
මේ පර්යේෂණය කෙරෙන්නේ ගර්භණී අවදියේ ඉන්නා මවක ලබා ගන්නා පැරසිටමෝල් වලින් උපදින දරුවාගේ මොළයේ ක්‍රියාකාරීත්වයට වන බලපෑම් පිළිබඳ සොයා බැලීමක් .
මොකක්ද දන්නවද ලැබුණු ප්‍රතිපලේ ?....
.
.
.
.
![]() |
පිංතූරය http://scicasts.com/ |
උත්තරේ ...... මවක ගැබිණී කාළයේදි , උණ හෝ යම් අපහසුතා වලක්වා ගැනීම පිණිස ගන්න පැරසිටමෝල් ඖෂධය නිසාවෙන් බිහිවන දරුවාගේ මානසික සෞඛ්‍ය ගැටළු ඇති විය හැක , එනම් ADHD තත්ත්වයේ හෝ ඊට සමාන ගැටළු වලට දරුවා අනාගතයේ ගොදුරු කරවන මූලික අඩිතාලම මෙයින් ලබා දෙන බව හඳුනාගෙන තිබෙනවා.
![]() |
දැන් මේ ADHD කියන්නේ , පැරසිටමෝල් කියන්නේ මොනවද කියල දැන ගන්න ඕන නම් මෙන්න මේ පහල තිබෙන පෝස්ට් ටික කියවන්න වෙනවා. (පොඩි ඇඩි එකකුත් දාන්න හිතුනා :) )
තව වැදගත්ම දෙයක් , ඕනම පර්යේෂණයක ප්‍රතිපල එකවර පිළිගන්නේ නැහැ ලොව පුරා ඉන්න හැම කෙනෙක්ම , මෙයටත් එය පොදුයි , ඒ කියන්නේ සමහර සෞඛ්‍ය වෘත්තිකයන් මේ පිළිබඳව තවමත් සැක පළකරනවා විතරයි ,හැබැයි කිසිම කෙනෙක් පැරසිටමෝල් ගැබිනියක විසින් අනවශ්‍ය දිගින් දිගටම ගැනීම අනුමත කරන්නේ නැහැ.
අපේ රටට අදාලව තව දෙයක් කියන්නට වෙනවා , මේ පර්යේෂණය කෙරෙන්නේ ඩෙන්මාර්ක , බ්‍රිතාන්‍ය වගේ ඖෂධ ප්‍රතිපත්ති වල සෑහෙන ආරක්ෂාකාරී සීමාවන් ඇති රටවල . අපේරටේ නම් පොඩි ඔළුවෙ කැක්කුමටත් “...ඩෝල් පෙති දෙකක්“ කියන සංකල්පයනේ දීල තියෙන්නේ. මොකද අපි අපේ බරට අදාලව නොවෙයි බෙහෙත් ගන්නේ , එක්කො අල්ලපු ගෙදර ඉන්න කෙනා කියන විදියට , නැත්නම් ටීවී එකේ ඇඩ් එකේ ඉන්න බොරු දොස්තර කියන විදියට . ඒ නිසා අපේ රටට අදාලව මේ පර්යේෂණය කළොත් ප්‍රතිපලේ ?....
එහෙම නම් ගිහින් එන්නම් , සුව සතුට පිරි සොඳුරු දිනයක් පතමින් .
මෙන්න අර මුලින් කී ADHD ලෙඩේ ගැන ලිපියට පාර
http://www.nursinglk.com/2011/07/27-adhd.html
මෙතැන ක්ලික් කළත් යන්න පුළුවන් ( ලිපි අංකය 27)
පැරසිටමොල් ගැන කතාවට
http://www.nursinglk.com/2011/06/19th-discussion-fall_21.html
මෙන්න මේ ලිංක් එක ක්ලික් කරල යන්නත් පුළුවන් (ලිපි අංකය 19)
පර්යේෂණ වාර්තාව (JAMA Pediatr. Published online February 24, 2014. doi:10.1001/jamapediatrics.2013.4914 )
හොඳ වෙලාවට මං ඔය කාලෙ තද හිස කැක්කුමකටවත් පැනඩෝල් එකක් ගත්තෙ නෑ... විඳගෙනම හිටියා... ඒක මං තරයේම හිතාගෙන හිටපු දෙයක්... පර්යේෂණ මට්ටමේ පවතිනවා උනත් මේ වගේ දෙයක් ඇහුවම මං අමාරුවෙන් හරි විඳගෙන හිටිය එක ගැන සතුටු වෙනවා... ඒත් එහෙම කරන්න බැරි අයත් ඉන්න බව මං දන්නවා...
