2013/05/08

132) රජ මකුණා දැන් එළියේ ...පරිස්සමින් යනු කෙළියේ ..

අද දවසේ එක් කරන්න යන්නේ තවත් එක් අවදානමක් ගැන කරුණූ කාරණා ටිකක්. විශේෂයෙන්ම මේ ලිපියත් ලිංගිකත්වය සමඟ සම්බන්ධ වන නිසා , දැන් සොඳුරු සුව අසපුව එක් දිසාවකට විතරක් යනවාද කියල හිතන්න පුළුවන් . ...නැහැ ..මේ බ්ලොග් පිටුව තුල මූලිකව සෞඛ්‍යය වැදගත් දේ පිළීබඳව කතා කරන එක වෙනස් කරල නැහැ . නමුත් අද මේ කතා කරන්නට යන මාතෘකාව ගැන දැන්ම අවධානය යොමු වෙන එක වැදගත් . මොකද මේ කාරණා පිළිබඳ පහුවෙලා දැන ගෙන වැඩක් වෙන්නේ නැහැ .

එහෙම නම් වැල් වටාරම් අවසන් කරලා එන්නම් මාතෘකාවට .. අද මාතෘකාවේ ප්‍රධාන චරිතය HO41 ගැන ..කවුද මේ ? මොනවද කරන්නේ ? ...

2011 සිට වරින් වර ලෝක සෞඛ්‍යය සංවිධානය සහ Center for Disease Control and Prevention  නිකුත් කළ නිවේදන , අනතුරු ඇඟවීම් වලට හේතු කාරණා වුනු “නපුරු බැක්ටීරියාව“ මේ.  මේ පිළිබඳ පර්යේෂණ කරන ආයතන අනාවැකි පළකරන ආකාරයට , නිසි ආරක්ෂක සහ ප්‍රතිකාරාත්මක කටයුතු සිදු නොවුනොත් ඉදිරි වසර කිහිපය තුලදි , ඒඩ්ස් වසංගතයට වඩා දරුණූ බලපෑමක් ලොව පුරාම ඇති කරාවි .

කෝ තවමත් හරියට කීවේ නැහැනේ මේ කවුද කියල ...මේ තමයි ගොනෝරියාවට හේතුවන බැක්ටිරියාවේ විශේෂ ආකාරය (ගොනෝරියාව කියන්නේ මොකක්ද කියල මීට ඉස්සර කතා කරලා තිබෙන නිසා නැවත ඒ ගැන කතා නොකර මෙන්න මේ ලිපියට යන්න කියල ආරාධනා කරනවා) (ලිපි අංක 101) 

 .. විශේෂ ආකාරය කීවේ මේ ගොනෝරියා බැක්ටීරියාව අද ලෝකයේ නිපදවා තිබෙන ප්‍රතිජීවක, Antibiotic සියල්ලටම හොඳින් ඔරොත්තු දීමේ හැකියාවක් තිබෙනවා Multi Drug Resistant  . තව කෙටියෙන් කීවොත් , මේ බැක්ටීරියාව මඟින් අයෙක්ට ගොනෝරියාව හැදුනොත් හොඳකරන්නට බැහැ , බොහෝ විට මරණීය , නැත්නම් ඉතාමත් අසාධ්‍ය තත්ත්වයට ගෙන යන්නට පුළුවන් අදාල රෝගියාව .

මේ වන විට මේ ප්‍රතිකාර නොමැති ගොනෝරියා තත්ත්වයෙන් ආසාදිත වූවන් රටවල් කිහිපයකින් වාර්තා වී තිබෙන අතර , වාසනාවට අපේ රට තවම එතැන නැහැ , නමුත් එහි අදහස අපේ රටේ මේ රෝග තත්ත්වය නැහැ කියන එකම නොවෙයි, වාර්තා වෙලා නැහැ .හැබැයි වයස අවුරුදු 25-30 අතරේ තරුණ පිරිස අතරේ බහුලව දකින්නට පුළුවන් ලිංගාශ්‍රිත රෝගය විදියට ගොනෝරියාව තවමත් ලංකාවේ තිබෙනව බව ජාතික ලිංගාශ්‍රිත රෝග මර්ධන වැඩසටහනේ වෙබ් අඩවියට ගියාම  බලා ගන්නට පුළුවන්. ඉතින් මේ අතරේ වගේම හඳුනා නොගත් තවත් කොයි තරම් පිරිසක් අප අතරේ සිටී දැයි කාටනම් කියන්නට පුළුවන්ද ? .....

