2016/01/20

188) නිකං කරල සැපක් ගන්න “රස රහසක්“

“අනේ මන්ද මෙයා , දැන් මාස පහකුත් වෙන්න ආවනේ , තවම නෑනේ හොඳ ජොබ් එකක් සෙට් වුනේ “ ටිකක් දුර ඈතක ඉන්න මිතුරියක් මනෝජත් එක්ක දුරකථනයෙන් ,
“ඔයා වොලුන්ටියර් කරනවද ? “ මනෝජ අහපු  පළමු ප්‍රශ්නය
“ නෑ අනේ කොලේජ් එකෙන් දුන්න පැය ගණනට වඩා කරන්න ගියේ නැහැ , අනෙක් ලේසිත් නැහැ අනේ වොලුන්ටියර් කරන්න තැනක් අල්ලගන්න එක“ අපේ මිතුරින් පිළිතුරු දෙනවා .
කතාව ටික ටික ඇදෙනවා ,  සාරාංශය නම් ටිකක් සංකීර්ණයි,  ඇය වෛද්‍ය විද්‍යාවට සම්බන්ධ පාඨමාලාවක් කරනවා ලොකු අපේක්ෂාවක් මත , නමුත් තවමත් ඊට අදාල රැකියාවක් සොය ගන්නට බැරි වෙලා .


මොකද මේ රටක රැකියාවක් හොයා ගන්න එක අමාරු දෙයක් , ඔය පත්තර වල කැනඩාවට, ඔස්ට්‍රේලියාවට යවන අය කියන තරම් ලේසි නැහැ ඒක. එ් වගේම රැකියාවක් නොකර ජීවත් වෙන්නත් බැහැ . ඉතින් ඔය කාල සීමාව හරිම මානසික ආතතියක් විඳින කාළයක් .වෙනත් රටවල කෙසේ වෙතත් කැනඩාවට එන කිසිම කෙනෙක් දැනට ලබල තිබෙන අධ්‍යාපන සුදුසුකම් වලින් ආ ගමන් ජොබ් එකක් හොයා ගන්න අමාරුයි , අඩුම තරමේ එම ක්ෂේත්‍රෙය්ම කෙටි කාළීන පුහුණුවක් / අදාල විභාග නිමාකරන තුරු “අපේකෂා කරන තත්ත්වයේ රැකියාවක්“ ලබා ගන්න ලේසි නැහැ. (මම මෙතැන  කියන්නේ  තමන්ගේ වෘත්තිය / අධ්‍යාපනික තත්ත්වයන්ට ගැලපෙන රැකියාවක් .)

මේ රටතුල හදාරන පාඨාමාලාවන්  , මුහුන දෙන විභාග වගේම තවත් වැදගත් දෙයක් තමයි Volunteer කළ කාළය . එය කොයිතරම්ම වටිනවාදැයි කීවොත් බොහෝ වෙලාවට යම් ආයතනයක් තුල ස්වෙච්ඡා වෙන් සේවය කළ කාළය ‍රට තුල වෘත්තීය අත්දැකීමක් ( Canadian experience)  ලෙසට පිළීගන්නවා. . එ් නිසාම Volunteering එහෙම නැත්නම් “ස්වෙච්ඡා සේවය“ කියන සංකල්පය පාසල් කාළයේ ඉඳළම දරුවන්ගෙ මනසට ඇතුළු කරනවා . සමහර ශ්‍රේණිවලදි එය අනිවාර්යයි . විශේෂයෙන්ම විශ්ව විද්‍යාලයට
මේ ඉන්නෙ අපේ පිහිනුම් පුහුණූකරුවෝ ටික 
ඇතුළු වෙත්දි , ශිෂ්‍යත්ව සඳහා තෝරා ගනිත්දි මේ Volunteer පැය ගණන් ගැන විමසනවා. මේ ඔස්සේ  යමින් මගේ ලොකු කෙළීත්  ගිය අවුරුද්දේ  ගමේ තියෙන පිහිනුම් තටාකයේ ස්වේච්ඡා පුහුණුකරුවෙක් විදියට සේවය කළා (නියමිත වයසට පෙරම අදාල පිහිණුම් විභාග සමත් වී තිබීම නිසා)   , කිසිම මුදලක් ගෙවන්නේ නැහැ , නමුත් එය  සතුටක්  ,ලොකු අත්දැකීම් එකතු කර ගැනීමක්.ඒ සතුට කෙතරම්ද කියතොත් , මේ දවස් ටිකේ පිහුණුම් තටාකය වසා තිබෙන නිසා වෙනත් සමාජ කටයුතු මඟින් මේ ස්වේච්ඡා අත්දැකීම ලබා ගන්නට ස්වයං පෙළඹවීමක් ඇති වෙලා.


