020, and 350,000 in 2021.)
--------------------------------------------------------------------------------------------------------

කැනඩාවට එන්නට රිසි බොහෝ අය , මුහුණූ පොත හරහා දිනපතා විවිධ ප්‍රශ්න විමසනවා මගෙන්, ඒ හැම  කෙනෙක්ටම , මම දන්න , අප අත්විඳි සහ කැනඩා රජයේ දත්ත වලට අනුව පිළිතුරු සපයන්නම් , 
  • ඒත් , ඒ ප්‍රශ්න ටික අහන්න , මුහුණූ පොතේ “මිතුරු ඉල්ලීම්“ එවන්නට අවශ්‍ය නැහැ. මක් නිසාද මගේ මිතුරු ගොමුව තුල රැඳෙන්නේ , මා පෞද්ගලිකවම දන්න සුළු පිරිසක් පමණයි ,
  • ලංකාවේ වෙලාවෙන් මහ දවල් කියන්නේ , අපට මහ රෑ , එ්නිසා , මහ රෑ මැදයමේ  ලැබෙන පණිවිඩයකට උත්තර නොලැබුණොත් , අමනාප වන්නට එපා , (පුළුුවන් නම් , ලංකාවේ වෙලාවෙන් පැය දොළහක් විතර අඩුකරල , මෙහේ වෙලාව තේරුම් අරගෙන මැසේජ් එව්වොත් , පහසුවක් ‍
  • සියල්ලටම වඩා  , මේ රට ගැන ටිකක් විස්තර හොයල , බලල පස්සේ කතා කරොත් අපි කාටත් ලේසි වේවි.
  • කැමති නම් මෙන්න මේ ෆේස්බුක් ගෘෘප් එකට එකතු වෙලා කැනඩාවට එන්නට හීන දකින ඔබට ඇති ගැටළු සහ පිළිතුර බෙදාහදාගෙන තවත් අයෙකුට උපකාරයක් වෙන්න. මේ තවත් මුදල් හූරගන්න වැඩක් නොවේ , කැනඩාව තුල ජීවත් වන අප ලද අත්දැකීම් බෙදා ගන්නටත්  සහ කැනඩාවට එන්න හීන දකින සිරි ලාංකික ඔබට ඇති ගැටළු වලට හැකි තරමිත් උපකාරයක් වන්නටත් තැනෙන සමූහයකි. මෙන්න ලිංක් එක https://www.facebook.com/groups/SLtoCanada/
එහෙම නම්  , හීතල දවසේ ලියවුනු ලියවිල්ල කියැවූවාට ස්තුතියි හිතට ආ දේ ලියා ගෙන ගියා මිසක මෙය“මුදල් ගෙවා කැනඩා රජයෙන් කළ දැන්වීමක්  නොවේ“

11 comments:

  1. Good information to people who want to go to Canada, here is my 5 cents.

    I think moving to another country is a own and self centered decision. Running away to a developed country is not the only option available for a educated person. Living high life in west is not the only thing for educated people, so much educated/valuable people work here and do a service to the county of your own. (Yes our political system is flawed)

    Time to time I work (to earn some money) in the west and come back and work in SL. You have not written how the dark skinned people are regarded in the west, people who are migrated do not disclosed this aspect of life. Even your children might ask why are we here, when they face discrimination in schools (don't tell me that doesn't exist in Canada) Lonely life without your parents, relatives and friends, few things to consider before jumping ship.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබේ අදහසට.

      ඔබේ මුල් අදහසට මම පළමුව එකඟවෙමි. උගත් බුද්ධිමත් වෘත්තිකයන් අප රටට කරන සේවය අගය කළ යුතුමය. නමුත් , ඒයින් කීදෙනෙක් තමන් කරන කාර්යය සහ රැකියා වටපිටාව පිළිබඳ සෑහීමකින් ජීවත් වනවා ඇත්ද? මා සේවය කළ සෞඛ්‍ය ක්ෂේත්‍රය තුල ඉහළ සේවයක් කරන , ඉහළ වැටුපක් ලබන මා මිතුරන් පවා අද රටින් පිට වන්නට මං පෙත් සොයන්නෙ , ඒ “බිඳ වැටීමේ“ තත්ත්වය නිසාවෙනි. ඒ තබා විශේෂ පුහුණූ සඳහා විදේශ ගත වන ඉහළ මට්ටමේ වෘත්තිකයන් ඒ රට වලම ‘‘බින්න බහින්නේ“ ඇයි දැයි විමසිය යුතුමය.

      මගේ මේ කතා බහ වෙන රටක “රැකියාවක්“ කිරීම පිළිබඳව නොවේ , මා කතා කරන්නේ එබඳු රටක පුරවැසියෙකුව ජීවිතය ගත කිරීමයි. හුදෙක් “රැකියාව කිරීමට විදේශ ගත වීම“ සහ විදේශ සිංවර්ධිත “රටක පුරවැසියෙකු“ ලෙස දරුවන්ට එම රට තුල සාර්ථක අනාගතයකය මග පෙන්වීම වෙනමම කාරණා දෙකකි.