මේ නිසාම ආරක්ෂීත ලිංගික උපක්‍රම භාවිතය , ලිංගික දැනුම ප්‍රජාව තුල , විශේෂයෙන්ම සියළු වයස් කාණ්ඩ ආවරණය වන සේ පැතිරවීම , වගේම අවදානම් සාධක හඳුනාගෙන නිසි පිළීයම් යෙදීමත් අද ලොකු වගකීමක් . කෙසේ වෙතත් මෙතැනින් දැනුවත් කිරිමේ කටයුත්තෙදි , මේ සිංහල බ්ලොග් පරිශ්‍රයටත් යමක් කළ හැකි බව කියන්නම ඕන . එසේ නම් , අන්තර්ජාලය අස්සෙන් , සුන්දර වින්දයක් ලබන ගමන් , මේ වගේ ගින්දර ගැන කතාවක් කියවන්න ආ ඔබට ස්තුති වන්ත වෙනවා. 

මගේ ලිපි අතරේ කෙටිම ලිපිය මෙය වන්නට පුළුවන් . ලැබන විවේකය වගේම , ඔබ සැමගේ අදහස් යෝජනා පිළිබඳවත් , මේ මාතෘකාවේ වැදගත්ම කොටස් දෙක පිළිබඳමීට පෙර කතා කර ඇති නිසාත් තමයි මෙලෙසින් කෙටි ලිපියකින් නිමාවන්නට හැකිවන්නේ . කෙසේ වෙතත් , 

කෙසේ වෙතත් , මේ ලිපියට වැදගත්ම කරුණූ ඇති පහත ලිපි මඟින් තවත් දැනුමක් එක් කර ගන්නට ආරාධනා කරන ගමන් අදට සමුගන්නවා . ඔබ සැමට සුව සතුට පිරි දිනයක් !





21 comments:

  1. කලින් ලිපිය කියවලා නැ වගේ ගිහින් කියවලා එන්නම්කෝ.... කාලින සමාජෙට වැදගත් විදිහේ මේ වගේ පොස්ට් කියවන්න ලබා දෙනවට අය්යාට ගොඩක් පින්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දේවා මල්ලී ...

      Delete
  2. බොහොම වටිනා ලිපියක් අයියේ. අවදානමට පෙර සුදානම් වීම වැදගත් නේ. මේ වගේම අපි බොහෝ දෙනෙක් දන්නේ නැති නමුත් සැලකියයුතු පිරිසක් අසාදනය වුනු රෝගයක් තමයි "හෙපටයිටිස් B". වෙලාවක ඒ ගැනත් ලියන්න. ජය...!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ප්‍රදීප් මල්ලී ඔබටත් ..ඇත්තෙන්ම මේ වගේ කාරණා ගැන අපේ අවධානය යොමුවෙන්නේ “ලෙඩ වුනාම “ ..ඒ සංකල්පය නිසාමයි අපේ බොහෝමයක් අය කරදරේ වැටෙන්නෙත් ...

      ඔව් මල්ලි හෙපටයිටිස් බී ගැන මම මීට ඉස්සර වෙලා ලියලා තිබෙනවා ..http://www.nursinglk.com/2011/11/blog-post.html අඩුපාඩු ඇතොත් එක් කරන්න ...ස්තුතියි නැවතත්

      Delete
  3. ලිංගිකාශ්‍රිතව සම්ප්‍රේශනය වන රෝග ගැන තරුන තරුනියන් අතර තියන දැනුම කොච්චර හොදද කියනවනං අයියා . . . ඇඩෙනව ඒ ගැන කියද්දි. රෝග ගැන තියන දැනුමට නොදෙවනි නෑ ආරක්ශිත හැසිරීම ගැන තියන දැනුමත්
    මටත් මොනා මොනා හරි ලියන්න හිතෙනව අප්පා ඔය ගැන

    ප.ලි.
    රජ මකුනා කීවෙ . . . King Bug ද අයියා???

    ReplyDelete
    Replies
    1. ඔව් මල්ලි ..ඒ ගැන නම් කවර කතාද ? ...ඔව් ආරක්ෂීත හැසිරීම් ගැන ඉදිරියෙදි කතා කරමු ,

      ලියන්න අප්පා ... :) ... මට වැඩිය සමාජයේ තරුණ පිරිස එක්ක ගැටෙන සහ මේ මාතෘකාව ගැන නිසි දැනුමක් තියෙන කෙනෙක් විදියට , ලියන්න , ඒක හුඟදෙනෙකුට ප්‍රයෝජනවත් වේවි..

