2018/03/22

මුහුණු පොතේ BFF (Best Friend Forever) ද ?

මේ දිනවල මුහුණු පොතේ පැතිර යන, තවත් එක්තරා ව්‍යාජ පණිවිඩයකි. ඒ යම් පිංතූරයක් යටින BFF ලෙස සටහන් කළ විට එය කොළ පාටින් වර්ණ වේ නම් තම ගිණුම ආරක්ෂිත බව කියැවෙන ව්‍යාජ ප්‍රවෘත්තියයි.


මේ BFF ලෙස සටහන් කළ විට කොළ පැහැවීම තුලින් තම ගිණුමේ ආරක්ෂීත බව පිළිබඳව කිසිවක් කිව නොහැකි අතර මේ වර්ණවත් වීම සහ ගිණුමේ ආරක්ෂාව අතර කිසිදු සම්බන්ධකමක් නැත.



මෙම වර්ණවත් අකුරු සහ ඊට සම්බන්ධ දෘශ්‍ය නිර්මාණ සහිත Text Delight, facebook සමාගම විසින් හඳුන්වාදුන් තවත් නිර්මාණයක් පමණි.

ඔබෙ ගිණුමේ ආරක්ෂාව පිළිබඳව මෙම අකුරු වර්ණවත් වීම කිසිදු සාක්ෂියක් නොසපයන අතර ගිණුමට වෙනත් අයෙකු ඇතුළු වී ඇත්දැයි සොයා ගැනීමට settings--->Security and Login තුලින් යම් අදහසක් ගත හැක.

තවත් මෙලෙස වර්ණවත් වන සහ දෘශ්‍ය ප්‍රයෝග ලබා දෙන කෙටි යෙදුම් සහ වචන කිහිපයකි මේ.
Rad හෝ Radness
Congratulations හෝ Congrats
XO, XOXO,XOXOXO
you got this
you’ve got this
Congrats
Congratulations


4 comments:

  1. මාත් දැක්ක ඕක පේජ් කීපෙකම ෂෙයා කරල තියෙනව. ඒ වගේම ඒකට අහුවෙච්ච හෙන සෙට් එකකුත් ඒ පිටිපස්සෙ හිටිය. හැක්..

    ReplyDelete
    Replies
    1. මේ වගේ දේවල් පසුපසින් යන්න නම් අපේ රටවල මිනිස්සු හරිම හපන්නු. ස්තුතියි මිතුර.

      Delete
  2. Replies
    1. ස්තුතියි මිතුර.

      Delete

ඔබේ අදහස් දැක්වීම , තවත් ලිපියක් ලිවීමට මා යොමු කරයි ....

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , දින 30කට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)