2011/08/21

48) පියයුරු පරිස්සම් කර ගන්න ....


ගාල්ල කොළඹ - කොළඹ ගාල්ල.
පහුගිය දින දෙක ටිකක් කළබලකාරී වුනා , කොළඹ ගාල්ල අතරේ පැදල හරිම මහන්සියි , ඒ නිසාම පහුගිය post එකේ comments වලට reply දෙන්න ටිකක් ප්‍රමාද වුනා . 


කොහොම වුනත් අදත් අපට කතා කරන්න තියෙන්නේ මේ ඇරඹුණු පුංචි පැටියාගේ ලෝකය සුන්දර සහ නිරෝගි කරන්නට අපි සූදානම් විය යුතු ආකාරය ගැන. වෙනද වගේම අදත් මීට අදාල 45 , 46 සහ 47 ලිපි කියවා නැත්නම් ඒ ගැන ටිකක් අධ්‍යයනය කරලම මේ කතාව පටන් ගනිමු.මොකද මේ සියල්ල එකිනෙක බැඳුනු කරුණූ , ඔක්කොම එකවතාවට ලිව්වොත් ප්‍රයෝජනය අඩු වෙන්න පුළුවන් නිසා තමයි මේ විදියට කොටස් හතරක් පහක් එක්ක ලියන්නේ.


අද අපි කතා කරමු , පියයුරු ගැන . විශේෂයෙන්ම දරු උපතකදී මේ පියයුරු වල වන වෙනස් වීම් , සහ කිරිදීම වෙනුවෙන් පියයුරු හැඩ ගස්වා ගන්නා විදිය . සමහර විට මේ ලිපි ඔබට එතරම් නොවැදගත් කියල හිතෙන්න පුළුවන් , එහෙම නම් මෙය වැදගත් වේ යැයි සැලකෙන අයෙක් වෙත යොමු කරන්න.


ආදරණිය පෝෂණ මල්ල..
ඇත්තටම මේ පියයුරු වැදගත්කම මොකක්ද ? ඔව් මම දන්නවා , ඔබ විවිධ මත පළ කරාවි , ඒ සියල්ල නිවැරදි වෙන්න පුළුවන් , ඒත් මානව විද්‍යාඥයින් සහ ජීව විද්‍යාඥයින් කියන විදියට නම් පියයුර කියන්නේ “ලිංගික සංකේතයක් සහ පැටවුන් වෙනුවෙන් තිබෙන පෝෂණ මල්ලක්“ , අපි මෙයින් පළමු කරුණ ගැන කතා නොකර (මොකද ඒ ගැන ඉතින් කියන්න ඕන නැහැනේ) දෙවැනි කරුණ ගැන ටිකක් විස්තරාත්මකව කතා කරමු.ඒ කතාවෙදි මුලින්ම පියයුරු හැදිල තිබෙන හැටි පිළිබඳව හොයල බලන්නම වෙනවා.





Image


මේ තිබෙන්නේ පියයුරක ඇතුලත පෙනෙන ආකාරය සටහනකින් , මේ කෙළවරේම රතුපාට ඉදි වගේ තිබෙන්නේ පේෂි Muscles එයින් තමයි පියයුරු පපුවට හයි කරල තිබෙන්නේ , මතක තියා ගන්න ඕන දෙයක් , ඔය පේෂිය තමයි පියයුරේ බර දරන්නේ , පියයුරු විශාල වීමත් එක්ක , කිරි දීමේදී සිදුවන වෙනස් කම් එක්ක , ඔය පේෂීයට ටිකක් වැඩ වැඩි වෙනවා , එතකොට මේ පේෂි ටිකක් ඇඳෙන ගතියක් එන්න පුළුවන් , එතකොට තමයි ඔය පියයුරු වැහැරිලා වගේ පේනනේ , ඒ නිසා ඔය පේෂී වලට පොඩි සහයෝගයක් විදියට හොඳ bra එකක් අදින එකේ වැදගත් කමක් තිබෙනවා,හුඟක් තද නැති ඒ වගේම හුඟක් බුරුල් නැති , පියයුරට ප්‍රමාණවත් උදව්වක් දෙන එකක්ම තෝර ගන්න  , නිදා ගන්නා කාළයටත් මෙය අඳිනවානම් හොඳ නිසා සමට මෘදු , දහදිය හොඳින් උරා ගන්නා නිශ්පාදනයක් නම් වඩාත් හොඳයි .විශේෂයෙන්ම කිරි දෙන කාළයට නම් ඒ වෙනුවෙන්ම සැකසූ feeding bra එකක් අඳින්න , 


එයින් ඇතුලත ගත්තොත් කහපාටට පිරවීමක් filling  තියෙනවා නේද  ? ඒ තමයි fat tissue එහෙම නැත්නම් මේද පටකය , මේ මෙද පටක ප්‍රමාණය වැඩි වූ තරමට පියයුරේ විශාලත්වය වැඩි උනත් , ඒ විදියට පියයුර විශාල වීම සහ නිශ්පාදනය වන කිරි ප්‍රමාණය අතර සම්බන්ධයක් නැති තරම් . (ඒ කියන්නේ පියයුරු ටිකක් කුඩා උනා කියල “මට කිරි නෑ කියල අඬන්න එපා“) .