      ඔබ කතා කර ඇති අඳුරු පැත්ත පිළිබඳව මමද අසා ඇත්තෙමි. විශේෂයෙන්ම අමෙරිකානු ප්‍රාන්ත වල වර්ණ මත සිදුවන අදාධාරණකම් දිනපතා අසන්නට ලැබේ. මට ඒ පිළීබඳ අතදැකීම් නැත්තේ මා ජීවත් වන්නේ කැනඩාවේ නිසාවෙනි. වසර හතක කැනඩා ජීවිතය තුල ඉතා දියුණූ , ජනගහණය ඉහළ ටොරොන්ටෝවේ මෙන්ම , කෘෂිකර්මය බහුල සස්කචවාන් පළාත තුලද , අද දවසේ දියුණු ඇල්බටාව තුලද ජීවත් වෙමින් අත්දැකීම් ලබමින් ගත කරන මේ සත් වසරක කාළය තුල පෞද්ගලිකව මට හෝ මගේ පවුලේ කිසිවකුට ඔබ කියු ආකාරයේ වර්ණය මත අසාධාරණකම් විඳින්නට ලැබී නැත. වෙනත් රැකියාවක් ලබා පෙර ආයතන වලින් අප ඉවත් ව යත්දි සුදු හම පිරිනු ගම්වැසියන් අපට දැක්වූ ආදරය , මගේ මුහුණූපොතට විටින් විට ඇතුළු කරන්නේද ඔය “භයංකර චිත්‍රය“ මා මිතුරන් අතරින් යම් තරමකින් හෝ බිඳවන්නටය. පෞද්ගලිකව මගේ දරුවන් මෙහ ප්‍රාථමික පන්තියෙන් පටන් ගෙන අද උසස් පාසල වල සහ විශ්ව විද්‍යාල තුල අධ්‍යාපනය ලබන අතර මේ සත් වසර තුල එකු දිනකවත් “වර්ණය මත“ රිදවීමක් වූ බවක් පවසා නැත . ඔවුන්ට විවිධ වර්ණයේ මිතුරන් සිටිති , කිසිදු ගැටීමක් වී නැත. ( මගේ කිසිදු සටහනක ව්‍යාජ මවා පෑම් කරන්නේ නැත. එය මා , පෞද්ගලිකව දන්නා මිතුරන් දනී.)එමෙන්ම මෙය මගේ සහ අප පවුලේ පෞද්ගලික අත්දැකීම් වන අතර වෙනත් අයෙක්ට ලැබුණු අත්දැකීම් පිළීබඳව මම කතා නොකරමි. වර්ණය මත “අසාධාරණකම්“ කැනඩාව තුල ඉතා අඩුබව කිව යුතුමයි. මක් නිසාද කැනඩාව “සංක්‍රමණිකයන්ගේ රටකි“ එමෙන්ම , වර්ණය මත යම් අසාධාරණයක් වුව හොත් එහදී , සුළු ජන කණෟඩායමට නීතිමය සහය ලැබේ. එමෙන්ම ඔබ , ඔබ ජීවත් වන ගම පරිසරය , රැකියා ආයතනය තුල පවත්වා ගන්නා තත්ත්වය , බැඳීම් සහ අනෙකා සමඟ කටයුතු කිරීමේදි දක්වන සහයෝගීත්වයේ ස්වභාවය බොහේ විට මේ වර්ණ භේදමය අසාධාරණකම් වලට හේතු වනු ඇතයි මම සිතමි.

      පෞද්ගලික අත්දැකීම නම් , මා කැනඩාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය තුල සේවය කළ වසර හතක කාළය තුල සිදුවු “වර්ණය මත අසාධාරණකම්“ සංඛ්‍යාව බින්දුවකි. නමුදු , ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය තුල සේවය කරත්දී , විවිධ වෘත්තීය සමිති වල බලපැම් සහ පරිපාලනමට අසාධාරණකම් සෑහෙන විඳ ඇත්තෙමි.

      ඔබේ අවසන් කරුණට යම් තරමකට මා එකඟ වෙමි, රටට පැමිණ මුල් වසර තුල ඔබ කියන මාපියන්ගේන , නෑදෑයන්ගේන වෙන්වීමේ “සාංකාව“ මටද දැනී ඇත. මා පෞද්ගලිකව නැවත ලංකාවට එන්නට තීරණය කර සිටියාද මතකද (මේ රටතුල ගෙවූ පළමු බක්මහේදී මේ අපහසුතාව දැඩිව දැණිනි) එම තීරණය වෙනස්වූයේද මගේ දරුවන් කීලෙස “අපි ලංකාවට ආයේ යනව නම් , අපේ ටීචර්වයි , යාළුවොයි අරන් යන්න ඕනෑ“ යැයි කළ අහිංසක , ආදරණීය ඉල්ලීම පිළිබඳ ගැඹූරින් සිතා බලන්නට අප දෙනොට වූ නිසාය . කෙසේ වෙතත් තාක්ෂණයේ දියුණුව මත මේ සාංකාව යම් තරමකට අඩු කර ගන්නට පුළුව්න අතර , එය සියයට සියයක සුවවීමක් නොකියමි. වසර දෙකක් ගිය තැන , ඔබට මේ රට ඔබේ රට ලෙස දැනෙනු ඇත , ඔබට ඔබේ මිතුරන් , ගම , සම්බන්ධතා ගොඩනැගෙනු ඇත. එතැන් සිට , මේ ලෝකේ පොළොවේ ඕන තැනක “මනුස්සයෙක්“ ලෙස ජීවත් වන්නට අපට හැකි බව ඔබටම පසක් වනු ඇත. අද මට සහ මගේ පවුලේ සියළු දෙනාට සිරි ලංකාව තුල මිතුරන් සිටින අතර ඔවුන් සමඟ මුහුණූ පොත , සකයිප් , හෝ වෙනත් තාක්ෂණය ඔස්සේ සබඳතා පවත්වන අතරේ , ජීවත් වන ගම තුල රැකියාව කරන ආයතන තුල “විවිධ වර්ණයේ“ මිතරුන් රැසක් ද ඇත. මෙ සියල්ල සමඟින් , ඔබේ නිදහස් වෙලාව පරිසරය , විනෝදය සමඟ ගත කරන්නට සැළසුම් කරගන්නේ නම් මේ “තනිකම“ දැඩිව නොදැනෙනු ඇත. නමුදු ඒ හැකියාව එකිනෙකාට වෙනස් බව මම පිළිගනිමි.