ReplyDeleteඔය තියෙන ළමයි මට මෙහෙදි නිතර මුණ ගැහෙනවා... වැඩිපුරම පිරිමි ළමයි.... ඒ ළමයින්ට ඉගෙන ගන්නත් බැහැ.... ඒක නම් තේරුම් ගන්න පුළුවන්... ඒ ළමයින්ගෙ දෙමාපියන් විඳවන තරම... ළමයා උනත්... හැබැයි මං මෙහෙම තත්වයක් ගැන දැනගත්තෙ ලංකාවෙන් පිට උනායින් පස්සෙයි...
ඇත්තටම පැරසිටමෝල් කියන්නේ කෙටිකාළීනම වේදනානාශකයක් වුනත් , එහි අනිසි භාවිතය දිගුකාළීනම “ වේදනාකාරකයක් “. ඔව් අපේ රටේ මෙම මානසික තත්ත්වය ගැන ඒතරම් අවධානයක් නැහැ , දඟළමයයෙක් කියල හිතාගෙන දෙමව්පියනුත් , ගුරුවරුත් , ළමයාත් විඳවනවා විතරයි .
Deleteස්තුතියි මියුරු !
ඇතැම් දොස්තරවරු ගර්භණි මවුවරුන්ට පැරසිටමෝල් දෙන්නේ නෑ නේද අපේ රටෙත්
ReplyDeleteඔව් මිතුර , ගර්භණී මවුවරුනට පැරසිටමෝල් ලබා දීම බොහෝ විට කෙරෙන්නෙ නැහැ. ඒ මේ අවධානමට වඩා වෙනස් ආපදා පිළීබඳ සැකය නිසා. නමුත් ඒ ගැන දැනුවත් නොකර සිටීම ඊට වඩා අවදානම් , මොකද අපට ඕන කඩේ කින් මේ පෙති දෙකක් අරන් කටේ දාගන්න පහසුකම් තිබෙනවානේ . අපි අතරේ මේ අවදානම් කටයුත්ත කරන මව්වරුන් ඉන්නවා .
Deleteස්තුතිය ඔබට !
මාත් බැරිම අවස්ථාවක මිස ඔය පැරසිටමෝල් බොන්නෙ නෑ. ඒකට අපේ සමහර අය නං ඔළුවෙ කැක්කුම හැදෙන්න ඉස්සෙල්ලම පෙත්ත බීල ඉවරයි.
ReplyDeleteඔව්. “ගිලින වේදනානානාශකයක් “ ගත යුත්තේ අපහසුතාව තමන්ට දරා ගන්නට බැරි තරම් නම් පමණයි . එතෙක් වෙනත් ක්‍රම මඟින් වේදනාව පාළනය කරගැනීමයි සුදුසුම . හේතුව මේ පෙත්තෙන් අපේ වේදනාව නැසුවා වගේ පෙනුනට අනාගතේට වේදනාවක් ඉතිරි කරනවා වගේ .
Deleteස්තුතිය ඔබටත් !
මේ වගේ කරුනු වලින් දැනුවත් වෙලා ඉන්න එක ඉදිරියට වැදගත්.....අපේ රටේ වෛද්‍ය උපදෙස් දෙන්නේ ටීවී ඇඩ් වලින්නේ..
ReplyDeleteඔව් , නමුත් ටීවී එකෙන් නිසි වෛද්‍ය උපදෙස් දෙනවා නම් වටිනවා . ඒත් සිද්ධවෙන්නේ අපිව පෙත්තකට විකුණන එකනේ . ස්තුතිය මිත්‍රයා ඔබ දැන් සොඳුරු සුව අසපුවේ නිත්‍ය සාමාජිකයෙක් වගේ , සතුටුයි .
Deleteඔව්...ඔව් දැන් නම් නිත්‍ය සාමාජික තමයි...බ්ලොග් රෝලෙත් එල්ලගෙන තියෙන්නේ..මේ වගේ විද්‍යාත්මක ලිපි කියවන්න මම ගොඩක් කැමතියි...ඒලෙවල් බයෝ කරපු නිසා වෙන්න ඇති කියලා හිතෙනවා..
Deleteමමනම් ඔය පොඩි ඔලුවෙ කැක්කුමක් හැදුනත් පැනඩොල් පෙති දෙකක් බොනවා එහෙමනේ අපිව හුරු කරලා තියෙන්නේ අපිට මේ පිලිබදව නිසි අවබෝධයක් මාධ්‍ය තුලින්වත් දෙන්නෑනෙ අර කිව්වත් වගේ ඇඩ් වලින් තමා මිනිස්සුන්ව මේවට යොමු කරන්නෙ
ReplyDeleteමාධ්‍ය වල භූමිකාව වෙනත් අතකට ගෙන යායුතු කාළයක් ඒවි , පාඨකයා ගේ බලපෑමක් ඇතිවේනම් . නමුත් අද පොදුවේ “මරණ දැන්විම් සහ දුක“ අලෙවි කරන “පිළිගත් ආයතන“ බවට පත්වෙලා වගේ දැනෙන්නේ.