ඔය මේද පටකය අස්සේ පරිස්සමට හංගල තියෙන පද්ධති ටික තමයි කිරි නිශ්පාදනාගාර වෙන්නේ . පේනවද එයි කෙළවරේම milk gland කියල නම් කරල තියෙන අකුළපු balloon  වගේ කොටස් , ඇත්තටම ඒ තුල තමයි කිරි නිශ්පාදනය වෙන්නේ ,(ඒක ලොකු කතාවක් අපි ඒ ගැන මව්කිරි ගැන කතා කරන ලිපියකදි විස්තරාත්මකව කතා කරමු.) ඒ නිශ්පාදනයන් duct කියන බට පද්ධති දිගේ ඉස්සරහට අරගෙන ඇවිත් ඔය බටේම ටිකක් ඉදිමුණු ප්‍රදේශයක් reservoir නමින් තිබෙන තැන තාවකාළිකව තැනපත් වෙලා තිබිළා , අවශ්‍ය වෙලාවට බාහිරට (දරුවගේ මුව තුලට) මුදා හැරෙනවා , (මේ කිරි නිශ්පාදනය වීමේ ක්‍රියාවලිය ඊට අදාල අනෙක් වෙනස්වීම් සිද්ධ වෙන්නේ පිළිසිඳ ගැනීමක් එක්ක , ඒ සඳහා අවශ්‍ය හෝමෝන සියල්ල අවශ්‍ය ප්‍රමාණයට එක්වෙන්නේ ඒ අවස්ථාවෙදි .)




breastඒ කිරි එළියට නිකුත් කරන “හොට“ , අපි නම් කරන්නේ Nipple(1) කියල , නිපලය කියල සිංහලෙන් කියනවා ඔය නිපලයට තමයි අපි මුලින් කී කිරි නිශ්පාදනාගාර වල බට සියල්ල විවෘත වෙන්නෙ, ඊට පිටුපසින් තියෙන ටිකක් තද පාට බාහිර පෙදෙස Areola(2) ඇරියෝලාව නමිනුත් හඳුන්වනවා.ඔය ඇරියෝලාව හරියේ කළුපාට පුංචි බිබිළි වගේ තියෙන්නේ විශේෂිත ග්‍රන්ථි වගයක් , එයින් ඇරියොලාව ප්‍රෙදේශයට මෘදු තෙල් වැනි ස්‍රාවයක් නිකුත් කරනවා , එය නිපලයේ තෙතමනය පවත්වා  ගන්න හරිම වැදගත්.ඒ වගේම ඒ ග්‍රන්ථි වලින් එන මේ තෙල්මය ස්‍රාවයේ ආවේනික සුවඳක් තිබෙනවා.


ඕන්න පාඩම ඉවරයි , දැන් අපි කතා කරමු ගර්භණී කාළයෙදි කොහොමද “කිරි දීම “ සඳහා පෙර සූදානම වෙන්නේ කියල.මුලින්ම බලමු ගර්භණි කාළයේදි පියයුරු වල සිදුවන වෙනස්කම් මොනවද කියලා ? ඒ වෙනස්කම් හඳුනාගැනීම මානසික වශයෙන් හොඳ පෙළඹවීමක් කරනවා කිරි නිශ්පාදනයට , තමන් අම්ම කෙනෙක් වෙන්න යන බව පෙන්වන මේ වෙනස්කම් මොනවාද ?


තූ......ති      අම්මා.....
ඔබේ ගර්භණී සමයනම් මේ , පියයුරු ටිකක් වේගයෙන් විශාල වන බවක් පෙනේවි , ඉදිමිලා වගේ ටිකක් ඉදිරියට ඇදිල වගේ , ඇල්ලුවම ටිකක් රිදෙනවා වගේ දැනේවි බය වෙන්න එපා , ඔය ඇතුලේ “කිරි ෆැක්ටරිය “ වැඩ පටන් ගන්න ටික ටික ලෙහෙස්ති වෙන නිසා ඇති වන වෙනස්වීම් , නෙපෙනුනාට පියයුරු ඇතුලේ ලේ ගමනාගමනය වැඩි වෙනවා , අර කිරි හදන ග්‍රන්ථී විශාල වෙනවා , හුඟක් දේ වෙනවා.


ඇරියෝලාව පෙදෙසේ පාට ටිකක් තද පාටක් ගන්න පුළුවන් , ඒ කියන්නේ ඒ හරියේ තියෙන ග්‍රන්ථී , රුධිර වාහිනි වැඩ පටන් අරගෙන . ඒ වගේම ඔය කාළෙට ඇඟ ඇතුලේ නිශ්පාදනය වන හෝමෝන (ඊස්ටජන් සහ ප්‍රොජෙස්ටරෝන්) වැඩිවීමත් මේ පාට වෙනස් වීමට හේතුවක් .ඒවිදියට පාට වෙනස් වීම වැදගත් , මොකද එතකොට පැටියට හරිම ලේසිය එයාට වැදගත්ම තැන හොයාගන්න .ඒ වගේම ඔය ප්‍රෙද්ශ‍යේ  තියෙන ග්‍රන්ථි වලින් එන ස්‍රාවයේ සුවඳ , පැටිය වටේ දැනට තියෙන දියරයේ (ගර්භාෂයේ ඉන්න පැටිය වටේට ආරක්ෂක දියරයක් තිබෙනවා) සුවඳට සමානයිළු , ඒ නිසා ඉපදිච්ච ගමන් වුනත් පැටියට හුරු පුරුදු සුවඳ හොයාගෙන ගිහින් එයාට වැදගත්ම තැන හොයා ගන්න පුළුවන්.