මොකක්ද මේ Volunteering කෙරිල්ල කියන්නේ ?

නිකං දිමේ සතුට ! 
මෙහෙමයි ඔබ පාසල් වයසේ වුවත් , රැකියාවක් කරන වයසේ වුවත් , තමන්ට යම් වෘත්තීමය , ආයතනිකමය අත්දැකීමක් ලබා ගන්න පුළුවන් ක්‍රමයක් මෙය. මෙතැනදි සිදුවන්නේ , මෙලෙස අත්දැකීම් ලබා ගන්නට අපේක්ෂා කරන පුද්ගලයා , තමන් ස්වේච්ඡාවෙන් අදාල ආයතනය තුල සේවය කිරීමට කැමති බව දක්වමින් ඉල්ලීමක් කරනවා. එතැනදි අදාල ආයතනයට මිනිස් සම්පත් අවශ්‍යතාව තිබේ නම් , අදාල ඉල්ලුම්කරුගේ පසුමිබ් විස්තර , පොලිස් වාර්තා  ‍, අධ්‍යාපන තොරතුරු ආදිය විමසීමෙන් පසුව , අවශ්‍ය මට්ටමේ සිටී නම් , ස්වෙච්ඡාවෙන් තම ආයතනය තුල සේවය කරන්නට අවස්ථාවක් ලබා දෙන්නට පුළුවන්. මෙ සඳහා කිසිදු ගෙවීමක් කරන්නට ආයතනය බැඳිල නැහැ . ඒ බව ඉල්ලුම්කරන්නා දන්නවා. දැන් යම් කාළසීමාවක් , ස්වෙච්ඡාවෙන් , පැවරුම් කළ රාජකාරි කරන්නට අදාල ඉල්ලුම්කරුට අවස්ථාව ලැබෙනවා. සාමාන්‍යෙයන් මෙලෙස සේවය කරන ස්වෙච්ඡා පැය ගණන , කාළ සීමාව පිළිබඳ ලිඛිත සටහන් තබා ගන්නා ආයතනයේ මානව සම්පත් නිළධාරින් එම තොරතුරු පාසලට හෝ රැකියාවක් ඉල්ලුම් කරන අවස්ථාවක ලබා දෙනවා. එය සමහර විට  අධ්‍යාපන සහතික වලට වගේම වටිනාකමක් තිබෙන වාර්තාවක් වෙන්න පුළුවන්.

දැන් ඔබ කියන්න පුළුවන් “ඔය එක එක රට වල කයිවාරු “ කියල , නමුත් අද කියන්න හදන්නේ  අපේ රටටත් මේ Volunteering ක්‍රමය පාසල් දරුවන්ට හඳුන්වා දෙන්නට පුළුවන් නම් යම් වැදගත් වෙනසක් වේවි කියල හිතන්න පුළුවන් බව. මොකද අපේ රටේ රැකියාවකට ඇතුළු වන බොහෝ “කෝඩුකාරයින්ට‘ / මුලින්ම රැකියාවකට එන අයට  , සිද්ධාන්ත දැනුම ඇතත් , ආයතනික ප්‍රාෙයා්ගික දැනුමක් නැහැ.
මේ නිසාම විවිධ උපාධී  ඩිප්ලෝම සමඟ මුලින්ම රැකියාවකට එන දරුවන් ,

  • ආයතනයක් තුල හැසිරිය යුතු ආකාරය , 
  • කණ්ඩායමක් සමඟ සුහඳව කටයුතු කරන ආකාරය , 
  • සම-කණ්ඩායමේ සාමාජිකයකු සමඟ ඇති වන ගැටළුවක් නිරාකරණය කරගන්නා ආකාරය 
  • අළුත් තාක්ෂණය සමඟින් කටයුතු කරන ආකාරය , 
  • තමන්ගේ සේවා ලාභීන් සමඟ ගණුදෙනු කළ යුතු ආකාරය , ගැන අත්දැකීමක් නැහැ. 
මේ හේතුවෙන් කළක් යනතුරු එවන් අළුත් සාමාජිකයන්ගේ කාර්යක්ෂමතාව පහළ මට්ටමක පවතිනවා වගේම , ඔවුනුත් මානසිකව ලොකු පීඩනයක ජීවත් වනවා . නමුත් මේ රැකියාවට එන්නට පෙර “ස්වේච්ඡාවෙන් “ මේ ආයතනය තුල සේවය කරලා තිබුණානම් , ආයතනය ගැන , එය ක්‍රියාත්මක වන පරිපාලනය වන ආකාරය ගැන අවබෝධයක් තිබෙනවා වගේම , “තමන් මෙතැනට අළුත්  කෙනෙක් “ කියන හැඟීම එන්නෙ නැහැ . “මෙැතැන මගේ තැනක්“ බවට පත්වෙන්නෙ නිරායාසයෙන්. එයයි මේ Volunteering වල ඇති “රස රහස“


