ආදරය , සෙනෙහස සහ රාගය කියන වචන වල හුඟක් අයට පටලැවිලා වගේ දැනෙන මේ කාළයේ අහන්නට ලැබෙන අවාසනාවන්ත ප්රවෘත්ති අතරේ , මේ හැමදෙයක්ම ගැනම මුසු වුනු සුන්දර ගීතයක නාද , නිර්මාණාත්මක දෘශ්‍ය සටහනක් බවට පත් කළ නිර්මාණශීලි කළාකරුවන්ගේ එකතුවකින් තැනුනු වීඩියෝවක් මේ .
අසන්න , විඳින්න , ආදරය , සෙනෙහසේ සුන්දරත්වය තවත් මානයකින් .
2014/05/29
2014/05/27
Happy Sri Lanka
අපේ රටේ සංචාරය කළ විදේශික කණ්ඩායම සහ ශ්‍රී ලාංකික කණ්ඩායම් කිහිපයක් විසින් කළ ලස්සන විඩියෝ කිහිපයක් . මේ දවස් වල බටහිර රටවල නම් ජනප්‍රියම ගීතයක් , මේ දෙකේම එකතු කළ සුන්දර නිර්මාණයක් බවට පත්වී තිබුණා . මහා ගැඹුරු ශාස්ත්‍රිය වර්ණනා නැතත් , සරළව සතුටින් විඳින්නට පුළුවන් නිර්මාණ කිහිපයක් . රසවිඳින්න ආරාධනා ඔබට .
මේ වීඩියෝ ටික ඔක්කෝම එකපාරට බලන්න ලැබුණේ http://ausnewslanka.com/ වෙබ් අඩවියෙන් .
මේ වීඩියෝ ටික ඔක්කෝම එකපාරට බලන්න ලැබුණේ http://ausnewslanka.com/ වෙබ් අඩවියෙන් .
2014/05/17
161) හැමදාමත් ලෙඩවෙන මේ සෞඛ්‍යය
දොස්තර මහත්වරු |
කොහොම වුනත් මේ ලෙඩේ ගැන කතා කරත්දි ටිකක් දේශපාලනමය මත වගේම , ජාතිමාමක , දේශප්‍රේමී නොවන , ඒත් යථාර්ථයේ පවතින කරුණු කිහිපයකුත් මුසු කරන්නට වෙනවාමයි . නමුත් මේ ලියන මමත් මේ තුවාලය තුලම කළක් සිටි අයෙක් නිසා , මේ ලියැවිල්ල සර්ව සාධාරණ එකක්ම වේයැයි මම කියන්න යන්නේ නැහැ , ඒත් අද මේ ඔඩුදුවපු තුවාලයෙන් බැහැරව සිටින නිසා , තරමක් දුරට හෝ සමබරව කතා කරන්න ලොකු උත්සාහයක් දරනවා , වැරදි ඇතොත් සමාවන්න , සමා වී පමණකින් නොනැවති , වැරදුනු තැනට ඔබේ අදහසින් නිවැරදි කරමින් යම් කතා බහක් ඇති වේ නම් එයය සතුට .
ලිපි වර්ගය
කාළීන සමාජයීය කතාබහ
2014/05/12
ස්තුතියි ඔබ සැමට
![]() |
පිංතූරය ගත්තේ http://blog.ishafoundation.org/ |
2014/05/05
2014 සුදුසුකම් ලත් රැකියා ලැයිස්තුව
ඔබ කැනඩාවේ පදිංචියට එන්නට අපේක්ෂාවෙන් සිටින්නෙක් නම් මේ ආරංචිය ඔබට වැදගත් වේවි , 2014 වසරට අදාල සුදුසුකම් ලත් වෘත්තිය ලැයිස්තුව පසුගිය පළමු වනදා නිකුත් කළා.
එම අළුත් රැකියා ලැයිස්තුව තුල ඔබට අදාල රැකියාව ඇත්නම් , අළුත් ගමනක පළමු පියවර මෙය වන්නට පුළුවන් නිසා , මෙන්න මේ ලිංක් එක ඔස්සේ ඒ සියළු තොරතුරු ලබා ගන්නට පුළුවන් වේවි.
කැනඩාවේ රැකියා ලබා දෙන බව පවසන “වෙළෙන්දන්ගෙන්“ ආරක්ෂාවී , දැනුවත්ව , නිසි නීති අනුකූලව ඔබේ අපේකෂාව ඉටු කරගන්නට , මේ සංක්‍රමණික නීති රීති පිළිබඳව දැනුවත් විම වඩා වැදගත් නිසා , කැනඩාවට සංක්‍රමණය වීමට අදාල සියළු නීති රීති , අළුත් වෙනස්කම් ගැන www.cic.gc.ca වෙත යොමුවී දැන ගැනීම මේ අරමුණේ සිටිනවා නම් ඔබට වැදගත් වේවි .
සමුගනිමි , සුව සතුට පතමින්
Subscribe to:
Posts (Atom)