Deleteස්තුතියි මිතුර! මට මතක විදියට පළමු පැමිණීම , විශේෂයෙන්ම නාට්යකාරයෙක්ගේ පැමිණීම මට මහත් සතුටක් ,
මට නම් තියෙනවා නිතරම හැදෙන හිසේ කැක්කුමක්.. අර මයිග්රේන් කියන එක.. එවෙලෙට බෙහෙතක් බීලා පොඩි නින්දක් දානකන් මටනම් හොද වෙන්නේ න කොහෙත්තම.. කෝම වුනත් මේ විස්තරේ දැන ගත්ත එක වටිනවා..
ReplyDeleteමිග්‍රෙන් වලින් පෙලෙනවා නම් “වේදනානාශක “ කියන්නේ දිව්‍ය ඖෂධ වගේ දැනෙන තත්ත්වයක්නේ . කොහොම වුනත් තමන්ගේ ඇඟට දාගන්න දේ ගැන දැන ගෙන ඉන්න එක වටිනවා .
Deleteමිග්රේන් ගැන ලිපියක් තිබනවා වෙලාවක බලන්න http://www.nursinglk.com/2011/12/69.html
මටත් ඉස්සර තිබුන හිසේරුදාවක් කලබලකාරී පරිසරයේ හිටියම හැදෙන . ගෙදර ඇවිත් ඩෝල් පෙති දෙකක් බීල නිදාගන්නවා . එතකොටනම් ඩෝල් දිව්‍ය ඖෂධයක් වගේ තමයි . අපිට මේ වගේ දැනුවත් කරන්න කවුරුත් හිටියේ නෑනෙ . බොහොම ස්තූතියි අගනා උපදෙස් වලට .
ReplyDeleteස්තුතියි ගිම්හානි , ඇත්තෙන්ම බෙහෙත් දෙන අවස්ථාවේ , වෛද්‍යවරයා වගේම , ඖෂධවේදියාත් ලබා දෙන ඖෂධ ගැන දැනුවත් කිරීම තමයි නියම පිළීවෙත. ඒත් අපේ රටේ මේ වගේ දේ ප්‍රාෙයා්ගිකව කෙරෙන්නේ සීමිත අවස්ථා ගණනක. එහෙම කරන්න ගියත් , නොකරන අයගේ බලපෑම් වගේම එකවර පැමිණෙන රෝගීන් සංඛ්‍යාෙවේ වැඩි කමත් නිසා එවන් නිවැරදි දේත් පවත්වා ගෙන යන්නට අමාරුයි . කෙසේ වෙතත් අපි පුළුවන් විදියට මේ දැනුම බෙදා දෙන්නට උත්සාහ කරමු සොඳුරු සුව අසපුවේ මිතුරු මිතුරියන් ලෙසින් .
Deleteනැවතත් ස්තුතිය ඔබට
ගොඩාක් ප්‍රයොජනවත් ලිපියක්..
ReplyDeleteමාත් කොච්චර අමාරු උනත් පැරසිටමොල් ගන්නෙ නම් හරිම කලාතුරකින්,
ඇත්තටම කොයි බේතෙත් අතුරු ආභාධ තියෙනවනෙ..
ස්තුතියි , ඔව් හැම ඖෂධයකම හොඳ වගේම නරකත් නිබෙන නිසා පමණ දැන , නිසි ලෙස ගැනීමයි සුදුසුම.
Deleteමහේෂ්,
ReplyDeleteස්තුතියි මේ ගැන විස්තර බෙදාගත්තාට.හැකිනම් හිසරදයට පැරසිටමෝල් නොබී සහනයක් ලබනන් පුළුවන් විදි ගැනත් ලියන්න..
බොහොම ස්තුතියි ඊළඟ ළිපියකට මාතෘකාවක් ලබා දුන්නාට . ඔව් , මෘදු සම්බාහනය , ඇස ආශ්‍රිතව කෙරෙන පේෂි සම්බාහනය , වගේම මද උණුසුම ප්‍රතිකාර වගේම මෙන්තෝල්මය ආලේපන වගේ තවත් උපක්‍රම රැසක් තිබෙන නිසා ඔබ කියන විදියට ඊළඟ ලිපියකින් විස්තර එක්කම කතා කරමු.
Deleteක්ෂණික වේදනා නාශක ගැනිම නැවත වරක් හිතා බැලිය යුතු තැනට අපව ගෙනාවා. විශෙසයෙන්ම මවුවරු මේ සම්බන්ධයෙන් දැනුවත් වෙනවා නම්අගෙයි.
ReplyDeleteස්තුතියි මිතුර ! , අපි අපට පුළුවන් තරමින් දැනුවත් කිරීමේ කටයුත්ත කරමු ,
Delete