      කෙසේ වෙතත් , යම් රටකය නැවට පනින්නට පෙර “ඇත්ත ඇති සැටියෙන් දැන“ පැමණීම වටිනා බව මමද කියමි. කැනඩාවට එන්නට මග පිටුව ඔස්සේ මා කළේද ‘බොරු ෆැන්ටසි“ වලින් තොර මේ රට තුලට එන , පැමිණ ජීවත් වන “ඇත්ත කතාව දිග හැරීමයි“

      ස්තුතියි ඔබේ සරු කතාබහ මෙ ලිපියට එක් කළාට , එයින් ලිපිය තවත් පරිපූර්ණ වුනා සේ මට දැනේ

      Delete
  2. You took a decision to stay there, and now trying to justify it to satisfy your subconscious. That is why you are so updated in Sri Lankan News, even after 7 years of Canada Life. You still cannot get away from that regret, and looking for reason.. proper reason.

    ReplyDelete
    Replies
    1. පළමුව ස්තුතියි ඔබේ අදහස් දැක්වීම වෙනුවෙන් ,

      ඔබේ “සිත් කියවීම‘ වෙනත් රටකට පැමිණි පළමු මාස 6 හෝ අවුරුද්ද තුල සිටින්නෙකුට ගැලපුනද , යථාර්ථයේ සිදුවන්නේ කුමක්දැයි හඳුනාගත් යමෙකුට අදාල වේ යැයි නොසිතමි.

      “වෙනස්වීම“ට කිසිවෙකු රිසි නොවේ. එමෙන්ම “වෙනස්වීම“ තුල සතුට , අසතුට යම් ප්‍රමාණවලින් තිබිය හැකිය. එය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්වුවද සත්‍යයි එයයි. දෙමාපියන් ලෙස අපට වැදගත්වූයේ , “දරුවන්ගේ“ අනාගතයයි . ඒ අරමුණින් දකින කළ මට “වෙනත් හේතු සොයන්නට අවශ්‍ය නැත සතුටු වන්නට. එමෙන්ම , ලංකාව තුල සිදුවන ප්‍රවෘත්ති “වෙහෙස දරා කියවන්නට“ අවශ්‍ය නැත . මුහුණුපොත තුල සිටින මගේ මිතුරන් බෙදා ගන්නා ප්‍රවෘත්ති තුල ඒ සියල්ල කියවා ගත හැකිවේ. එමෙන්ම , ලිපිය තුල මා පෙන්වා දුන් කරුණු තුල “ශ්‍රී ලංකාව තුල උපන් අප‘‘ “සතුටට“ පත්වීමක් වේ යැයි ඔබ සිතා නම් එයම කණගාටුවකි. ඒ සිරි ලක තුල අද සිවන යථාර්ථයයි.

      නැවතත්, මට මෙන්ම , මේ රට තුල පදිංචි වී සිටින කිසිදු මවකට - පියෙකුට (දරුවන් වෙනුවෙන් කැපවූ) “දරුවන්ගේ අනාගතය ගැන“ ඇත්තේ සතුටකි . ඒනිසා අපට “proper reason“ සොයන්නට අවශ්‍ය තැනි බව කියන්නට කැමැත්තෙමි. කණගාටුවකට ඇත්නම් , ඒ ගමේ පොළෙන් ගත් කොස් වැංජනයක , මාළු ඇඹුල්තියලක රස බලන්නට නොහැකිවීමත් ( ඉන්දුනීසියන් කොස් ගත්තට ඒවායේ “අප හුරු රස තැනි නිසා) , අපේ ගම් වල සිටි මිතුරන් සහ “මගේ අනෙක් දරුවන්ගේ“  “අහිංසක හිනා“ මග හැරීයාමත් පමණී)

      එමෙන්ම , මේ ලිපියේ අරමුණූ කණ්ඩායම වූයේ , කැනඩාවට එන්නට අපේක්ෂා කරන , එහෙත් මේ කාළගුණික “රසකතා“ අදෝනා කර ගායනා කරන ප්‍රවෘත්ති අසා “තිගැස්මට“ පත්වූ පිරිසක් වෙනුවෙනි. ඔබ එසේ නොවූවෙක් බව දැනෙන නිසා , මේ පිළිබඳ “තිගැස්මක්“ ඇති කර නොගෙන , “රට යන අත දෙස“ බලා සිටින්න , තවත් අවුරුදු විස්සක ගිය තැන (ඔබ වෙනත් රටක නොසිටිය හොත්“) නැවත මේ ලිපිය කියවා රසවිඳින්න.