      ඔව් රජ නම් King , මකුණා නම් Bug නොවැ ..! :)

      Delete
  4. ඇත්තටම මම හිතාගෙන හිටියේ අද තියන එකම අභියෝගය ඒඩ්ස් කියලයි. ගොනෝරියා, සිෆිලිස්, වගේ රෝග බොහොම පරණ රෝග, ඒවා බොහොම පහසුවෙන් හොඳ කරන්නට හැකි ඖෂධ තියනවා කියලයි මම හිතාගෙන හිටියේ. මේ දැනුවත් කිරීම අතිශයින්ම වැදගත්.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම ...පෙනිසිලින් සොයා ගත්ත කාළෙම කවුරුත් සතුටුවුනේ , එයින් ගොනෝරියාවට හොඳින් පහර දෙන්න පුළුවන් වුනු නිසා , ඒත් අද ලෝකයේ ඉහළම ප්‍රතිජෛවක කාණ්ඩ වලට පවා පහර දෙන්න HO41 ට පුළුවන් වෙලා ...මෙයට එක් හේතුවක් ඖෂධ නිසි ලෙස භාවිත නොකිරීම , ඒ වගේම විවිධ වෙරස වල බලපෑම නිසා සහ තවත් සාධාක ගණනාවක බලපෑමෙන් මේ “නරක වෙනස්වීම“ වෙන්න ඇති කියලයි මේ පිළිබඳ පර්යේෂකයන්ගේ මතය ...

      ස්තුතියි ඔබට ...

      Delete
  5. සමාජ රෝග ගැනනම් අද තරුණ පරපුරට තියන දැනුම මදි කියල මටත් හිතෙන්නේ . මේ වගේ දැනුවත් කිරිම් බොහෝ අගය කරනවා .. ගොනෝරියාව යනුවෙන් සඳහන් වෙන්නේ සුදු බිංදුම රෝගයද ?

    ReplyDelete
    Replies
    1. ගොනෝරියාව සහ සුදු බිංදුම කියන්නේ එකම රෝග තත්ත්වයට (මම දන්න විදියටයට) , ස්තුතියි හැමදාමත් වගේම ඔබට ගිම්හානි .

      Delete
  6. "මේ නිසාම ආරක්ෂීත ලිංගික උපක්‍රම භාවිතය , ලිංගික දැනුම ප්‍රජාව තුල , විශේෂයෙන්ම සියළු වයස් කාණ්ඩ ආවරණය වන සේ පැතිරවීම , වගේම අවදානම් සාධක හඳුනාගෙන නිසි පිළීයම් යෙදීමත් අද ලොකු වගකීමක්"

    ඔව්.. මේ වගේ රෝග වලින් බේරෙන්න නම් ලින්ගාශ්‍රිත රෝග වගේම ලින්ගිකත්වය පිලිබඳ අධ්‍යාපනයත් මීට වෑඩිය ක්‍රමවත් විදියට සමාජයට දෙන්න ඕනෙ... මේක හොඳින්ම කරන්න පුලුවන් ඉස්කෝලෙන්... ඒත් ඉතින් තාමත් අපේ රටේ ඉන්නෙ ලින්ගික අධ්‍යාපනය කියන්නෙ කුණු හරුප කියල හිතන මිනිස්සුනෙ... ඉතින් කොහොමද සමාජය/පාසල් ළමුන් දෑනුවත් කරන්නෙ...

    හෑමදාමත් වගේ හොඳ ලිපියක්... :)

    ReplyDelete
    Replies
    1. ඔබ කියූ දේ තමයි ඇත්ත . ඔය තත්ත්වය නිවැරදි වෙනකම් අපිට වෙන්නේ සමාජයට , මාධ්‍යයට බැණ බැණ ඉන්න එක විතරයි .
      ස්තුතියි ඔබට.

      Delete
  7. අතිශයින්ම වටිනා ලිපියක් සහෝ.. මෙවන් දැ හැමදාමත් දෙන ඔබට අපගේ ප්‍රණාමය.

    ReplyDelete
    Replies
    1. ස්තුතිය නලීන් . ඉඩ ලැබෙන වෙලාවට දැනගත්ත දෙයක් හැමෝම එක්ක බෙදා ගත්තම ලැබෙන සතුට නිසා අපි ලියමු ....

      Delete
  8. Replies
    1. ස්තුතියි , ඔබේ පැමිණීම සතුටක් !

      Delete
  9. ඉතා වැදගත් විශේෂයෙන් තරුණ පරපුරට ....ජයවේවා.

    ReplyDelete
  10. ඉතා වැදගත් ලිපියක්.විශේෂයෙන් තරුණ පරපුරට ....ජයවේවා.

    ReplyDelete
    Replies
    1. සතුටුයි ඔබේ අදහස් දැක්වීමට ...ස්තුතියි

      Delete
  11. ස්තුතියි මහේෂ් මේ ගැන තොරතුරු බෙදාගත්තට

    ReplyDelete

ඔබේ අදහස් දැක්වීම , තවත් ලිපියක් ලිවීමට මා යොමු කරයි ....

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , දින 30කට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)