දැනටත් අපේ රටේ සමහර වෘත්තිය පුහුණූ , උපාධිවල කොටසක් විදියට ආයතනික පුහුණුව තිබුණත් එයින් පෙර ක්‍රමයේ තරම්ම අත්දැකීම් සහ සතුටක් ලැබෙනවද කියල මට විශ්වාසයක් නැහැ . මක් නිසාද මමත් එවන් පුහුණූ ආයතන කිහිපයක සේවය කර ලද අත්දැකීම් අනුව  සිසුන් , තමන් ලද සිද්ධාන්තමය පුහුණුව , ප්‍රාෙයා්ගිකව අධ්‍යයනට කරන්නට මෙවන් ආයතන වෙත ගියත් , ඒ යන්නේ “අපි කෝස් එකට ගෙවල තියෙන්නේ  , ඉතින් එයාල අපට මේටික දෙන්න ඕනේ“ වගේ ආකල්පයකින් , අනෙක මට දැනුනු දෙයක් ඔවුන් මානසිකව විදවනවා “ අපි නිකං වැඩ කරන්නෙ “ වගේ අදහසකින් , කොයිතරම් පැහැදිලි කළත් “මේ නිකං කෙරිල්ලෙන් ලැබෙන වෘත්තීය අත්දැකීම් කොයි තරම් වැදගත්ද “ කියල ඒක හිත් ඇතුලට යවන්න ටිකක් අමාරුයි . නමුත් පාසල් කාලයේ ඉඳළම “ස්වේච්ඡා සේවයේ “ වටිනාකම , අවශ්‍යතාව ගැන වැටහීමක් තිබුණානම් ඔවුන් එම “නිකං කරන කාළය“ ජීවිතයට එකතු කරගන්නවා වගේම සතුටකුත් විදිනවා.

Volunteering නිසා කාට මොනවද ලැබෙන්නෙ ?

Volunteering නිසා  ආයතනනයට නොමිිලේ මානව සම්පතක් ලැබෙන අතරේ “ස්වේච්ඡා සේවයකයාට“ අළුත් අත්දැකීම් ලබා ගන්නට , අළුත් කණ්ඩායමකට මුසුවන්නට , ආයතනයේ වගකීමක් ඇති පුද්ගලයෙක් ලෙස කටයුතු කරන්නට අවස්ථාවක් ලැබෙනවා . දින කිහිපයකදි “ස්වෙච්ඡා සේවකයා“ ආයතනයේම තවත් කොටසක් බවට පත්වෙන්නේ කාටත් නොදැනීම . ඒ ඔස්සෙ ඔහුට / ඇයට මානසිකව ලොකු තෘප්තියක් වගේම , සමාජය වෙතින් ලොකු ගෞරවයක් ලැබෙනවා , එය මිල කරන්න බැරි තරම් .

තමන් ලද විෂයානුබද්ධ දැනුම , අධීක්ෂණයක් යටතේ ප්‍රාෙයා්ගිකව අත්විඳිමින් කරන මේ “ස්වේච්ඡා සේවය“ කාළය තුලම , තමන් ගේ ඉදිරි රැකියාවට මාවත පෑදෙන්නට අවස්ථා ඉහළයි. බොහෝ අවස්ථා වල තම ආයතනය තුල “ස්වෙච්ඡා වෙන් කටයුතු කළ “ අයට රැකියා දොරටු විවෘත කර දෙන්නට බොහෝ ආයතන කැමැත්තක් දක්වන්නේ  , එමඟින් තමන්ගේ සේවක කණ්ඩායමට එක්වන නව සේවයකයා ආයතනය සහ ක්‍රියාකාරීත්වය පිළිබඳ දැනටමත් දැනුමක් ඇති නිසා ඔහුගෙන් කාර්යක්ෂම සේවයක් මුල සිටම ලබාගන්නට හැකිවීම නිසාවෙන්. මේ තත්ත්වය , බැංකු , රෝහල් , සෞඛ්‍ය ආයතන , ප්‍රධාන පරිගණක සමාගම් දැනට ක්‍රියාත්මක කරනවා. ඔවුන්ගේ රැකියා ඉල්ලුම්පත් වල “ අප ආයතනය තුල ස්වේචඡාවෙන් සේවය කර ඇත්ද ? “ කියන ප්‍රශ්නය ඔස්සෙ විමසන්නෙ මේ කරුණයි.