ඒ වගේම ගර්භණීත්වයේ සති 16ක් 18ක සිට  පියයුරු වලින් ටිකක් කහ අඳුරු පාටකට හුරු ස්‍රාවයක් කාන්දු වෙන්න පුළුවන් , අපේ කිරි ෆැක්ටරියේ මුල්ම නිශ්පාදනයන් , ඒ ගැන බයවෙන්න එපා , එහෙම leak වුනොත් සාමාන්‍ය  වතුරෙන් සෝදල පිරිසිදු ඇදුමක් ඇදගන්න, ඒ දියර උරා ගන්න පුළුවන් විදියේ breast pad එකක් අඳින්න පුළුවන් නම් වඩාත් හොඳයි , හැබැයි ඒක ඇන්ද කියල දවසේම තියාගන්න එපා වරින් වර එය ඉවත් කරල පිරිසිදු කරගන්න ඕන ,සබන් දාල සෝදන්න එපා නිපලය පෙදෙස , මොකද සබන් නිසා නිපලය අවට තිබෙන තෙල් ගතිය සේදිලා ගිහින් , වියලෙන්න පුළුවන් , එ විදියට නිපලය අවට වියළුනොත් කරදර ගොඩයි .


සාමාන්‍ය හැඩය
ඔබ ගර්භණී නම් මේ වෙනස්කම් ගැන ටිකක් අවදානයෙන් ඉන්න , දැන් ඔය කරුණු ටික ගැන හොයන කොට , හොඳට බලන්න ඕන තැනක් තිබෙනවා ,  ඒ තමයි නිපලයේ හැඩය ගැන , ඒ ගැන ටිකක් හිතල බැලුවට කමක් නැහැ , මොකද නිපලයේ හැඩය යම් තරමකට වැදගත් දරුවා කිරි හොඳින් ලබා දීමට.


එතැනදි අපි සාමාන්‍ය , හොඳ නිපලයක පිහිටීම මේ රූප සටහනෙන් බලමු.මේ තමයි නිපලයේ හැඩය සාමාන්‍ය Normal nipple ,පැවතිය යුතු හැඩය , තමන්ගේ ඇඟිලිවලින් හොඳට අල්ලන්න පුළුවන් , මේ විදියට නිපලය තිබුණොත් දරුවට කිරි උරාබීම පහසුයි , 


දැන් ඉතින් නිපල් එක හරියට නෑ කියල කළබල වෙන්න එපා, ඒවටත් ක්‍රම තියෙනවා ටිකක් ඉන්නකෝ.


මීට ටිකක් වෙනස් විදියේ නිපල් පිහිටීම් තිබෙන්න පුළුවන් , අපි ඒව නම් කරනවා Flat nipple තවත් ආකාරයක් inverted nipple කියලා. මේ අවස්ථා දෙකම , කිරි දීමේ ක්‍රියාවෙදි යම් තරමක බාධා , කරදර ඇති කරනවා , එ නිසා මෙවන් පිහිටීමක් තිබෙනවා නම් නොසලකා හරින්න එපා , එය නිවැරදි කර ගන්න පුළුවන් නිසා උත්සාහ කරන්න .
inverted nipple හි අවස්ථාවක්




මේ පිහිටීම බලන්න , මෙහි එළියට හොඳට නෙරා ආ නිපලයක් හඳුනගන්න අමාරුයි , හොඳට බැළුවොත් පෙනේවි නිපලය ඇතුලට ගිහින් , මේ අවස්ථාව වෛද්‍ය විද්‍යානුකූලය Inverted nipple කියල නම් කරනවා ,  ඒවගේම පහල රූප සටහනෙන් පෙන්වන්නේ flat අවස්ථාව බලන්න එහි හැඩය.




මේ අවස්ථා දෙකම නිසි ලෙස නිවැරදි කර ගැනීම කළ යුතුයි ,  බොහෝ අවස්ථා වල එය කළ හැකියි , නොවෙතත් ඒ වෙනුවෙන් තවත් තාක්ෂණික උපක්‍රම තිබෙනවා , ඒනිසා දැන්ඉතිං බය වෙන්න ඕන නැහැ.


අපි දැන් බලමු මේ වගේ inverted හෝ flat නිපල් තත්ත්වයක් තිබේ නම් මොකද කරන්නේ කියලා.හොඳට මතක තබා ගත යුතු කරුණ තමයි මේ නිවැරදි කිරීම් කර ගන්නට බබා හම්බවෙනකම් ඉන්න එපා, ඊට මාස දෙක තුනකට පෙර සිට මේ නිවැරදි කර ගැනීම කරන්න පටන් ගන්න ඕන.


හැබැයි ඇතුළෙන් පලඳින්න..
මේ ගැටළුව නිවැරදි කරගන්න විවිධ උපක්‍රම තිබෙනවා අපි එයින් සරළ , පහසු සහ මිල අඩුම ක්‍රමය ගැන මුලින්ම කතා කරමු .ඒ තමයි ඇයට තම දබර ඇඟිල්ල සහ මහපට ඇඟිල්ල භාවිත කරමින් ඇරියෝලාව පහලින් පටන් ගෙන පොඩි තෙරපිමක් කරමින් නිපලය ඉවතට මෘදුව තෙරපීම , ඒ වගේම චක්‍රීයව සම්බාහනය කිරීමක් කරන්නත් පුළුවන් , දිනකට මෙලෙස වාර දෙක තුනක් කිරීමෙන් යම් තරමක යහපත් ප්‍රතිපලයක් ගන්න පුළුවන් මෙම ක්‍රමය Hoffman method ලෙසින් හඳුන්වනවා . ඒත් අද මේ ක්‍රමයේ සාර්ථක භාවය ගැන යම් තරමක අවිශ්වාසදායක බවකුත් නැතිවා නොවේ , මක් නිසාද ඊට වඩා සාර්ථක තාක්ෂණික ක්‍රම අද පවතින නිසා .


