![]() |
පිංතූරය ගත්තේ http://blog.ishafoundation.org/ |
කෙසේ වෙතත් , සිංහල බ්ලොග් පරිශ්‍රය තුල බොහොම සුළු පිරිසක් දන්න “සොඳුරු සුව අසපුව“ ඉදිරියටත් මේ කටයුත්ත හිමින් සැරේ කරගෙන යන්නට උත්සාහ කරනවා , ලොකු වෙනස්කම් නොවුනත් , මූලිකව සෞඛ්‍යය පිළිබඳව දැනුමට යමක් එක් කරන්නටත් , ඒ අතරේ සිතේ සතුට වඩවන සුන්දර සිදුවීම් පිළිබඳත් සටහන් දකින්නට ලැබේවි , ලැබෙන විවේකයේ අගහිඟකම් නිසා නියමිත කාළ අන්තරයකට වතාවක් ලිපි පළ නොවනුත් අඩුම තරමේ මසකට එක් ලිපියක්වත් එක් කරන්නටයි උත්සාහ දරන්නේ.
මේ වසර තුනක කාළය පුරා , සොඳුරු සුව අසපුව සමඟින් බැඳීහුන් , තවමත් බැඳී සිටින සියළු මිතුරු මිතුරියන්ට ස්තුතිය පුදකරමින් අදට සමුගන්නේ , සොඳුරු සුව අසපුව තුලට ඔබේ අදහස් එක් කරන්නට අවස්ථාවක් ලබා දෙමින් .
ඔබ සැමට සුව සතුට පිරි දිනයක් ! ආයු බෝ වේවා !
බ්ලොග් කරණයේතුන් වස් සැමරුමට උණුසුම් සුබ පැතුම්, ඉදිරියෙදී හරවත් ලිපි සමගින් අපි හමුවේවි පතමි. ඔබට ජය.
ReplyDeleteස්තුතියි ඔබේ සුබ පැතුම් වෙනුවෙන් ,
Deleteමම දාපු එක අනිත් එකට නේ දැම්මේ.. අයියෝ
ReplyDeleteහදවතින්ම සුභ පතමි ඔබ වැනි වෘත්තිකයන් මේ අවකාශය තුල අල්පයි. ඊටත් වඩා ඒ දැනුම බෙදාහදා ගන්නා අය දුර්ලභයි. ඒ අතින් ඔබ ඉටු කරන්නේ සද්කාර්යයක්. අවකාශයේ ඔබට හිමි තැන ගැන නොතැවී මේ කරනා කටයුුත්තට ශක්තිය ධෛර්යය හැකියාව වාසනාව හා කාලය ඔබට ඇති තරම් ලැබේවා. මෙහි ඵල අපට නොව තවත් වසර ගණනාවකින් පසුව වුවද මිල කල නොහැකිය. ඔබට ජයම වේවා.. මෙම තොරතුරු අප සමග බෙදා හදා ගැනීමට සිතුවිලි පහල වේවා.
තෙවැනි බ්ලොගැනවරසරියට උනුසුම් සුභ පැතුම්..
නොමිලේ ලැබුණු මේ දැනුම , නිදහසේ බෙදා දෙන්නට අවස්ථාවක් ලැබුණේ මේ බ්ලොග් වල පිහිටෙන් , ඒ නමුත් මේ සියල්ල ලියැවෙන්නට දිරි එන්නේ ඔබවන සහෘදයන්ගෙන් ලැබෙන මෙවන් දිරි ගැන්වීම් නිසා.
Deleteස්තුතිය ඔබට , ඔබේ සුබ පැතුමට
බොලොග් එක තවත් ඉදිරියට ගෙන යැමට හදවතින්ම සුභ පතමි !!!
ReplyDeleteජයවේවා!!!!
ස්තුතිිය මිතුර
Deleteසොදුරු සුව අසපුව සදා දිනේවා
ReplyDeleteඔබේ සුබ පැතුම මට දිරියකි !
Deleteහරවත් ලිපි ලියා තුන් වසක් ගෙවුවාට සුබ පැතුම් !!
ReplyDeleteදිගටම මෙවන් ලිපි ලියවේවා !!