මේ රැකියා සඳහා අවස්ථාවන් වගේම , “ස්වෙච්ඡාවෙන් සේවය“ කරන කාළය තුල අදාල ආයතනය තුල දී විවිෂ ක්ෂේත්‍ර වන ඉහළ පෙළේ නිළධාරින් , වෘත්තිකයන් සමඟ උරෙනුර ගැටී කටයුතු කරන්නට අවස්ථාවක් ලැබෙනවා. ඒ කටයුතු කිරීමෙදි , ආයතනයේ  වැටුප් ලබන සේවකයෙක්ට වඩා මේ ස්වෙච්ඡා සේවකයා පිළීබඳ සැළකීමක් , විමසීමක් සිදුවන එක ප්‍රාෙයා්ගිකව සිදුවන්නක්. මේ විමසීම් , හමුවීම් ඉදිරි දිනකදි තමන් අපේකෂා කරන වෘත්තීය මාවතට යොමුවීමට උපකාර වන අවස්ථා ඉහළයි.

අර්ධය සම්පුර්ණ කරගෙන රස්සාවට එන්න 

දැන් ඔබ අහන්න පුළුවන්
          “කොහේද මේ ළමයින්ට වොලුන්ටියර් කරන්න දෙන්නේ ?“ කියලා ,
මුලින්ම මේක අවශ්‍යතාවයක් ලෙස හඳුනගන්නවා නම් එයට මගක් තිබෙනවා . මෙහෙම හිතමු සාපෙල / උසස් පෙළ කරන දරුවන්නට ගමේ පාසල , පුස්තකාළය , පන්සල  , පල්ලිය වගේම  ගම ආශ්‍රිත ව්‍යාපාරික ප්‍රජාවේ සහයෝගයේ විවිධ ආයතන වලත් වැඩකටයුතු කරන්න පුළුවන් වේවි. විශ්ව විද්‍යාල , වෘත්තීය පුහුණූ ආයතන වල ඉන්න දරුවන්ට ඊට වඩා ටිකක් සැළසුම්ගත , සංවිධාන , විවිධ සමාගම්  , රජයේ ආයතන වල තම ස්වෙච්ඡා පැය ගණනක් කටයුතු කරන්නට දෙන්නට පුළුවන් වේවි. නියමිත පෙළඹවීම සහ අවශ්‍යතාව හඳුනාගන්නවා නම් “තැන් හොයාගන්න එක“ ලොකු ප්‍රශ්නයක් වෙන එකක් නැහැ.

එතකොට ඕවට වෙලාවක් කොයින්ද ?

මේ ක්‍රමය පාසල් ළමුන්ට හඳුන්වා දෙනවා නම් , යම් වසරක් තුල අවම පැය ගණනක් සමඟින් , ඔවුන්ට පුළුවන් ඔවුන්ගේ පාසල් නිවාඩු කාළය තුල , නැත්නම් සති අන්තය යොදා ගනිමින් මෙම වෘත්තීමය අත්දැකීමත් ලබා ගන්නට , කොහොමත් ඒ කාළේ අම්ම තාත්තගේ රැකවරණය තුල ඉන්න නිසා අමතර වියදමක් අවශ්‍ය වෙන එකක් නැහැ. රැකියා අපේකෂිතයෙක් නම් තම පුහුණූව , පාසල් අධ්‍යාපනයට පසුව , “රස්සාවක් නැහැ“ කියමින් අඬ අඬා හෝ “දියව් දියව් අපට දියව් “ කියමින් පෙරළි කරන ඉන්න කාළේ , මාස කිහිපයක් මෙලෙසින් වෘත්තීමය / රැකියාවක පුහුණූවක් නොමිලේ ලබා ගන්නට පුළුවන් නම් එය “වියදමකට වඩා අනාගත ආයෝජනයක්“ .