ඒ වගේම nipple former කියන ප්ලාස්ටික් උපකරණයත් මේ සදහා යම් උදව්වක් කෙරෙනවා , අවසන් මාස දෙකක සිට ඔබේ පියයුරු පළඳනාවට යටින් පළඳින්නට පුළුවන් උපකරණයක් , මෙයින් ඇරියෝලාව වටා යම් තෙරපීමක් ඇති කරමින් නිපලය ඉවතට නෙරවිමට උත්සාහ දරනවා.


නමුත් මේ වෙනුවෙන් බහුලව භාවිත කෙරෙන උපක්‍රමයක් මේ , අවශ්‍ය ද්‍රව්‍ය තමයි මිලිලීටර් දහය ප්‍රමාණයේ අළුත් සිරින්ජයක් , හොඳට කැපෙන blade එකක් , දැන් බලමු මේ උපකරණය හදා ගන්න හැටි. මුලින්ම සිරින්ජයේ කටුව සවි වෙන ප්‍රෙද්ශය රූපයේ විදියට කපල ඉවත් කරන්න.




ඊට පස්සේ සිරින්ජය ඇතුලේ තිබෙන plunger එක , අර අදින කොටස ඉවත් කරලා , අපි කපපු පැත්තෙන් ආයේ ඇතුළු කරන්න.  







දැන් උපකරණෙ සූදානම් , දැන් එහි විවෘත කෙළවර නිපලය තිබෙන ප්‍රෙද්ශයට තියල ටිකක් තෙරපීමක් 




කරමින් හොඳට රඳවගෙන plunger එකෙන් ඉවතට අදින්න , දැන් ඔබට පෙනේවි නිපලය සිරින්ජය ඇතුලට ටිකක් නෙරා ආව වගේ , තත්පර 15ක් 20ක් ඔහොම ඉන්න . දැන් නිදහස් කරන්න . මේ විදියට වාර කිහිපයක් කරන්න  , නිපලයේ ගැටළු යම් තරමකට විසඳේවි.


මේ ක්‍රම යම් තරමකට සාර්ථක වනොත් ඉදිරියේදි , දරුවට කිරි දෙන අවස්ථාවේ ටිකෙන් ටික නිවැරදි වේවි ,මොකද දරුවා කිරි උරා බීමේදිත් මේ වගේ ඇදීමක් වෙනවානේ .


පියයුරු පොම්පේ ..
මේ ක්‍රම එකක් වත් හරි නොගියත් දරුවට කිරි දෙන්න පුළුවන් . ටිකක් දරුවටත් , අම්මටත් වැඩිපුර මහන්සි වෙන්න වෙනව , එහෙම නැත්නම් අද පුළුවන් ප්ලාස්ටික් ශල්‍යකර්ම මඟින් මේ වගේ ගැටළු නිවැරදි කර ගන්න , නැත්නම් breast pump වගේ උපකරණයක් භාවිත කරමින් දරුවට කිරිදෙන්නත්  පුළුවන් , ඒ නිසා මේ වගේ ගැටළුවක් දැක්ක පමණින් “ඔක්කොම ඉවරයි “ කියල හිතන්න නම් එපා.




අපි මෙතෙක් කතා කළේ දරුවා බිහි වෙන්න ඉස්සර වෙලා පියයුරු රැක බලා ගත යුතු ආකාරය , දැනු අපි කතා කරමු දරුවා බිහිවෙලා කිරි දෙන අවස්ථාවේ එන්න පුළුවන් ප්‍රශ්න සහ ඒවාට කළ හැකි දේ මොනවද කියලා ...මේ ලිපිය කියවගෙන යන මහත්තුරුන්ට දැන් හිතෙනව ඇති “අපි නිකං උඩින් දැක්කට මේකේ තියෙන බර.....මේ ගැන දැන ගන්න තියෙන තරම් ‘‘ නේද ?.... 


කිරි දෙන මවකට මුල් දින කිහිපය තුල දැනෙන ටිකක් වේදනාකාරී අත්දැකීමක් තමයි , පියයුරු තද වීම , අපි වෛද්‍යවිද්‍යාත්මකව Engorgement කියල හඳුන්වන මේ තත්ත්වයට හේතුව දරුවා බිහිවීමත් එක්ක කිරි නිශ්පාදනය එකවරම අධික ලෙස වැඩිවීම, ඒ වගේම දරුවාට ප්‍රමාණවත් ලෙස කිරි නොදීමත් හේතුවක් , දැන් මොකද වෙන්නේ හැදෙන කිරි අපි මුලින් කතා කළ කිරිබට දිගේ එකතු වෙලා , තද වෙනවා , ඒක ටිකක් වේදනාකාරී බවකින් තමයි ඇයට දැනේනේ,  

