පිළිකාව පිළිබඳ කතා කරන ලිපි මාලාවක අද පස්වන ලිපිය , මෙගා නාටකයක් වගේ කොටස් වශයෙන් ලියන්න වන නිසා , ලිපි අතර නිසි පරතරයක් තබා ගන්නට උත්සාහ කළත් , සියළු රාජකාරි අතරේ , බ්ලොග් ලිපි වෙතට යොමුවන්නට ලැබෙන ඉඩ දැන් දැන් සීමාවෙමින් පවතින නිසා , ලිපි පළවීම යම් ලෙසකින් පමා වන්නට ඇති , ඒ වගේම , මේ හේතුව නිසාම , සිංහල බ්ලොග් පරිශ්‍රය තුල සැරිසරන්නට , අදහසක් සටහන් කරන්නට හැකියාවක් නොලැබෙන තරම්. සොඳුරු සුව අසපුව වෙත පැමිණෙන , සිංහල බ්ලොග් ලේඛක මිතුරු- මිතුරියන් ඒ පිළිබඳව උදහස් නොවනු ඇතැයි විශ්වාස කරමි.
අද කතාව පටන් ගනිමු
2013/10/29
2013/10/23
149) විකුණන විකිණෙන - රිදවන වදදෙන ගැට - 4
සිව්වන ලිපිය , අද මුලින්ම කතා කරන්න වෙනවා පහුගිය ලිපියටම අදාලව කරුණු කිහිපයක් , ඒතමයි පිළිකාවක් හඳුනාගන්න කෙරෙන පරික්ෂණ ගැන . අපි පහුගිය ලිපිය පුරාම කතා කළේ , පිළීකාවක් හඳුනාගැනීම සහ වර්ගීකරණය කියන කටයුත්තෙදි ඉහළම කාර්යයක් කරන , බයොප්සි ගැන , ඒ වගේම ඒ පරික්ෂණ ක්‍රියාවලියේදි වෛද්‍යවරුන් , විශේෂඥ වෛද්‍යවරුන් ඊට දායක වන අකාරය.
අද එතැන් සිට කතා කරමු ,
අද එතැන් සිට කතා කරමු ,
ලිපි වර්ගය
පිළිකා
2013/10/21
148) විකුණන විකිණෙන - රිදවන වදදෙන ගැට - 3
මේ ගැන කියත්දි මතක්වුනේ , ඒ දවස් වල අපේ රෝගීන්ගේ නෑදෑ මිත්‍රයෝ කියපු සමහර කතා ..
“ඔය මුකුත් ටෙස්ට් නෑ , මූණ දිහා බලල ලෙඩේ කියනවා “
“මම ඇස්දෙකට දැක්ක මහත්තයා , බිම බඩගාගෙන වගේ ආව ලෙඩාට මොකක්ද දුමක් ඇල්ලුවා , උරන්න කීව්වා ...මෙයාට තියෙන්නේ බඩේ පිළීකාවක් , හොඳ කරන්න පුළුවන් ....ඇතුළට ගන්න කීව්වා , මෙන්න හවස් වරුවේ ලෙඩා හොඳට ඇවිද ගෙන ගියා .... “
ලිපි වර්ගය
නොදකින අනතුරු,
පිළිකා
2013/10/20
147) විකුණන විකිණෙන - රිදවන වදදෙන ගැට - 2
ටිකක් දිගු ලිපි මාලාවක දෙවැන්න ...අපි මේ වෙනකොට කතා කළා , පිළිකාවක් කියන්නේ මොකක්ද කියන තැන ඉඳන් , පිළිකාවකදී බහුලව දැකිය හැකි ලක්ෂණ කිහිපයක් . අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ , පොදු නොවන , ඒත් පිළිකාවකදී මතුවිය හැකි ලක්ෂණ කිහිපයක් ගැන කතා කරන්න , හැබැයි ලිපිය පටන් ගන්න ඉස්සර වෙලාම කියන්න ඕන මෙන්න මේ කාරණේ , ඒ තමයි මේ කියන එක ලක්ෂණයක් දෙකක් තිබෙන බව දැනුනු පමණින් , තමන්ම තීරණ අරගෙන , කළබල කරගන්න එපා , මොකද මේ කියන්න හදන ලක්ෂණ වෙනත් සාමාන්‍ය රෝග තත්ත්ව වලදිත් මතුවෙන්න පුළුවන් , ඒ නිසා දැන ගැනීම වැදගත් වගේම , දැන ගත්දේ හරියට ක්‍රියාත්මක කිරීමත් වැදගත් ...
ලිපි වර්ගය
නොදකින අනතුරු,
පිළිකා
2013/10/10
146) විකුණන විකිණෙන - රිදවන වදදෙන ගැට - 1
අද ලිපිය “පිළිකා“ ගැන , ඇත්තෙන්ම කීවොත් “පිළිකා ප්‍රතිකාර“ ගැන . “සොඳුරු සුව අසපුව“ දිගටම කියවන ඔබ දැන් හිතාවි , “ මේ ගැන මීට ඉස්සර ලියල තියෙනවානේ ? ...ආයෙත් මොකද ? .“ කියලා .
![]() |
පිංතූරය ගත්තේ www.boston.com පිටුවෙන් |
ලිපි වර්ගය
නොදකින අනතුරු,
පිළිකා
2013/10/06
145) “දරු සුව“ විඳවන අම්මාවරුනේ ..
මේ දවස් ටිකේම මේ පැත්තේ හැම චැනලයකම වාගේ කතා වෙන්නේ අමෙරිකානු රජයේ අක්‍රිය කිරීම Government Shutdown එක ගැන . ඒකට පක්ෂ වගේම විපක්ෂවත් කරුණු දක්වන වැඩසටහන් දවස පුරාම , ඒ අස්සේ තවදුරටත් දරුණු විය හැකි මට්ටමේ කුණාටුවක බලපෑමටත් එම ප්‍රෙද්ශය යටත් වුනා . ඔය අස්සේ අමෙරිකානු රජයේ ප්‍රධාන ගොඩනැගිලි පිහිටන කළාපයකදි , නීති විරෝධී අයුරින් ධාවනය වන සහ පොළීස් අණ නොතැකූ රියකට කරන වෙඩි තැබීමකින් අවුරුදු තිස් හතරක විතර කාන්තාවක් මිය යනවා . එත් වාසනාවට ඇගේ පුංචි දරු පැටියා කිසිම අනතුරක් නැතිව රැක ගන්නට පුළුවන් වුනා .
ලිපි වර්ගය
Depression,
මානසික ගැටළු,
මානසික රෝග
Subscribe to:
Posts (Atom)