නිසි පිළිගත් ක්‍රමවේදයක් අනුව , ස්වෙච්ඡා සේවය සඳහා බඳවා ගැනීම් වනවා නම් , නිසි සොයා බැලීම් සිදුවනවා නම්  දොගොල්ලන්ටම කරදර ඇති වෙන ඉඩ අඩුයි. නමුත් දෙගොල්ලන්ටම වාසි වෙන ඉඩ වැඩියි. මේ සියල්ල නිසි ලෙසින් සිදුවුනොත් , සාපෙළින් , උසස් පෙළින් , නැත්නම් විශ්ව විද්‍යාලයෙන් අධ්‍යාපනය නිමා කරල රැකියාවක් අපේක්ෂා කරන දරුව , “පොතින් ලද දැනුම පමණක් ඇති“ අර්ධ මානව සම්පතක්  ලෙස නොවෙයි , පොත පත දැනුම වගේම , රැකියාවක නියුත්කව සිට ලද දැනුමත් ඇති පරිපුර්ණ සම්පතක්  ලෙස වෘත්තියට , රැකියාවට පිවිසේවි . එය රටට සම්පතක්. ඒ වගේම මේ නිසා අපේ රටේ බොහෝ ආයතන වල කාර්යක්ෂමතාව බිදින , සේවකයන් මෙන්ම සේවාලාභීන්ටද  අපහසුතා ඇති  කරන “පොර මානසිකත්වය“ බිඳින්නත් මෙය ඉවහල් වේවි , මොකද ස්වෙච්ඡා කාළයේදි “පොර “ වෙන්න අමාරුයි , හැමෝ එක්කම සුහදව සමහර විට “හැම රාජකාරියක්ම “ කරන්න වේවි . මේ තත්ත්වයත් එක්ක කළක් වැඩකරත්දි “පොර මානසිකත්වය“ බිඳෙනව වගේම , ආයතනයේ සියල්ලන් මිතුරන් ලෙසින් කටයුතු වලදි උපකාර වෙනවා , එය ආයතනයට වගේම සේවා ලාභී්න්ටත්  , මේ ස්වේච්ඡා සේවකයාටත් හොඳ අත්දැකීමක්.(ඇත්තටම මේ ක්‍රමය හොඳින් ක්‍රියාත්මක මේ රටවල ආයතන තුල “පොරවල්“  දකින්න ලැබෙන්නේ ඉතාමත් කළාතුරකින් )

නමුත් දැන් ඔබ ඇහැව්වොත් , “ අපේ ළමයින්ට ඕවට වෙලාවක් තියෙනවද , ශිෂ්‍යත්ව පංති , ඉංගිරි පන්ති , ගණන් පන්ති ....පන්ති .... පන්ති ......“ කියලා , මොකක්ද මං දෙන උත්තරේ ?

ටිකක් හිතල බලමු , එහෙම නම් ලියල Draft එකේ දින ගණනක් තිබුණු පෝස්ට් එක එළියට ඇදල දාන්න තල්ලුවක් වුනු “ඔමාගේ හීන“ ලියන ඔමාටත් ස්තුති කරමින්  සමුගන්නව අදට ( ඇයගේ මේ ලිපිය කියවත්දි http://omageheena.online.lk/2016/01/blog-post_19.html  තමා මතක් වුනේ මේ වගේ පෝස්ට් එකක් ලියන්න අරගෙන තවමත් ඒක ගබඩාවේ නේද කියලා :D )

නැවත හමුවන තුරු සිත සතුට , ගත සුවය රැඳේවා ! (අහන්න එපා එතකොට “පසුම්බියේ මුදල් රැඳේවා“ කියල ප්‍රාර්ථනා කරන්නැත්ද කියලා )

18 comments:

  1. ඕක ඔය වගේ රටකට වඩා ලංකාව වගේ පොතේ දැනුම පමණක් උගන්නන රටකට තමයි හුඟක් වටින්නෙ. විභාගයක් ඉහළින් පාස් වෙච්ච පලියට තමං පොර කියල හිතාගෙන හිටියට ප්‍රායෝගිකව යමක් කරන්න ගියාම අධ්‍යාපනය අතින් පහළ මට්ටමක ඉන්න එකෙක් ගාව කොර වෙන්න වෙනව.

    අනික තමංගෙ මහන්සිය නොමිලේ එහෙම පරිත්‍යාග කරන්න ඉගෙන ගත්තම ඇතිවෙන පරිත්‍යාගශීලී මානසිකත්වය නිසා කවදහරි රස්සාවක් කරන්න පටන් ගත්තම මිනිස්සුත් එක්ක සුහදශීලී වෙන්න එ්ක බලපානව.