රස්නෙට නාගන්න ....
කරන්න තියෙන හොඳම දේ තමයි , දරුවට තව කිරි දෙන එක , දරුවට අවශ්‍ය තරමට  කිරි දෙන්න , ඒ වගේම කිරිදෙත්දි මව ඉන්න විදියත් වරින් වර මාරු කරන්න ,  ඒකිව්වේ දැන් ඇදේ හාන්සි වෙලා දරුවට කිරි දෙනව නම් තව ටිකකින් වාඩි වෙලා ඉඳගෙන කිරි දෙන්න , අනෙක එකම පියයුරෙන් දෙන්න එපා ,මාරුවෙන් මාරුවට පියයුරු දෙකෙන්ම කිරි දෙන්න. හුඟක්ම අපහසුනම් මද උණුසම් වතුරෙන් පියයුරු අවට තැවීමක් වගේ කරන්න පුළුවන් , පිට දෙපැත්ත ටිකක් හොඳට මසාජ් කර ගන්න , දැති රවුම් පනාවක් අරගෙන පියයුරේ ඉහළ ඉඳළා නාපලය දිහාවට මෘදුව පිරන්න , ඒක හොඳ සම්බාහන ක්‍රමයක් ,ඒ එක්කම  නැත්නම් හැකියාවක් තිබේනම් උණුවතුර ටිකක් නාගන්න , ඒවිටත් කිරි පහසුවෙන් එළියට එනවා , එවිට දරුවට හොඳට කිරි දීල ඔය වේදනාවත් අඩු කරගන්න පුළුවන්. හැබැයි දරුව රෝගී නම් කිරි උරා බොනව අඩු නම් අපි මුලින් කතා කළ breast pump එකක් භාවිත කරල හෝ අතින් හරි ඒ කිරි ඉවතට ගන්න එක හොඳයි , ඒ විදියට ගන්න කිරී ඉවතට විසි කරන්න එපා , බොහොම හොඳට දරුවට දෙන්න පුළුවන්.හැබැයි කිසි වෙලාවක නිපලය මිරිකල කිරි ඉවත් කරන්න හදන්න එපා , එතකොට වෙන්නේ තව දුරටත් කිරි ඉවත් වීම අවහිර වෙන එක. අතින් ඉවත් කරනවා නම් මෘදුව පියයුරේ ඉහළ සිට පහලට ඇවිත් ඇරියෝලාව වටේ මෘදුව තෙරපමින් කිරි ඉවත් කරන්න පුළුවන්. 


Image
මෙන්න මේ විදියට කිරි ඉවත් කරන්න 
අතින් කරනවා නම් මේ රෑප සටහනේ විදයට ඇරියෝලාවට පිටින් C අකුරේ හැඩේට ඇඟිලි තබා ගෙන පියයුරු පපුව දෙසට තෙරපන්න , එවිට කිරි නිකුත් වේවි ඉවතට.




ඔබට මතකද මේ තත්ත්වයේදී දරුව අඬන හඬ ඇහුනත් ඔබේ පියයුරු වල වේදනාව වැඩි වෙනවා ,  ඒකට හේතුව ඔබේ හෝමෝන ක්‍රියාකාරීත්වය සහ දරුවා වෙත ඇතිවන ආදරය , ඒ හැඟිම් ලොකු බලපෑමක් කරන නිසා.අපි ඒ ගැන විස්තරාත්මකව ඊළඟ ලිපියෙදි කතා කරනවා . හරිම සුන්දර සිදුවිමක් එය.


අනිත් ප්‍රශ්නේ ...අපෝයි දැන් හිතෙනවා ඇති මෙච්චර ප්‍රශ්න ද කියල ? ඔව් මොන වැඩේ වුනත් කරගෙන යද්දි එක එක ප්‍රශ්න එනවනේ , මෙතැනදිත් එහෙමම මයි , අපි දැන් ඒ වෙන්න පුළුවන් ප්‍රශ්න ටික දැන ගත්තම කරදර වෙන්න ඉස්සර වෙලා සූදානම්ව ඒ කරදරෙන් මිදෙන්න පුළුවන් නේ.




කිරි ගැටයක් ...
ඔය විදියටම කිරි ගල් වීම කියන තත්ත්වයටත් කටයුතු කරන්න වේවි , Galactocele කියන මේ අවස්ථාවෙදි එළියට නොඑන කිරි , පියයුරු අතුලේ තිබෙන කිරි ගලා එන නාල ඇතුලේ හිර වෙන එක. ඒ විදියට නාල අවහිර වුනාම එය ගෙඩියක් , නැත්තම් ගැටයත් විදියට එළියට මතුවෙනවා . රිදෙනවා , මේ තත්ත්වයේදීත්  අපි මුලින් කී ක්‍රියාමාර්ග අරගෙන බලන්න , විශේෂයෙන්ම මද උණුසුම් තැවීම් , මෘදු සම්බාහනය කිරීම මගින් මෙම ගැටළුව මගහරවා ගන්න පුළුවන් ,  ඒ අතරේ දරුවට හොඳට කිරි දෙන්න , මේක කිරි නොදී ඉන්න හේතුවක් නම් නොවෙයි . නමුත් දින දෙකක් තුනක් යනකම් මේ ගැටළුව නොවිසඳුනා නම් වේදනවා අධික නම් ඔබේ පවුලේ වෛද්‍යවරයා හමුවෙන්න , ඔහු සරළ ප්‍රතිකාරයකින් එම ගල් ගැහුණු කිරි ඉවත් කරාවි , සරළ වේදනා නාශකයක් ලබා දේවි.


