2017/08/16

213) වඳ දෙන “තිසරපටේ උද්දාමය“

දවසේ වැඩකටයුතු නිමාවුනාම විනාඩි කිහිපයක් මුහුණූ පොත මත එහා මෙහා දුවමින් අද දවසේ අහන්න දකින්න නොලැබුණූ අළුත් ප්‍රවෘත්ති  , රස කතා වගේම සුන්දර ගී කිහිපයකත් රස විඳින එක දැන ජීවතේ එක අංගයක් වෙලා.  පහුගිය දවසක ඒ විදියට එහා මෙහි යත්දි හමුවුනු මේ තරුණූ නිර්මාණකරුවන් ගැන මුලින්ම මෙ කියවන ඔබ දැනුවත් කරල ඉන්න හිතුනා . සමහර  විට ඔබ දැනටමත් මොවුන්ගේ දක්ෂතා දැකල විඳල ඇති.



2017/07/11

212) තන නොතන නිදි නොදෙන ඇස් ගහන ඇට කඩන “(හ)පොයි“

පහුගිය සති කිහිපයේ තිබුණු “ගිණි රස්නේ“ට තිත් කොමාවක් තබමින් වැහ පොදක් වැටෙන්නට පටන් ගත්ත.දවසම ටිකක් අඳුරු වුනත් මටනම් අර ගිනි රස්නෙට වඩා මේ “අඳුර“ සැපයි.කොහොම වුනත් මේ අඳුරු , සීතල නින්දටම කියාපු දවසේ වුනත් “රාජකාරිය“ මග හරින්න බැරි නිසා ( මේ දවස් වල පාසල් නිවාඩු නිසා පොඩි එවුනුත් ගෙදර ඉන්න එකේ , කොහේ හරි ඇවිදින්න යන්න හොඳම දවස)  පොඩ්ඩක් විතර පරක්කු වෙලා වැඩට ආව. මගේ පරක්කුව මොකෝ , වේලාසන ආපු අයත් තවම තැන් තැන් වල කසු කුසුව . ඊයේ රැයේ අපේ ආසන්න නගරයකට වැඩුනු හිම , අයිස් ගුලි වැස්ස ගැන තමයි වැඩි කතාවක් වෙන්නේ. මොකද ඒ අයිස් බෝල නිසා රථවාහන වලට සෑහෙන හානි වුනා. කසු කුසු අස්සෙ ඒකකයට ඇතුළුවුනා .

2017/05/09

අතේ මුදලට දූෂණය වන්නෝ

අද දවසේ අපෙ ජීවිත වෙලාගෙන සිටින, අපට විඳින්නට ඇති “අපේ ජීවිත කාළය“ අපෙන් උදුරා ගනිමින් , අපේ  වියදමින් ම අපව දූෂණය කරන  අද දවසේ තාක්ෂණයේ එක්තරා පැති කඩක් ගැන මා දුටු නිර්මාණශීලී වීඩියෝවක් ඔබ අතර බෙදාගන්නයි සූදානම.

හිතන්නට යමක් ඇති නිසා , මේ වෙනුවෙන් වන පිරිවැය , අනාගතයේදී ඔබේ ජීවිත කාළය දූෂණය නොකරගන්නට හේතුවනු ඇතැයි සිතමින් සමුගනිමි.




ඔහුගේ මේ කතාවත් අහල බලන්න වටිනවා

2017/04/28

ඔබට සුබ ගමන් !

සුබ ගමන් විචාරක මහතානණි !
(පිංතූරය ගත්තේ https://sugv.wordpress.com බ්ලොග් අඩවියෙන්)
අන්තර්ජාලයේ , සිංහල බ්ලොග් පරිශ්‍රය තුල,
හමුවූ නොදුටු මිතුරානෙණි ,
ඔබට සුබ ගමන් ! 
ඔබේ දැනුම අප සැම අතර බෙදා දුන් පින
ඔබේ ගමනට යහපතක්ම එක්කරනු ඇතැයි මම විශ්වාස කරමි ! 
සොඳුරු සුව අසපුව වෙත ඔබ තැබූ අවසන් සටහන , ඔබට ගෞරවයෙන් නැවත මෙසේ සටහන් කරමි.