    ReplyDelete
    Replies
    1. “මෙන්න මේ පොර මානසිකත්වය නිසා තමා අපේ හුඟක් ආයතන සේව ලබන්නන්ට වගේම සේවය කරන්නනටත් අපායක් බවට පත් කරන්නෙ “ ඒ වගේම ඔබ කී දෙවන අදහස සම්පුර්ණ ඇත්ක , ඒ සුහදශීලී මානසිකත්වය එන්නේ මෙවන් අත්දැකීම් ඔස්සෙමයි.
      ස්තුතියි ප්‍රසන්න හැමදාමත් ඇවික් සරු අදහසක් එක් කරනවාට

      Delete
  2. (අහන්න එපා එතකොට “පසුම්බියේ මුදල් රැඳේවා“ කියල ප්‍රාර්ථනා කරන්නැත්ද කියලා )/
    ඕක තමා මේ පෝස්ටුව කියවද්දි මගෙ හිතේ තිබුණ ප්‍රශ්නෙ. අපේ රටේ ජීවන වියදමේ හැටියට වොලුන්ටියර් කිරීමේදී පොඩි ගැටළුවක් එනව කියල හිතෙනව.

    ReplyDelete
    Replies
    1. ඇත්ත ඒ කතාව , නමුත් වොලුන්ටියර් කරන්නෙ සීමාසහිත කාළ සීමාවක් , සමහර විට එය පාසල් දරුවෙක් ගේ නම් පාසල් නිවාඩු කාළය වන්නට පුළුවන් . රැකියා අපේකෂීතයෙක්ට නම් මාස කිහිපයක් වන්නට පුළුවන් , “රස්සාවක් නෑ“ කිය කිය කාළෙ සහ මුදල් නාස්තිකරනවාට වඩා , මෙවන් ස්වෙච්ඡා සේවයකින් රටටත් තමන්ටත් සේවය කරගන්නට පුළුවන්. ඒතයි මේක පාසල් කාළයේ හඳුන්වා දීම වැදගත් , එකකොට “අම්ම තාත්තගෙන්“ රැකවරණය කරන කාළෙම , දරුවා සිදධාන්තමය වගේම රැකියාවක ප්‍රාෙයා්ගික දැනුමකුත් ලබා ගෙන . ස්තුතියි ඔටබ් අදහසට මිතුර , එයින් මේ ලිපියට තවත් යමක් එක් කරන්නට මට අවස්ථාවක් ලැබුණා

      Delete
  3. ස්වෙච්චා ගුරුවරු ඉස්සර පාසල් වල හිටිය, දැනුත් දහම් පාසල් වල ඉන්නවා, මා ලංකාවේදී වැඩකළ ආයතනයේත් පුහුණු වලට කැම්පස් ළමයි ආවා .

    ReplyDelete
    Replies
    1. ඔව් දහම් පාසල් වල කරන ගරු සේවය මීට හොඳ උදාහරණයක් මමත් අවුරුදු දහයක් විතර මේ අත්දැකීමේ රස විඳල තිබෙනවා. මම අදහස් කරන්නෙ මේ ස්වෙච්ඡා සේවය හුදෙක් ගුරුවරුන්ට පමණක් සීමානොවි , අනෙක් ක්ෂේත්‍ර කරා යොමුවන ලෙස , පාසල් මට්ටමේ සිට පුළුල්ව සංවිධානය වනවා නම් රටට , දරුවනට වඩාත් යහපත් අත්දැකීමක් ලබන්නට පුළුවන් බව. ස්තුතියි ඔබේ අදහසට මිතුර !

      Delete
  4. පාසල් වල ක්‍රීඩා සහ විශය බාහිර ක්‍රියාකාරකම් කරන අයට හම්බෙනවා අමුතු සෙට් එකක්.පුහුණුකරුවොත් නෙමෙයි,නැත්තෙත් නෑ.. පාසලේ අදාල අංශ වල කලින් නියැලුනු සින්නො.අතිං කයිට් කරගෙන,පාසලෙන්,දෙමව්පියන් ගෙන් බැනුම් අහගෙන පුදුම කැපවීමෙන් වැඩ කරන පිරිසක්.ඇත්තටම මොවුන් නිසා තමයි ගොඩක් වෙලාවට කණ්ඩායම් ජයග්‍රහණ ලබන්නෙ.පිලිගැනීමක් ලබාදීම බලධාරීන් සතු වැඩක්.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඕව මේ අපේ රටේ Volunteers ලා කන්ඩායමක් , නමුත් ඒ කටයුත්තෙන් ඔවුන් ලබන අත්දැකීම් , ඔවුන්ගේ අනාගතයට යෝද ශක්තියක් වෙනවා . ඒ තමයි මේ “රස රහස“ . ස්තුතියි ඔබට හැමදාමත් ඇවිත් අදහස් දක්වනවාට