cracked nipple තුවාලයක් 
අනෙක් ගැටළුව තමයි Sore nipple එහෙම නැත්නම් crack nipple කියන තත්ත්වය , හරිම වේදනාකාරී , මෙතනදි වෙන්නේ කිරි දීමේ රටාවේ ඒ කියන්නේ කිරි දිම සඳහා දරුවා රදවා ගන්නා ආකාරයේ ,දරුවගේ කට ඇතුලට මවගේ නිපලය ඇතුළු වන ආකාරයේ , යම් වරදක් , හෝ දරුවාගේ උරාබීමේ ගැටළුවක් වැනි හේතුවක් නිසා නිපලය තුවාල වීම , එම සම කැඩිල යන්නත් පුළුවන් .සාමාන්‍යෙයන් දරුව බිහිවෙලා දින හතරක් පහක් යනකොට මේ තත්ත්වය එන්න පුළුවන් . මේ තත්ත්වයේදි කරන්නට පුළුවන් එම නිපලය සහ ඇරියෝලව ප්‍රදේශය හොදින් සෝදල පිරිසුදුව තියන්න .හුගක් වෙලාවට එය තත්ත්වය ඉබේම අඩු වෙලා යනවා , නමුත් කිරි දෙන  එක නවත්වන්න නම් එපා , විශේෂයෙන්ම මේ අවස්ථාවේ තුවාල නැති පියයුරෙන් වැඩි වෙලාවක් කිරි දෙනවා නම් හොඳයි ,  


නිපල් ෂීල්ඩ් එකකින් කිරි දෙන අවස්ථාවක් 
කෙසේ වෙතත් තත්ත්වය උග්‍ර වෙනවා නම් වෛද්‍ය ප්‍රතිකාරයක් ගන්න , මොකද මේ වේදනාව නිසා කිරි එරීමේ ක්‍රියාවලියට පවා කරදර වෙන්න පුළුවන් ,  ඒක දරුවට හොඳ නැහැ , බොහොවිට වෛද්‍යවරයා ඔබට යම් ඖෂධීය ආලේපනයක් ලබා දේවි (ක්‍රීම් වර්ගයක්) , එය උපදෙස් අනුව පාවිච්චි කරන්න . සමහර විට ඔබට nipple shield කියන උපකරණය භාවිත කරමින් කිරි දෙන්නත් පුළුවන්.


මීට අමතරව කිරි දෙන කාළ සීමාවේ පියයුරු වල වේදනාවක් එක්ක උණ ගත්තොත් අනිවාර්යයෙන්ම නිසි වෛද්‍ය ප්‍රතිකාරයක් ගන්න ඕන . 


ඔන්න දැන් ප්‍රශ්න පත්තරේ ටිකක් ඉවරයි , පේනවනේ බබා හදන්න කොයි තරම් ඉගෙන ගන්න ඕනද කියලා නේද ? ඒකත් ලේසි වැඩක් නෙවි , නමුත් දැන ගෙන මේ වැඩේ පටන් ගත්තොත් කිසිම කරදරයක් නැතිව සුන්දරම අත්දැකීමක් ලබන්න පුළුවන් .


අපි ඊළඟට කතා කරන්නේ මව් කිරි දිම සහ එහි වැදගත්කම් ගැන , බලාපොරොත්තුවක් තිබෙනවා මේ ලිපි පෙල අවසන් වුනාට පස්සේ , දරුවෙක් ගැන හිතන තැන ඉඳළ , දරුවෙක් බිහිවෙලා රැක බලා ගන්නා අවස්ථාව දක්වා සියළුම කතා ටික එකම PDF එකක් විදියට ඔබට ලබා දෙන්න , හැබැයි ඕන කරන අයට විතරක් , මොකද මොන දේ උනත් නිකං දෙන කොට නාස්ති නොවෙන්න නම් එය දෙන්නට ඕන “ඇත්තටම අවශ්‍ය කෙනාට විතරයි “ කියන මගේ අදහස නිසා , එ නිසා ඔබට අවශ්‍ය නම් මේ සියල්ල PDF එකක් විදියට  මෙතැන ක්ලික් කරන්න , (එතකොට internet නැතත් කියවන්න පුළුවන් , අනික ඕන නම් print කරගෙන බෙදා හදා ගන්නත් පුළුවන්නේ ) 


එහෙම නම් අදට යන්නම් ඉක්මණින් නැවතත් එනවා ...

28 comments:

  1. මේ කරුණු ටික නම් මම දන්නේ නෑ.
    ලිපිය කියවලා තමයි දැනගත්තේ. ගොඩක් වටින ලිපියක්

    ReplyDelete
  2. වටිනා ලිපියක් නිශාන්ත මහත්මයා,
    මේ ලිපිය බලද්දී මට හිතුනේ රැකියාවක් කරන මවක්
    දරුවා ලැබී ප්‍රසූත නිවාඩුවෙන් පසු නැවත රැකියාවට යනවිට ඇය මොන තරම් වේදනාවක් විදිනවා ඇත්ද මේ කිරි තදවීම නිසා. පියයුරු සබන් වලින් සෝදන්න හොද නැති බවත් කලින් දැන සිටියේ නෑ.
    ...මේ ලිපිය පිරිමි පක්ශයත් බැලිය යුතුම එකක් නේද? එයාලත් දැනුවත් වෙන්න ඕන මේ දෙවල් ගැන.
    බොහොම පිං....
    අර දරුවෝ "හපනා පොත" ගත්තාද?

    ReplyDelete
  3. මට ලොකු ආසවක් තිබුනා පලවෙනියට ම අදහස් දක්වන්න අද වාසනාව උදා වුනා.සර් මගේ නංගි ඉපදිලා මාසයක් යන්නත් කලින් අපට සමු දුන්නා කිරි හිරවිමකින්.ඒ අපේ අවාසනාව මට දැනුන ඒ දුක කාටවත්ම නොදැනෙන්න සර් ට පුලුවන්නමි කිරි දීමෙන් පසුව කරන ගුඩුස් හැරීම පිලිබදව නිවරදි ආකාරය කියා දෙන්න

    ReplyDelete
  4. සෑහෙන වටින පාඩමක්... ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම,විශේෂයෙන්ම අලුත බබාලා ලැබුන අයට වගේම හෙට අනිද්දා බබෙක් බලාපොරොත්තුවෙන් ඉන්න අයටත් බොහොම වැදගත්. හොඳම දේ සරලව පැහැදිලිව කියල දෙන එකට බොහොම ස්තුතියි....