      මෙ ලිපි තුල මම මගේ පෞද්ගලිකත්වය වැඩි පුර කතා කරන්න උත්සාහ නොකරන අතර (කතා කරතොත් ඒ යමෙක් කැනඩාව පිළිබඳ උනන්දුවක් ඇති කරවීම සඳහාම පමණි) මේ පිළීතුර තුල යම් තරමකට පෞද්ගලිකත්වය ඉස්මතු වූයේ , ඔබ අදහස් දැක්වීම තුල සෘජුවම මා වෙත ඉලක්ක කර තිබූ නිසා වෙනි. මහත්මයානණි/ මහත්මියනි / මෙනෙවියනි ( ඔබ කවුදැයි හඳුන්වා දී නැති නිසා) නැවත මතක් කරමි , ඔබට වෘත්තීයව / අධ්‍යාපනික සුදුසුකම් ඇත්නම් , සාමාන්‍ය පෙළැන්තියේ පුද්ගලයෙක් නම් එන්නට රටවල් ගණනාවකි , ඔස්ට්‍රෙලියාව , කැනඩාව , ස්වීඩනය , ඩෙන්මාර්ක් , නවසීලන්තය මෙන්ම බ්‍රිතාන්‍යයද ඔබට විවෘතය. අවශ්‍යතාව ඇත්නම එවන් රටක පුරවැසිබව ලබා , “සුන්දර ලංකාව“ වෙනුවෙන් යමක් කරන්න. )

      මෙවන් අර්ථාන්විත අදහස් දැක්වීම් නොවන්නට ලිපියක් ලියූ අරමුණ සාර්ථකත නොවන්නට තිබුණි. එවෙනුවෙන් ඔබට නැවතත් මගේ ස්තුතියි පිළීගන්න.


      Delete
  3. ඔබට දෙමාපියන් ලෙස වැදගත්වූයේ , “දරුවන්ගේ“ අනාගතයයි කියා තිබේ. ඔව් එය සත්‍යයක් විය යුතුමයි.
    නමුත් කැනඩාවේ සිටින (ඔබට පෙර සහ පසුව පැමිණ සිටින) දරුවන්ගේ අනාගතය ගැන කැනඩාව සොයා බලනවාද.?
    කැනඩාව පසුගිය වසරේ සිරියානු සරණාගතයින් වෙනුවෙන් ඩොලර් බිලියනයකටත් අධික ප්‍රමාණයක් වියදම් කර තිබෙනවා. ඒක බොහොම හොඳ දෙයක්. නමුත් කැනඩාවේම ආදී වාසීන්ට සලකන අන්දම ඔබ සිතා මතා මගහැර තිබෙනවා. සමහරවිට ඔබ ලංකාවට වඩා සන්තෝසෙන් සිටින නිසා කැනඩාවේ අනෙක් සියලුම වැසියනුත් එලෙසම සන්තෝසයෙන් සිටිනවා ඇතැයි සිතනවා ඇති. පුලුවන්නං පොඩ්ඩක් first nationsල ගැන හොයල බලන්න. කොහොමද ඔවුන්ගේ දරුවන්ට ලැබෙන පහසුකම්, අධ්‍යාපන, ඉඳුම් හිටුම්, අඩුම ගානේ පිරිසිදු ජලය. ඔව්ව මොකවත් හරි හමං විදියකයට, අඩුම ගානේ ලංකාවේ තරමට වත් නැහැ මහත්තයෝ. ඒ අතින් බැලුවම ලංකාවෙත් තත්වය ඕකම තමා.

    ලංකාවේ වැරදිත් "බහුතරයක් ඉන්න“ වගේ කතා කියල තියෙනවනේ. කැනඩාවේ පෙඩරල් හෝ ප්‍රොවින්ෂල් පාර්ලිමේන්තු වල ඉන්නේ ඉගෙනගත් අයද? ජල්බරි කාරයෝ නැද්ද. රටේ අගමැති මොකක්ද කරපු රස්සාව? මොකක්ද ලොකු වෙනස ලංකාවෙයි කැනඩාවේයි ලොකු ලොක්කොන්ගේ . වැඩිය ඕනේ නැහැ ,ඔකක්ද මේ දවස්වල ජෝඩි විල්සන් රෙබෝල්ඩ් ගේ ප්‍රශ්නේ. අද්මිරාල් නෝමන් මොකටද උසාවිගනේ යන්නේ. ඇයි ස්කොට් බ්‍රයිසන් හිටි ගමන් ට්‍රේෂරි බෝඩ් එකෙන් අස් වුනේ.

    ****"තව ටික කළකින් චීනාගේ ණයට , තගට යටත්ව , පීලිපීන ලොක්කා මෙන් “වෙන්නට හදන“ බව පෙන්වන තම රැළ පාලනය කරගත නොහැකි හිස් ලොක්කන්ගේ පාලනය වන රටකට වඩා ,අවුරුද්දකට මාස දෙක තුනක් සීතලේ , නමුත් හිතේ සැනසිල්ලේ , විශේෂයෙන් දරුවගේ හෙට දවස ගැන බයක් නැති , උගත්කමට තැනක් දෙන රටක ජීවත් වීමට ලැබීම , එවන් රටක ජාතිකත්වය ලැබීම ආඩම්බරයක් නොව “වාසනාවකි“ ****

    දැනුත් චිනගේ තගට යටත්. බොරුනන් හොයල බලන්න ඇයි චීන තානාපති පහුගිය ටිකේ කියපුවා.
    හිස් ලොක්කෝ ගැන නං කතා කරලා වැඩක් නැහැ. අවුරුද්දකට මාස දෙක තුණ නෙවෙයි අඩුම ගානේ හතරක් වත් සීතලේ. රට යන විදිය ඔබ දන්නවානං දරුවගේ හෙට දවස ගැනත් ඔබට බය හිතේවි. මේ රටේ උගත් කමට තැන දෙනවා. හිනායන කතා කියන්න එපා. ඔබට සුද්දෝන්ගේ රටේ ජාතිකත්වය ලැබීම වාසනාවක් කියා හිතෙනවානන් අන්න එකට මම සන්තෝස වෙමි.