      Delete
  5. මම දැකපු දෙයක් තමයි අපේ කන්තෝරුවල එහෙම දෙයක් කතාබහරලා මිනිස්සු එක්ක ගනුදෙනු කරලා දෙයක් විසදාගන්න ඉදිරිපත් වෙන පිරිස අඩුයි.. මිනිසුන් සමග කතාබහකරලා කරන වැඩ වලට වඩා පිරිස ආස කරන්නෙ ඒකාකාරී වැඩ වලට...
    මගේ රැකියාවේ මම පියන් වැඩකත් කරනවා ඉදලා හිටලා.. ඒක නිසා මට මුලු ආයතනයේ අස්සක් මුල්ලක් නෑර තියෙන අංශ වලට ගිහින් ඒ අදාල අය සමග කතා බහ කරලා වැඩ කරන්න අවස්ථාවක් ලැබිල තියෙනවා.. අපි ටෙක්නිකල් අය විදියට අපි හිතන්නෙ එකවුන්ට් පැත්තෙ..මාකටින් පැත්තෙ...කස්ටමර් කම්පෙලෙන් පැත්තෙ ඉන්නෙ වැඩකට නැති රස්සාවල් කරන අය කියලා.. මොකද අපි හිතන්නෙ අපි ටෙක්නිකල් තමයි අපි තමයි පොරවල් කියල නේ.. නමුත් ඒ අංශ වලට ගිහින් ඔවුන් මුහුනදෙන ප්‍රශ්ණ ආදිය කතා බහ කලාම අපිට වැටහෙන්න ගන්නවා ආයතනයක් කියන්නෙ එකම ජාතියෙ සේවකයො ටිකක් විතරක් පොරවල් වෙලා දියුනු කරන්න පුලුවන් පද්ධතියක් නෙමේය කියන එක..

    ReplyDelete
    Replies
    1. හරිම සතුටුයි අමිල ඔබේ අදහස . මොකද මගෙත් ක්‍රමය තමය ඒ . මා සේවය කළ හැම ඒකකයකම , වැසිකිළි පවිතකරන මගේ මිත්‍රයගේ ඉඳල , විශේෂඥ වෛද්‍යවරයා දක්වා හැම පාර්ශවයක් සමඟම මිත්‍රශීලිව සහ ඔවුනත් හැකි හැමවිටම සහයෝගය ලබා දෙමින් කටයුතු කරන්නට ලැබුණා , “පොරක්“ වීමට උත්සාහ නොකළ නිසා මගේ රාජකාරිය විතරක් නොවෙයි , රෝ්ගීන්ගේ අවශ්‍යතා උපරිමයෙන් ඉටු කරගන්නට උපකාර ලැබුණා, සමහර වෙලාවට නීතියට චුට්ටක් පිිටින් ගිහින් වුනත් රෝගියා වෙනුවෙන්උදව් වෙන්නට අනෙක් වෘත්තිකයක් පොළඹවා ගන්නට හැකිවුනේ ඒ “පොරක් නොවීම“ නිසා කියල අද මටත් හිතෙනව , සතුටක් දැනෙනවා . ඒ නිසා මගේ හිතට “මම පොරක්“ . ස්තුටක් ඔබේ සරු අදහසින් මේ ලිපියට යමක් එක් කරන්නට ලැබීම ගැන. ( තවත් ලිපියක් ලියන්න මාතෘකාවකුත් ලැබුණා :D )

      Delete
  6. බොහොම හොඳ අදහසක්. අද කාලේ අපේ රටට අත්‍යවශ්‍ය දෙයක්. විශේෂයෙන් බැංකු, රාජ්‍ය ආයතන, සංවර්ධන ව්‍යාපෘති වල, උසස් පෙළ හදාරන/ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් සිටින සිසුන් මෙලෙස යෙදවීමෙන්, පාරට බැස කෑගහන්න කලින්, රටේ ඇත්තම තත්වය මොකක්ද කියා අවබෝධ කරගන්නවා ඇති.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම විචාරක මහත්මයා , අපේ රටේ නිකං දෙන නිසාද මන්ද පුළුවන් තරමට අධ්‍යාපනය දුන්නට පස්සේ “දියව් දියව් “ කිය කියා පෙරළි කරමින් කාළේ විනාස කරගන්නේ , මේ රටවල ලොකු වියදමක් දරන්න වෙන නිසා “පෙරළි කරකර ඉන්නේ නැතිව“ පොඩි රස්සාවකින් හරි තමන්ගේ ජීවිතේ ආරම්භකරන්නයි කවුරුත් බලන්නේ. ස්තුතියි ඔබට .