    ReplyDelete
  5. -මධුරංග ,
    ස්තුතියි මධුරංග , යාළුවන්ටත් අවශ්‍ය තැනකදි උපදෙස් දෙන්න පුළුවන්නේ ? ඒ නිසා දැන කියවන්න.

    -ගිම්හානි ,
    අනිවාර්යයෙන්ම මෙය පිරිමි පාර්ශවය කියවිය යුතුමයි , මොකද තමන්ගේත් දරු පැටියට බිරිඳ විදින සුන්දර වේදනාවන් ඔහු හඳුනාගත යුතු මයි , එතැනයි ආදරයේ ශක්තිමත් බැමි බැදෙන්නේ .
    ගාල්ල විජිත යාපා එකේ අපිට හොයා ගන්න බැරි උනා , ඒත් ඒ පාර මහමෙර ගන්න ඕන කියල ඒක ගත්ත , මොකද මේ දවස් ටිකේ පිච්චමල , ඊළඟට අරලියමල් ආරාමය ඒ නිසා මහමෙර අරන් දුන්නා . හෙට අනිද්දා ආයේ කොළඹ ආවම ගුණසේන එකේ බලන්නයි හිතාගෙන ඉන්නේ .
    ස්තුතියි ගිම්හානි , හැමදාමත් අපි දිරි ගන්වනවාට , විශේෂයෙන්ම මගේ පැටවුන්ටත් දිරි දෙනවාට.

    -නදීශා දුවේ
    ඔයාගේ පළමු බලාපොරොත්තුවට තව කල් තියෙනව වගේ ..කමක් නැහැ උත්සාහ කරන්න , ජය එතැනයි . ඒ වගේම පේනවද අපිට පේන දේට ඇතුලින් නොදකිනා යථාර්ථයක් පවතින බව .
    අනිවාර්යයෙන්ම ඊළඟ ලිපියෙදි ඒ ගැන කතා කරනවා .
    ස්තුතියි දුවේ , ඔබේ මිතුරනුත් දැනුවත කරන්න , ළඟදිම field program කරන්නත් යන්න තියෙනවනේ .

    ස්තුතියි දුව .

    ReplyDelete
  6. ඔබට ඒ පොත සොයා ගන්න බැරි උනොත් මට දන්වන්න.

    ReplyDelete
  7. Gimhani,
    ස්තුතියි . මේ දවස් ටිකේ ජයසේන ජයකොඩි මහත්මයගේ පොත් ටිකට වශීවෙලා වගේ කියවනවා , රාහුල හාමුරුදුරුවන්ගේ චරිතයට පුදුම ආසාවක් ලොකු දුවගේ තිබෙන්නේ , මම උත්සාහ ගන්නව එය සොයා ගන්න නොහැකි වුනොත් ඔබතුමිය අමතන්නම් , විශේෂයෙන්ම ලොකු දුව ඔබ අමතාවි අනිවාර්යයෙන්ම
    ස්තුතියි ඔබ දක්වන හිතවන්න බවට ...

    ReplyDelete
  8. harshana1985 ,
    ස්තුතියි හර්ෂණ , දැනුවත් වෙන්න , අනේක අයත් දැනුවත් කරන්න , සතුට එතැනයි

    ReplyDelete
  9. ලිංග බෙදයකින් තොරව කාටත් වටින ලිපි පෙලක්‌ වගේම...වටිනා බ්ලොග් එකක්‌..
    ස්‌තුතී....

    ReplyDelete
  10. ගොඩක් නොදත් කරුණු කාරණා දැනගත්තා.ස්තූතියි.

    ReplyDelete
  11. මුදී ,
    ස්තුතියි ඔබට,

    නදී,
    ස්තුතියි නදී ...

    ReplyDelete
  12. අලුත උපන් දරුවෙක් මුල් දිනවල හරියාකාරව මව් කිරි නොබීවොත් ඇග කහපාට වෙනවා නේද? ඒ ගැනත් කියන්න පුලුවන්ද?

    ReplyDelete
  13. ඇත්තටම වටින ලිපියක්...... මම මේ ලිපි කියවන්න ගත්තේ ලගදි. නමුත් දැන් මම හැම ලිපියක්ම කියවනවා ... අපේ අක්කිටත් ඔය Cracked Nipple තත්වේ ආවා එයා ගොඩක් වේදනාවෙන් හිටියේ. සීසර් සැත්කමක් නිසා එහෙම වෙන්න ඇති කියල තමයි කිවුවේ. ඒත් එහෙම වෙන්න පුලුවන්ද කියල දැනගන්න කැමති..... සීසර් සැත්කම් ගැනත් කියනවා නම් ගොඩක් වටිනවා සර්............

    ReplyDelete
  14. -Gimhani ,
    ඔව් ගිම්හානි මේ තත්ත්වය අපේ ඉදිරි ලිපියේ මුලික තැනක් දී කතා කරන්නට උත්සාහ ගන්නවා , ස්තුතියි.