    ReplyDelete
    Replies
    1. පළමුව ස්තුතියි ලිපිය කියවන්නට ඔබගේ වටිනා කාළය වැය කළාට.

      මගේ අදහස මෙයයි , කිසිම රජයක් දරුවන්ගේ අනාගතය ගැන සොයා ලබන්නට අවශ්‍ය වන්නේ නැහැ. ඔවුන්ට නිසි අධ්‍යාපනය ලබා ගන්නට අවස්ථාව දෙනවා නම් ,පහසුකම් දෙනවා නම් ඉන් පසු තමන්ගේ අනාගතය ගැන බලා ගැනීම අදාල පුරවැසියාගේ වගකීමක් . එහෙම නැතිව “අපට රස්සා දියව් “කිය කිය රජයට බැන වදිමින් ඉන්නවා නම් එයම කාළය කෑමක්. මේ රටක අධ්‍යාපනය ලබන අයෙකුට , සුදුසුකම් ඇත්නම් “සම්මුඛ පරික්ෂණයකට මුහුණ දිය හැකි “ හැකියාව ඇත්නම් , රැකියාවක් සොයා ගන්නට “ඇමතිතුමා“ ගේ චිට් එක අවශ්‍ය නැහැ. නැත්නම් ඔවුන්ට වෙනත් රටක රැකියාවක් ලබා ගන්නට ඒ තරම්ම ගැටළුවක් නැහැ. ඒ නිසා මේ අගමැති වරයා යටතේ හෝ තවෙකෙක් යටතේ “රට යන තැන“ මට මට බයක් නැහැ. විශේෂයෙන්ම දරුවන් උගනිත්දි , රටේ අනාගත වෙනස්කම් වලදි ඇතිවිය හැකි ගැටළු අවම වන හේ ලෝකයේ වෙනරටක රැකියා අවස්ථා තිබෙන / වැඩිවන ක්ෂේත්‍රයන් පිළිබඳව දරුවන්ට මග පෙන්වීම “වගකීමක් ඇති දෙමාපියන්ගේ වගකීමක්“ .

      ඇත්ත , මම වර්තමාන අගමැතිවරයාගේ සමහර ප්‍රතිපත්ති සමඟ එකඟ නැහැ. ඔහු එ.ජා . සංවිධෘනයේ ආරක්ෂක මණ්ඩලයේ බලය පතුරවා ගැනීමේ අරමුණ සහ එ.ජා. සරණාගත ආයතනයේ මුල්‍ය පහසුකම් අපේක්ෂාවෙන් විවිධ රට වලින් “සරණාගතයන් “ ගෙන්වා ගැනීම “දෙපැත්තක් “ ඇති කතාවක්. නමුත් සෘජුව එය රටේ සම්පත් වල සෘණාත්මකව බලපානවා අඩුම තරමේ කෙටි කාළීනවවත්.

      ආදීවාසීන්ගේ ගැටළුව වසර සියයකට වඩා කල් ගිය පටලැවිල්ලක් , එහි විවිධ අසාධාරණකම් ,සහ වංචාවන් සිදුවෙලා තිබෙනවා. නමුත් මා සමඟකටයුතු කළ “First nation/Cree “ මිතුරන් සහ සේවාලාභීන්ගේ අත්දැකීම නම් , රජයේන විවිධ සහණ ලබා දුන්නත් ඒවා අදාල ජන කොට්ඨාශවල නායකයින් විසින් තම භාවිතයට ගෙන තම ජනයාට ලැබීම වලක්වන බවයි. ඔවුන්ගේ නිවාස ව්‍යාපෘති වලට දි වී ඇත්තෙ එයමයි. එහි වරද 100%ක් පවතින රජයට පටවන්නට බැහැ. නමුත් තවම අඩුපාඩු තිබෙනවා . නමුත් අපේ ලංකාවේ ආදී වාසී කතා ඕන නැහැ , කොළඹ අවට , හම්බන්තොට අවට ( මගේ අත්දැකීම් අනුව) පිරිසිදු වතුර ටිකක් ගන්න ක්‍රමයක් නැතිව දුක් විදින මිනිසුන් කොතරම්ද ?

      මෙහෙමයි මහත්තයෝ අපේ පාර්ලිමේන්තුවේ ඉන්න ඔක්කොම “ආචාර්ය උපාධී ලබපු අය“ එහෙම නැතිව කොච්චිවල මාල කඩපු , සා පෙළ වත් පාස් නැති අය එහෙම නෙවි. මේවට නම් මටත් පොඩ්ඩක් විතර හිනා යනව මහත්තයෝ. කෙසේ වෙතත් මෙන්න කැනඩාවේ ඇමති මණ්ඩලයේ අධ්‍යාපන සුදුසුකම් ,