      Delete
  7. මම දකින්නේ සියලු දේටත් වඩා අධ්‍යාපනය ප්‍රාෙයෝගික අත්දැකීම පුහුණුව මගින් අපිව සම්පුර්ණ කරණවා.නමුත් අද රටේ පවතින දේශපාලනය අපේ සමාජය ආයතන වගේ සියලුම අංශ ගිලගෙන.අපි තරුණ වයස කැප කරලා සහ අධ්‍යාපනය ආයතනික ප්‍රාෙයෝගික අත්දැකීම පුහුණුව ලබා ගෙන ඒ තුලින් රටට ජනතාවට සේවයක් කරනවා. ඒත් මොකුත් දන්නේ නැති දේශපාලන පත්වීම් ඉහළ පුටු වලට ඇවිත් සියලුම දේ අවුල් කරලා පොර වෙන්න හදනවා.අමිල මහත්තයාට එහෙම අය හම්වෙලා නෑ වගේ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අජිත් , ඔවැනි අත්දැකීම් අපේ රටට “පොදු“ අත්දැකීමක් වෙමින් යනව වගේ. රට කරවන තැනට “නුසුදුස්සන්“ පත් කරගන්නා අපමයි මේ අවාසනාවන්ත තත්ත්වයන්ට වගකිව යුතු වන්නේ. ඒවන් නුසුදුස්සන් විසින් “සුදුසු දෙයක්“ කරාවි කියල අපේකෂා කරන්න බැහැ නොවැ.කෙසේ වෙතත් ඔබ දක්වන කරුණ සම්පුර්ණ  ඇත්ත , ඔය යම් තනතුරක් සඳහා රට , ආයතනිකව පිළිගන්නා අධ්‍යාපන / පුහුණු වැනි දේ සම්මත ක්‍රමවේදයක් ඇත්නම් , දේශපාලකයා පත් කළත් එන්නේ දැනුමක් ඇත්තෙක් , අඩුම තරමේ එම ක්‍රමය වත් සැකසෙනවා නම් එය රටට වාසියක් .
      ස්තුතියි ඔබේ සරු අදහසත් එක් කළාට මිතුර !

      Delete
  8. පොතේම එල්ලිලා ගිරවු වගේ පාඩම් කරලා විභාග ලියන්න වෙන අපේ සිස්ටම් එකට තමයි ඔහොම දෙයක් වැඩියෙන්ම ගැලපෙන්නේ. ඒත් ඕවා ක්‍රියාත්මක වෙද්දී ඉතින් වෙන ප්‍රශ්ණ තමයි ඇති වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දිනේශ් ! , නිසි ක්‍රමවේදයක් ඇත්නම් , එය නිසි පරිදි ක්‍රියාත්මක කරන්නට නීතිමය , ආචාරධර්මානුකූල වගකීමක් සහ වගවීමක් ඇත්නම් එවන් ප්‍රශ්න ඇතිවෙන ඉඩ අඩුයි . නමුත් ඕනම දේක ආරම්භය තුල යම් ගැටළු ඇති වන්නට ඉඩක් තිබෙනවා.
      ස්තුතියි ඔබේ අදහසට.

      Delete
  9. එහෙනම් ඔයා පෝස්ට් එක ලියලා. බලන්න කොච්චර වටිනවද ලියපු එක. ප්‍රායෝගික අධ්‍යාපනය හරිම වැදගත්.

    //දැන් ඔබ කියන්න පුළුවන් “ඔය එක එක රට වල කයිවාරු “ කියල , නමුත් අද කියන්න හදන්නේ අපේ රටටත් මේ Volunteering ක්‍රමය පාසල් දරුවන්ට හඳුන්වා දෙන්නට පුළුවන් නම් යම් වැදගත් වෙනසක් වේවි කියල හිතන්න පුළුවන් බව//

    අපේ ගොඩක් අයගේ උත්තරේ ඕවා අපේ රටට හරියන්නේ නෑ කියන එකනේ ,
    ස්තුතී

    ReplyDelete
    Replies
    1. ඔව් ඔමායා , ප්‍රෙයා්ගියක අධ්‍යාපනය , විශේෂයෙන්ම රැකියාවකයෙදෙමින් ලබන අත්දැකීම මිලකළ නොහැකි අත්දැකීමක්.
      ස්තුතිය ඔමායා !

      Delete

ඔබේ අදහස් දැක්වීම , තවත් ලිපියක් ලිවීමට මා යොමු කරයි ....

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , දින 30කට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)