![]() |
http://www.bbc.co.uk/news/world/ |
2013/04/20
131) අණ දෙන්නට පෙර වෙඩි තියලා - යුග දිවියේ අමරස බිඳිනා
ලිපි වර්ගය
ලිංගික ගැටළු
2013/04/12
ඔබ සැමට සුබ නව වසරක් වේවා !
මිනිස්කමේ ගුණ සුවඳ ..
සිත් පුරා උතුරා යන ,
සුව සතුට පිරි ....
සාමයේ උණුසුම පිරි සුබ නව වසරක් වේවා ඔබ සැමට ..
2013/04/08
130) දිවට සතුට දී හදවත රිද්දූ මාසෙට පඩි දුන් පොඩි සුද්දී ..... ????
අවුරුද්දත් ළඟ ළඟ එනවා, අපේ පුංචි කාළෙ නම් මේ දවස් වෙනකොට ගෙදර ඔක්කොම එකතු වෙලා , පොල් ගාගෙන කිරි හදාගෙන , ලොකු තාච්චියක දාගෙන දොදොල් පතු ගාන කාළෙ . ඒක බොහොම සුන්දර පුංචි යුද්දයක් වගේ තමා. හරියට පදමට පිටි , පැණී , කිරි එකතු කරලා , පදමට ලිපේ ගින්දරත් හසුරුවගෙන තාච්චිය පුරා දොදොල් පත්ත ගෙනියන එක ලොකු රාජකාරියක්. දොදොල ටික ටික හරියාගෙන එත්දි පතු ගාන එක තමා අමාරුම වැඩේ , ලොකු මහන්සියක් ගන්න ඕන , ලිපේ රස්නෙත් එක්ක ඒ මහන්සිය තවත් වැඩි වුනත් තව ටිකකින් අතට ලැබෙන රස කෑම මතක් වෙත්දි ඉබේ පතු ගෑවෙනවා මට තාමත් මතකයි .
ලිපි වර්ගය
පෝෂණය,
ලුණු අවභාවිතය
2013/04/07
2013/04/01
නැවත කියවීමක් - සත පනහේ මාරයා
පහුගිය සති කිහිපය හුඟක්ම අවිවේකී වුනු නිසාවෙන් “සොඳුරු සුව අසපුව“ වෙත අළුත් ලිපියක් එක් කරන්නට ලැබුණෙ නැහැ . අදත් මේ ඉදරිපත් කරන්නේ අළුත් ලිපියක්ම නම් නොවෙයි , මීට කළකට පෙර එක් කළ ලිපියක් , ඒත් එය නැවත ඔබ හමුවට ගෙනෙන එක යුතුකම්යැයි සිතන්නට පෙළඹෙන පුවතක් පසුගිය දිනෙක “ලක්බිම“ පුවත් පතේ පළවුනා. නිසි ලෙස දැනුවත්ව කටයුතු නොකළහොත් අනාගතයේ දවසක ,“තවත් ආසනික් ප්‍රශ්නයට වැනි “ සමහර විට ඊටත් වඩා පැතිරුණූ විපාක ලබා දෙන අනතුරක් ගැන ඒ පුවතෙන් කියැවුනු ලිපියම උපුටා ගැනීමක් ලෙසින් අරඹමින් අද ලිපිය ගෙනේනනයි සූදානම . මේ ඒ ලිපිය
“උපුටා ගැනීම . ලක්බිම අන්තර්ජාල පිටපත - http://www.lakbima.lk
දිනය - 2013 මාර්තු 30 12:25 a.m
ලේඛිකාව - ශ්‍රියානි විජේසිංහ
අධිමාත්‍රාවෙන් ගැනීම අනතුරුදායකයි - ජාතික රෝහලේ අධ්යක්ෂ අනිල් ජාසිංහ
2013 මාර්තු 30 12:25 a.m
පැරසිටමෝල් ඖෂධය අනිසි ලෙස අධිමාත්‍රාවෙන් භාවිත කිරීමෙන් ඇතිවන විෂවීම් හේතුවෙන් රෝහල් ගත කරන රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇතැයි ජාතික රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය. ඒ මහතා මේ බව පැවැසුවේ ජාතික රෝහලේ ධුලක වෛද්‍ය හා විෂ තොරතුරු පිළිබඳ මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේ පැවැති සම්මන්ත්‍රණයක දීය. දින තුනක් තුළ පැරසිටමෝල් අධිමාත්‍රාවෙන් ගැනීමෙන් අක්මාවට හානි සිදුවන බවත් වයිරස උණ රෝග සඳහා අනිසි ලෙස පැරසිටමෝල් භාවිතය මරණය පවා සිදුවීමට හේතුවක් වී ඇති බවත් එහිදී අනාවරණය විය.
උපුටා ගැනීම අවසන් .----------
මෙතැන් සිට ඔබට කියවන්නට ලැබෙන්නේ ‘‘සොඳුරු සුව අසපුවේ“ 19වන ලියැවිල්ලයි . අවස්ථාවක් ඇතොත් කියවන්න එය , හඳුනාගන්න තවමත් සමහර විට අපට දැනුනේ නැති , දැනගත්තත් නොදැනුනා සේ ඉන්න ආපදාවන් අප ළඟම ඇති බව .

Subscribe to:
Posts (Atom)