      Delete
    2. 1. CAROLYN BENNETT-former family physician and professor at the University of Toronto.
      2. JANE PHILPOTT-associate professor at the University of Toronto’s Department of Family and Community Medicine
      3. CARLA QUALTROUGH- Lawyer
      4. KENT HEHR-Lawyer and MLA one of the 40 top graduates over the last 40 years
      5. SEAMUS O'REGAN-Journalist / television broadcaster
      6. GINETTE PETITPAS TAYLOR-Social Advocacy
      7. AHMED HUSSEN-Lawyer
      8. FRANCOIS-PHILIPPE CHAMPAGNE-Businessman, international trade consultant, lawyer
      9. KARINA GOULD-master’s degree from the University of Oxford in England.
      10. CHRYSTIA FREELAND-Master of Studies degree in Slavonic Studies from St. Antony’s College, University of Oxford as a Rhodes Scholar.
      11. MARYAM MONSEF-graduate of Trent University
      12. PATTY HAJDU-Bachelor of Arts degree with Honours in anthropology from Lakehead University
      13. BARDISH CHAGGER-Bachelor of Science from the University of Waterloo (UW)
      14. RALPH GOODALE-University of Regina (BA-71) and the University of Saskatchewan (LLB-72)
      15. LAWRENCE MACAULAY-Morrell regional high school Potato and dairy farmer
      16. SCOTT BRISON-Bachelor of Commerce degree in finance.
      17. DOMINIC LEBLANC-Lawyer
      18. NAVDEEP BAINS-Bachelor of Administrative Studies
      19. BILL MORNEAU-MBA from INSEAD. M.Sc. in Economics from the London School of
      20. Economics(LSE).
      21. JODY WILSON-RAYBOULD-The University of British Columbia, University of Victoria, Peter A. Allard School of Law
      22. JEAN-YVES DUCLOS-Bachelor of Arts in Economics (First-Class Honours) from the University of Alberta, and his master’s and doctoral degrees in Economics from the London School of Economics and Political Science
      23. MARC GARNEAU-Astronaut and Navy commander
      24. MARIE-CLAUDE BIBEAU-bachelor's degree in economics and a graduate diploma in environmental management from Université de Sherbrooke
      25. JIM CARR-McGill University (1977–1979), University of Manitoba
      26. MELANIE JOLY-Lawyer
      27. DIANE LEBOUTHILLIER-Université de Moncton (Social worker)
      28. CATHERINE MCKENNA-International trade lawyer
      29. HARJIT SINGH SAJJAN-Police officer and soldier
      30. AMARJEET SOHI-City Councillor
      31. KIRSTY DUNCAN-Medical geographer
      32. Justin Trudeau-Graduates from McGill University with a B.A. in Literature, B.A. in Education at University of British Columbia

      Delete
    3. හැම තැනම වංචා වෙන්න පුළුවන් , නමුත් එය අහුවුනාම වත් ඊට නීතිය ක්‍රියාත්මක වෙනවා මේ රටේ , අපෙ රටේ වැරදි කර තරමට දේශපාලනයේ ඉහළට යනවා.

      කැනඩා අගමැතිගේ රස්සාව ඇහුවනේ ඔබතුමා ,
      ඔහු අධ්‍යාපනය ලබන කාළ සමජා ශාලාවක සුළු රැකියාවක් කරනවා ( ඒ වෙත්දි ඔහුගේ පියා රටේ අගමැති , විශාල වත්කමක් ඇති අයෙක් , ඔහු තාත්තගේ ලොකු කම ගත්තේ නැතිව බාර් එකක සුළු රැකියාවක් කරනවා ,කොහොමද මහත්තයෝ ලංකාවේ උනානම් ) ඒ තඅරේ ඔහු මැක්ගිල් විශ්විද්‍යාලයෙන් සහ බ්‍රටිෂෟකොලොම්බියා විශ්ව විද්‍යාලයෙන් උපාධී දෙකක් ලබා ගන්නවා.

      ඊට පස්සේ ඔහු වැන්කුවර් වල ගණිත , නාට්‍ය කරණය , ඉංග්‍රිසි සහ සමාජ අධ්‍යාපනය උගන්වන ගුරුවරයෙක් ලෙස සේවය කරනවා ඒ අතරේ බොක්සිං ක්‍රීඩාවෙත් යොදනෙව ( විවිධ සමාජ සත්කාර වලට මුදල් උපයා දීමට තරඟ වලට එනවා) , CBC රූපවාහිනයේ වැඩසටහන් වල යෙදෙනෙවා.දැන් ඔහු රටේ අගමැති , තවම වයස 48යි. ඔහුගේ ප්‍රතිපත්ති පිළිබඳ විවිද තිබෙන්න පුළුවන් . මට එය වැදගත් නැහැ . මොකද මම කිසිම දේශපාලකයෙන් වන්දනාවේ ගියෙත් , යන්නෙත් නැහැ.
      ඇත්ත චීනයෙ ආර්ථික බලපෑම ගෝලීයයි , නමුත් චීනය කැනඩාවට බලපෑම් කළ හැකි අයුරින් ණය උගුළට දාගෙන නැහැ. (අපේ ලංකාවට සද්දේ දාන්නේ ලංකාව චීනගේ ණය උගුලෙ වැටිලා , ඇත්තටම “කැමැත්තෙන්ම වටිලා“ නිසා) පහුගිය දින වල සිදුවීම වුනත් නීතියට අනුව විසදුවා මිසක , චීන බලපෑමකට යටත් වුනේ නැහැ.

      මේ ලියා ඇත්තේ මට , මගෙ පවුලේ අයට දැනුනු දේය , “සීතල “ අපට ගැටළුවක් නැත. ගැටළුවක් කරගෙන වැඩක්ද නැහැ . ඒ සඳහා අවශ්‍ය ඇගළුම් , උපකරණ ඇත්නම් සීතල තවත් එක් අංකයට පමණි.