මේ වසර තුන තුල මේ බ්ලොග් අවකාශය තුලින් හමුවූ ඔබවන් මිතුරන් මේ ගමනේ කොටස් කරුවන් ,ස්තුතිව මිතුර
Deleteමේ අනගි අඩවිය ඉදිරියටම දිවේවා... සුබ පැතුම් මගෙනුත්....
ReplyDeleteස්තුතියි නලින් මිතුර , ඔබවන් මිතුරන් ගෙන් ලද දිරි ගැන්වීම් යෝජනා මේ ගමනේ සුවිශේෂිි මතකයන්.
Deleteනැවතත් ස්තුතියි ඔබට
කමෙන්ට් නොකලත් බොහොමයක් ලිපි බලල තියනව. වැඩේ කරගෙන යන්න සුභපැතුම්. ලිපි වර්ගීකරණය ගැන කල්පනා කලාම මට හිතෙන්නෙ කොච්චර වැදගත් දේවල් මේකෙ ලියවිලා තියනවද. සිංහල භාෂාවෙන් ලියවුන මෙවැනි ලිපි කීයෙන් කීයද අන්තර්ජාලයේ තියෙන්නෙ. ඒක තමයි වෙන්න ඕන.
ReplyDeleteඇත්තෙන්ම රාජ් කොමෙන්ට් නොකළත් යම් පිරිසක් මේ ලිපි කියවන බව දැනෙන නිසා මයි අළුත් අළුත් ලිපි ලියැවෙන්නේ . ඒ හැම ලිපියක්ම ලියන්නට මානසික පෙළඹවිම ලබා දෙන්නේ ඔබ සැම .
Deleteස්තුතියි මිතුර
මේ සේවාව දිගුකල් කිරීමට සුභ පැතුම් !
ReplyDeleteඔබටත් ස්තුතියි
Deleteඔබේ ලිපිවලට කමෙන්ට් කිරීමට තරම් දැණුමක් නැතිවුනත් නිතර කියවන්නෙමි. ජයවේවා!!
ReplyDeleteකොමෙන්ට් නොකළත් ඔබේ පැමීණීමම සතුටක් ! ස්තුතියි මිතුර
Deleteසුභපැතුම්...
ReplyDeleteමේ සටහන් පෙලේ ආරම්භයේ සිටම රැඳුනු ඔබටත් ස්තුතියි !
Deleteහැමදාමත් මෙවැනි වැදගත් ලිපි වලින් අපේ මිනිස්සු දැනුවත් කිරීමට ඔබට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා...!!!
ReplyDeleteස්තුතිය ඔබේ සුබ පැතුමට , ඔබේ පැමිණීම සතුටක්
Delete“ලැබෙන විවේකයේ අගහිඟකම් නිසා නියමිත කාළ අන්තරයකට වතාවක් ලිපි පළ නොවනුත් අඩුම තරමේ මසකට එක් ලිපියක්වත් එක් කරන්නටයි උත්සාහ දරන්නේ. “
ReplyDeleteමේ .සයි අපි වෘත්තිකයන් විදියට මුහුණ දෙන පොදු ධර්මතාවය. ඒ ලැබෙන කාලයත් එක්ක මේ තරම් දුර වසර තුනක් අතනොහැර ආ ගමනත් දැවැන්ත ආයෝජනයක්. ලැබෙන හැම මොහොතම මමත් කමෙන්ට් කළා... අත නොහැර ගැබෙන කලාය වෙන කරගෙන යන්න අවශ්‍ය ඉඩ කඩ ලැබේවා... එසේ ලැබෙන්න මමද පතමි.
ස්තුතියි මිතුර! , ඇත්තෙන්ම මේ වෙනුවෙන්ම කැප කරන්නට ඇති කාළයේ හිඟකම නිසා නොවෙන්නට , සොඳුරු සුව අසපුව සමඟින් පමණක් නොවේ , සිංහල බ්ලොග් පරිශ්‍රය සමඟම රැඳෙන්නට ඇති කැමැත්ත සහ අපේකෂාව නම් ඉහළයි. විශ්‍රාම ගත් කාළෙකවත් උත්සාහ කරන්නට ඕන :) .
Deleteනැවතත් ස්තුතිිය ඔබට !