2017/04/25

211 ) හදට සතුට දෙන කළව පොම්පේ

කළකට පස්සේ (බ්ලොගයට බැස්සේ) දිග නැති කතාවක් කියන්නයි ආවේ. ඒ හදවතක් ගැන. හ්ම් , “හදවත“ ගැන අපි කොයි තරම්ම අහල තියෙනවද ? 

එක හදවතක් !
හදවත දෙනවා , අරගන්නවා පරිස්සම් කරනවා .....
හදවත බිඳෙනවා .. නානා ප්‍රකාර “හදවත්“ කතා . සාහිත්‍යෙය් ඉඳළ , මල් පඳුරක් ගාව තුරුළු වෙලා ගුමු ගුමු කාල ඉළන්දාරි සහ ගැටිස්සියන් දක්වාම මේ හදවත් කතා ලියැවෙනවා , කියාැවෙනවා.  කොහොම වුනත් අද ලියන්න යන්නෙ ඒ “ආදරණීය“ හදවත ගැන නොවෙයි . ටිකක් බර රාජකාරියක් කරන , ඒත් හුඟක් වෙලාවට “සත පහකට“ ගනන් ගන්නේ නැති හදවතක් ගැන. (නෑ නෑ මම කතා කරන්නේ ඔය පපුව මැද්දේ තියෙන හෘදය ගැන නොවෙයි , ඒක ටිකක් හරි ගණන් ගන්නවා නේ ) .

2017/02/26

209) බිඳෙන සිහින ගෙනෙන “රහස“

මුලින්ම සොඳුරු සුව අසපුව මාස කිහිපයක් තිස්සේම යාවත්කාළීන නොවීම වෙනුවෙන් සමාව ඉල්ලා සිටිනවා. හේතු ගණනාවක් නිසා ලියන්න තියා මේ පැත්තට , සිංහල බ්ලොග් වල ගැවසෙන්නට ලැබුණෙ නැහැ. කොයි දේත් “පහු පහු වෙන කොට කොහු කොහු“ වෙනව කියනව වගේ වෙන්ට නොදි ඉඳළ හිටල හරි කාටහරි වැදගත්වේවි කියල හිතෙන යමක් ලියන්නට ඇති උත්සාහය අතහරින්නේ නැහැ. ඊට හේතුව 2011 ඉඳළ මේ දක්වා ලියපු දේ දිහා නැවත හැරිල බලත්දි එන සතුට. පූර්විකාව අවසන් කරල අද කතා කරන්න තියෙන දේට එමු. මේ ලියන මම කවුදැයි නොදන්නවා නම් , මෙන්න මේ පිටුවට ගිහින් ඒ ගැනත් දැන ගත්තාට කමක් නැහැ , මුලින්ම සොඳුරු සුව අසපුවට පැමිණියානම් ඔබ‍.

එදත්  අදත් බයිසිකලේ 
කාළය මතක විදියට අසූ නමයේ අනූවේ විතර , දීපය නම් සිරි ලංකාවේ , අහංගම කියන සුන්දර ගම්මානේ. ගිනිමද්දහනට ලංවෙලා , “නිල්පාට රොන්සන් “ බයිසිකලයක් පැදගෙන , කළු උස හීනදෑරි කොළුවෙක් බොහොම වේගෙන් ටවුමෙ පත්තර කඩේට ආව . 
“ ආ මල්ලී , කොහොමද  ? අද ඉස්කොලේ නැතයෙි ? “ පත්තර ලෑල්ලේ අයියගේ පළමු ප්‍රශ්නය 
GL 56 නැතත් 58 නම් හම්බවුනා http://sltbbus.blogspot.ca
(පිංතූරය එකතු කරගන්නට අවසර දුන්නාට ස්තුතියි උත්පල දිල්හාන්)
“ නෑ අයියා , අද  GL 56  ආවේ නෑනේ , සමාධි ආවේ , නැවත්තුවේ නැහැනේ , ඒ පාර ගෙදර ගියා , මේ දවස් වල ඉස්කොලේත් වැඩක් කෙරන්නේ නැහැනේ ?“ කොළු ගැටයා විස්තරාත්මක උත්තරයක් දුන්නා.