      උගත්කමට තැන දෙනවා යි මා කීවේ , ලංකාවේ ගෙනා “මහන්තත්ව“ කමට නොව , එය කැනඩාවට ඇතුළු වීමේදීම හලා ආයුතු දෙයකි. ඒ “ලංකාවේ උගත් මහන්තත්තව කම“ හලා , කැනඩාවේ රාජ්‍ය විශ්විද්‍යාලයට හෝ කොලීජියක අඩුම ගණනේ ඩිප්ලෝමාවක් වත් හදාරා ඇත්නම් , Resumeයක් ලියන්නට , interview එකකට මුහුණ දෙන්නට ශක්තිය ඇත්නම් , රටේ රැකියා එක්රැස් වන්නේ කොතැනදැයි විමසන්නට “ප්‍රාෙයා්ගික නුවණක් ඇත්නම්“ උගත්කමට තැනක් දෙනවා කියන්නට මට වෙනත් උදාහරණ අවශ්‍ය නොවන්නේ මා සහ මගේ බිරිඳ ලද අත්දැකීම් අනුවයි. උගත්කමට පමණක් නොව අප ලංකාවේ ලබා ඇති අත්දැකීම් පවා තැනක් ලැබෙන බව මේ රටේ සෞඛ්‍ය සේවයේ යෙදෙන ශ්‍රි ලාංකිකයන් දනී.

      සිරි ලංකාව සුන්දර රටකි , එහි මිනිසුන් බහුතරය සුන්දර මිනිසුන්ය එහි තර්යක් නැත. එය විනාශ කරන්නේ “දේශය පාලනය කරන“ දූෂිතයන් සහ ඔවුන් වන්දනා කරන “නාමික මිනිස්සුයි“ .

      කෙසේ වෙතත් මෙයත් සටහන් කරමි , මේ ලියන්නේ මා ලද අත්දැකීම් මිසක අනුන්ගේ ඔපාදූප නොවේ , ඒ ලියන්නේ ද මේ රටට එන්නට කැමැත්තෙන් ඉන්නා යමෙකුට “ඇත්ත“ ඇති සැටියෙන් දැන ගන්නටය.

      නැවතත් තුති ඔබතුමාට මේ ලිපි කියෙව්වාට , ආවේගය , සත්‍යය අන්ධකරවන නිසා ඔබතුමා මේ පිළිතුර කියවා යමක් වටහා ගත්තා නම් මට සතුටක්!

