2015/04/02

මුවේ සිනා පිරි ඔවුන්ගේ දිනයයි

මේ ගැන ලිපියක් ලියන එක ගැන හිතත්දි මගේ හිතට තව උල්පන්දමක් දුන්නු film එකක් තිබුණ...ඒ fly away කියන සංවේදී , ලස්සන චිත්‍රපටිය , ඔටිසම් සහිත දරුවෙක් වෙනුවෙන් කැප වන මවක් හා , ඒ දිරිය මත ඉදිරියට යන දරුවෙක් වටා ගෙතුණු සුන්දර චිත්‍රපටයක් . මේවන තෙක් ඔබ මේ චිත්‍රපටය බැලුවෙ නැත්නම් බලන්න , හොඳ දැනුමක් ගන්නත් පුළුවන් . මේ film එක නොබැලුවත් මම දන්නව ඔබ my name is khan “ බලන්න ඇති . එහිදි Rizwan Khan ලෙසින් සාර්ථක සහ වෙනස් රංගනයක් යෙදෙන ශාරුක් ඛාන් රඟ දක්වන්නේ මේ ඔටිසම් රෝගි තරුණයෙක්ගේ චරිතයක්. මතකද ඔබට මේ දෙබස් "My Name is Khan..I am not a terrorist" , අපිටත් කටපාඩම් වන තරමට නිරන්තරයෙන් කියූ ඒ දෙබස.

මේ අද දවසේ කතා කරන සංකීර්ණ තත්ත්වයක් පිළිබඳ කතා කළ ලිපියකින් උපුටා ගැනුමක් , 



11 comments:

  1. බ්ලොග් එක අපේ බ්ලොග් දර්ශකේටත් දාන්න. අපට ලින්ක් එක එවන්න පහතින් පිවිසෙන්න.

    http://blogdharshakaya.blogspot.com/

    ReplyDelete
  2. මේ වාගෙ දරු පැටව් දකින හැම වෙලාවෙම මම හරිම සංවේදී වෙනවා, නෙතේ කඳුලක් උපදින්නෙ නිතැතින්. මගෙ පැටව් උපදින කොට කරපු හැම ප්‍රාර්ථනාවකම මෙවන් දරුවෙක් නූපදීවා කියන පැතුම තිබුනා. පුලුවන් ලෙස පිං කම් කලා. අදටත් ඒවා කරන්න නිතරම උනන්දුවෙනවා. මහත්තයාගෙ පොඩි අක්කාට මෙවන් දියණියක් ඉන්නවා. ඈ ගැන හරිම සංවේදී. දෙමාපියන් ගේ ආදරය, කරුණාව උපදෙස් මේ දරුවන්ට අනිවාර්යයෙන්ම ලැබිය යුතුයි. ලෝකෙ ඉතාම දක්ශ වෙච්ච දරුවන් ඉන්නවා නිරන්තරයෙන් මේ සටන ජය ගත්ත.

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම , ඒ නිසාමයි මොවුන් අද විශේෂ හැකියා ඇති දරුවන් ලෙස නම් කරන්නෙ , මේ වෙනස හඳුනාගෙන , නිසා උපකාරය කෙරේ නම් , කාටවත් බරක් නැති ,තවත් එක් පුරවැසියෙක් තනන්නට හැකියාවක් අද තිබෙනවා .
      ස්තුතියි චන්දි

      Delete
  3. අපෙ ගෙවල් ළඟ මේ තත්වයෙ ඉන්න ළමයෙක් ඉන්නව... ඇත්තටම පොඩි කාලෙ ඒකගෙන් හැමොටම වදේ... තේරුමක් තියෙන වයසක හිටියෙ මං විතරයි.. අනිත් ඔක්කොම හෙනම පොඩි නිසා මෙයාගෙ විශේෂ අවශ්‍යතා තේරෙන්නෙ නෑ නේ... ඉතිං මේකා සෙල්ලමට එහෙම එනවට අනිත් උන් අකමැතියි... ඉතිං මෙයා කරන්නෙ අපේ අම්ම ගෙදර ඉඳන්‌ කේක් හදන කාලෙ එහෙම අම්ම ළඟින් හෙල්ලෙන්නෙ නෑ... කො‌හොම හරි මෑන් මේ අවුරුද්දෙ ඕලෙවල් කළා... ඔක්කොම විශයන් පාස්... අපි දැනගත්ත වෙලාවෙම ස්පෙෂල් කේක් එකක් හදල ගිහින් දුන්න... මොකද එයා බලාපොරොත්තු වෙන්න ඒ විශේෂ ආදරය, සැලකිල්ල කියන එක අපි තේරුම් අරන් ඉන්න නිසා.. අනිත් එක එයාගෙ අම්ම එයා වෙනුවෙන් කරපු කැපකිරීම... කාර්‌යබහුල රැකියාවක් කරන කෙනෙක් උනාට මේ ළමයා අම්මට තියෙන ආදරේ කියන්න වචන නෑ.... පුදුම ඉවසීමකින් ළමය එක්ක වැඩ කළේ...

    ReplyDelete
    Replies
    1. මට අමතක උනා.. මම කියපු ළමයට තියෙන්නෙ ඩවුන් සින්ඩ්‍රෝම් තත්වය.... ඔටිසම් නෙවෙයි...

      Delete
    2. ඔබ කියන තත්ත්වයත් දෙකම එකට ගැට ගැසුනු අවස්ථා දෙකක් , ඔබේ අසල්වැසි දරුවා පිළිබඳ අත්දැකීම අප අතරේ බෙදා ගත් එක හුඟක් වටිනවා , ඒකම හොඳ උදාහරණයක් මෙවන් දරුවන්ට යහපත් හෙටක් ලබා දෙන්නනට පුළුවන් බව කියන්නට .
      ස්තුතියි ඔබට

      Delete
  4. 2015 මහේෂ්ගෙ ලිපි ලියන එක බෝම අඩුවුනේ මොකද? ඔබෙ ලිපි වලට කමෙන්ට් අඩු උනත්, කියවන පිරිස අඩු නෑ කියලයි මම හිතන්නෙ. ඒ නිසා ඔය සද්කාර්‍ය දිගට කරමු.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඉන්දික , ඇත්තෙන්ම ලියන එකනම් අඩුවුනු , ඒකට ලොකුම හේතුව නිදහසේ ලිපියක් ලියන්නට අවශ්‍ය විවේකය අඩුවීම , පොඩි දෙන්න පුංචි කාළෙ හිතුව , දෙන්න ටිකක් ලොකු වුනාම වැඩිපුර ලියනවා කියලා , දැන් දෙන්න “ලොක්කො“ නිසා වෙනදට වඩා වැඩ වැඩියි , ගෙදර ඉන්න වෙලාවට කම්පියුටරේට එල්ලිලා ඉන්න දෙන්නෙ නැති තරම් :D , ඒත් ලැබෙන විවේකයෙ අළුත් යමක් එකතු කරනවා , කැමති කෙනෙක් පැමිණ කියවාවි , එය මගේ හිතට සතුටක් .

      Delete
  5. http://nelumyaya.com/?p=2016
    Honda blog adaviyak.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබට , බෙදා හදා ගන්නට එක්වුනාට !

      Delete

ඔබේ අදහස් දැක්වීම , තවත් ලිපියක් ලිවීමට මා යොමු කරයි ....

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , දින 30කට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)