      Delete
  4. බොහොම ස්තුතියි. දීර්ඝ කොමෙන්ට් රිප්ලයි කීපයක්ම ලියා තිබෙනවා, ලොකු ලැයිස්තුවකුත් එක්කම. කැනඩාවේ අනිත් පැත්ත ගැන කිව්වම රිදිලා වගේ.
    *** නමුත් මා සමඟකටයුතු කළ “First nation/Cree “ මිතුරන් සහ සේවාලාභීන්ගේ අත්දැකීම නම් , රජයේන විවිධ සහණ ලබා දුන්නත් ඒවා අදාල ජන කොට්ඨාශවල නායකයින් විසින් තම භාවිතයට ගෙන තම ජනයාට ලැබීම වලක්වන බවයි***
    ඉතින් ඕකම නේද මහත්තයෝ ලංකාවෙත් වෙලා තියෙන්නේ.
    *** කොළඹ අවට , හම්බන්තොට අවට ( මගේ අත්දැකීම් අනුව) පිරිසිදු වතුර ටිකක් ගන්න ක්‍රමයක් නැතිව දුක් විදින මිනිසුන් කොතරම්ද ***
    ලංකාවේ අඩු පාඩු අහන්නේ ඇයි ඔය 'වාසනාවන්ත, ධනවත් රටේත් නැතිකොට.
    **එහෙම නැතිව “අපට රස්සා දියව් “කිය කිය රජයට බැන වදිමින් ඉන්නවා නම් එයම කාළය කෑමක්.***
    අනිවාර්යයෙන්ම ඒක එවුන්ගේ මෝඩකම. ඒකේ දෙකක් නැහැ.
    *** මේ රටක අධ්‍යාපනය ලබන අයෙකුට , සුදුසුකම් ඇත්නම් “සම්මුඛ පරික්ෂණයකට මුහුණ දිය හැකි “ හැකියාව ඇත්නම් , රැකියාවක් සොයා ගන්නට “ඇමතිතුමා“ ගේ චිට් එක අවශ්‍ය නැහැ.***
    ඇමතිතුමාගේ චිට් එක අවශ්‍ය නොවන්නේ බොහෝ රස්සා private sector එකේ නිසා. ලංකාවේ කවුරුවත් private sector එකේ රස්සා දියව් කියල පෙළපාලි යනවා හීනෙකින් වත් අහල තියෙනවද. Don’t compare apples to oranges. Not even royal gala with mackintosh!
    කැනඩා අගමැතිගේ රස්සාව.
    කරුණාකරලා මේක ලංකාවත් එක්ක සංසන්දානය කරන්න යන්න එපා. ලංකාවේ ශිෂ්‍යයන්ට පාට් ටයිම් ජොබ් කියල දෙයක් තියෙනවා කියල අඩුම ගානේ අහලවත් තියෙනවද. ජස්ටින් උගන්නල තියෙනවා කිව්වට හරි හමං ජොබක් කරලා නැහැනේ. කළත් ඒක මාස කීපයක් නේ. ඉන් පස්සේ මොකද කළේ. අන්න එකනේ කවුරුත් කියන්නේ නැත්තේ.
    ** කැනඩාවේ රාජ්‍ය විශ්විද්‍යාලයට හෝ කොලීජියක අඩුම ගණනේ ඩිප්ලෝමාවක් වත් හදාරා ඇත්නම් , Resumeයක් ලියන්නට , interview එකකට මුහුණ දෙන්නට ශක්තිය ඇත්නම් , රටේ රැකියා එක්රැස් වන්නේ කොතැනදැයි විමසන්නට “ප්‍රාෙයා්ගික නුවණක් ඇත්නම්“ උගත්කමට තැනක් දෙනවා කියන්නට මට වෙනත් උදාහරණ අවශ්‍ය නොවන්නේ මා සහ මගේ බිරිඳ ලද අත්දැකීම් අනුවයි.**
    පහුගියකාලේ කැනඩාවේ විශ්ව විද්‍යාලයක ආචාර්ය තුමියක් රිසර්ච් එකක් කරලා තිබුන. එකම resume එක නම් කීපයකින්ම යවල. ඉංගිරිසි නමින්, චීන නමකින්, ඉන්දියන් සහ අරාබි ආදී වශයෙන්. interview එකට කතා කලේ කාටද කියල එයාගේ පේපර් එකේ තියෙනවා.
    ගණිතයට හෝ නුතන විද්‍යාවට අනුව නං x=1 ට සත්‍ය නම් x=2 ටත් සත්‍ය නම් x=n ටත් සත්‍යනම් අන්න එක පිලිගතහැකියි.
    ඔබ දෙපල කියන්නේ මුළු කැනඩාවම නෙවේනේ. ඔබගේ පෞද්ගලික දේවල් රටේ හැමෝටම අදාලයි කියන්න තරම් ඔබ මෝඩයෙක් නොවේ යයි සිතමි.
    කැනඩාවේ බොහෝ දෙනෙක් වගේ ass off වැඩ කරලා ගෙදර ඇවිත් පොඩි BBQ එකක් දාල බියර් එකක් ගහල netflix බල බල 'වාසනාවයි' කිය කිය ඉන්න වෙලේ පොඩ්ඩක් පොලවේ පය ගහල වොලන්ටියර් පාරක් දාල රටේ වෙන්නේ මොනවාද කියල හෙව්වොත් ඔබේ ඔය පාට කන්නාඩි නිකම්ම ගැලවිලා යාවි.
    ඔබ ලංකාවේ වැරදි කියනවා. වැඩිහිටියෙක් විදියට ඔබ එව්වා වෙනස් කරන්න මොකවත් කලේ නැහැ නේද. ලජ්ජා හිතෙන්නේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. සමාවන්න ,
      1)එහෙම කිසිම රීදීමක් නැත , කළේ පවතින තත්ත්වය පෙන්වා දීම පමණි.
      2) විය යුත්තේම එය නොවේද ? රජයෙ රස්ස හොය හොය මරා ගන්න වේලේ.
      3)ජස්ටින් ටෘෘඩෝ ගේ පෞද්ගලික ජීවිතය මට වැදගත් නැහැ , මට වැදගත් ඔහු නියෝජනය කරන ප්‍රතිපත්ති විතරයි.
      4)ඔබ කියූ රිසර්ච් එක ඇත්ත , නමුත් වෘත්තීය සුදුසුකම් ඇත්නම් “නමේ ප්‍රශ්නේ“ යට දාගන්න පුළුවන්.
      5)මම , මගේ අත්දැකීම් කතා කළේ , අප පොළොවෙ පය ගහන ඉන්න, සාමාන්‍ය මට්ටමේ මිනිස්සු නිසා , අපට වඩා වෘත්තීයව ඉහළ තල වල ඉන්න ශ්‍රී ලාංකිකයන් එමටයි , ඒ අත්දැකීම් මීට වඩා වෙනස් . නමුත් මේ කියන දේ “කරන්න පුළුවන් නිසයි“ අපේ සාමාන්‍ය අත්දැකීම බෙදා ගන්න උත්සාහ කළේ.
      6) මේ ලියන මම සෞඛ්‍ය සේවයේ ඉන්න නිසා , රටේ ඇත්තටම වෙනදේ හොඳටම පේනවා  , ඒ වගේම අප මේ රටේ පළාත් තුනක රජයේ සහ ප්‍රජාවට අනුබද්ධව සේවය කරල අත්දැකීම් තිබෙනවා . අන්න ඒව තමයි මේ බෙදා ගත්තේ. ඒ නිසා ගලවන්න පාට කණෟනාඩා නැත.
      7) ලංකාව තුල සිටි කාළය තුල , දේශපාලනිකව සහ වෘත්තීය සේවා අංශයෙන් යහපත් යමක් කරන්නට අප කටයුතු කළා , ඒ පිළිබඳව මා සේවය කළ ආයතන සහ ප්‍රෙද්ශ වලින් සොයා බලන්නට පුළුවන්. කළ දේවල ලියන උලුප්ප ගන්නට කිසිවක් නැති නිසා , “එන්නට ඉන්න කැමති “ කෙනෙත්ට යමක් ගන්නයි මේ ලියා ඇත්තේ“ , ඔබේ අදහස් දැක්වීමට ගෞරව කරනවා . නමුත් මෙතැනින් එහාට මට ඔබට පෙන්නුම් කරන්නට කිසිවක් නැහැ . ස්තුතියි ඔබට , සුබ දවසක් වේවා! 

      Delete

ඔබේ අදහස් දැක්වීම , තවත් ලිපියක් ලිවීමට මා යොමු කරයි ....

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , සතියකට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)