    -chamari,
    සීසර් සැත්කමේ ගැටළුවක් නොවෙයි , දරුවාට කිරිදෙන ක්‍රමයේ සහ දරුවා කිරි උරණ ක්‍රමයේ තමයි ප්‍රධානව වරද පවතින්නේ .
    මේ ගැන 50 හෝ 51 වන ලිපියේදි අනිවාර්යයෙන්ම කතා කෙරෙනවා
    ස්තුතියි.

    ReplyDelete
  15. මම හැමදාම කරන්නේ මේ ලිපි කියවලා අපේ මල්ලිගේ වයිෆ්ව දැනුවත් කරන එක.

    ඉතිං ආයෙමත් කියන්නේ....මේ හැම දේකටම ඔයාට ස්තූතියි කියලයි....අයියේ.

    ReplyDelete
  16. අනේ මට දුකත් හිතුනා මම හිතුවා මේ පිටුවේ කාගෙවත් අදහස් නොපෙනෙත්දී මම දිනුවා කියලා ඔබ කියුවා හරි නොපෙනෙන ඇත්තකුත් තියනවා කියලා මට අවබෝධ කලාට ස්තුතීයි ඒත් මම උත්සහය අතහරින්නෑ.ඔව් මම අසාවෙන් ඉන්නේ අපේ field program ආරම්භ වන තුරැ ස්තූතියි ගුරැ පියාණනී.

    ReplyDelete
  17. සියොවැ ආමි,
    සොදුරු සුව අසපුව බැලීමි,
    බැලූ බැලූ බොහෝ දෙනා බොහෝ දේ ලියා ඇති බැවින් කිසිවක් නොලීමි.

    නොනැවතී ඉදිරියටම යන්න!

    ReplyDelete
  18. නදීශා,

    අපි ඊලග දවසේ ඔයගේ අසාව ඉශ්ට කරන්න ඉඩ දෙන්නම්.
    අපි comment කරන්නේ ලේට් වෙලා හොදේ..

    ReplyDelete
  19. -නිල් අහස -
    ස්තුතියි , දැනගත් දේ ගැන තවෙකෙක් දැනුවත් කළවිට දැනෙන නිරාමිස සතුට තරම් සතුටක් තවත් ඇත්ද ? ඒ සතුට ලබන්න , ජීවිතයට ශක්තියක් ඒ සතුටින්ම ලැබේවි .

    -nadeesha
    ඔව් දුව , සමහර විට අපි දකින දේ අනුව හිතුවත් , ඒ තුල අපිට නොහැඟුනු යථාර්ථයක් තිබෙන්නට පුළුවන් බව හිතන්න පෙළඹෙන එක හොඳයි . අපේ හිතට එන දුක් , කරදර බොහොමයකදි මේ උපක්‍රමය වැදගත් වේවි . ඔබට පෙනේවි ඔබ නොදැක්ක තවත් මිතුරන් මිතුරියන් ඔබ ළඟ ඇති බව මේ බ්ලොග් අවකාශය තුල , එයම කෙතරම් සතුටක්ද , නේද දුව ?

    -රත්නායක
    ස්තුතියි , ඇත්තෙන්ම
    ඔබේ පද.
    මට වටී..

    ReplyDelete
  20. ගිම්හානි ,
    ඔබතුමියට තවත් බ්ලොග් අවකාශයේ අළුත් මිතුරියක් හමුවෙලා හැඩයි.!
    සතුටුයි මටත් ....

    ReplyDelete
  21. ලොකු අයියා,

    ඔබ වැනි සම්පතක් හෙද අඹරට පායා ඇතැයි දැනගැනීමම විශාල සතුටක්!

    ReplyDelete
  22. -ඉන්දික,
    ස්තුතියි මල්ලී , ඔව් යම් වැදගත් යමක් අපේ සමාජයට කරන්නට උත්සාහ කරමු නේද ?

    ReplyDelete
  23. පහනෙන් පහන් දැල්වුවාම මුල් පහනේ ආලෝකේ අඩු වෙන්නේ නැහැ එත්.. ලෝකයම ආලෝක වෙනවා කියල අපේ අම්ම කියනවා මට මතකයි.. ඔබ කරන මේ සේවය ඒ වගේ

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සරත් මහත්මයා ...මේ අපේ සතුට නොවැ නේද ?...

      Delete
  24. වටිනා ලිපියක් නිශාන්ත මහත්මයා,
    මේ ලිපිය බලද්දී මට හිතුනේ රැකියාවක් කරන මවක්
    දරුවා ලැබී ප්‍රසූත නිවාඩුවෙන් පසු නැවත රැකියාවට යනවිට ඇය මොන තරම් වේදනාවක් විදිනවා ඇත්ද මේ කිරි තදවීම නිසා. පියයුරු සබන් වලින් සෝදන්න හොද නැති බවත් කලින් දැන සිටියේ නෑ.
    ...මේ ලිපිය පිරිමි පක්ශයත් බැලිය යුතුම එකක් නේද? එයාලත් දැනුවත් වෙන්න ඕන මේ දෙවල් ගැන

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම මෙය මවත් පියාත් දෙදෙනාම දැනුවත් විය යුත්තක් ...
      ස්තුතියි අදහස් දැක්වීමට එක්වූවාට

      Delete
  25. Wonderful web site. Lots of useful info here. I'm
    sending it to some buddies ans also sharing in delicious.

    And obviously, thanks for your sweat!

    ReplyDelete
  26. You are so interesting! I don't suppose I've read through anything like that
    before. So good to find somebody with original thoughts on this topic.
    Really.. thanks for starting this up. This web site is something that is needed
    on the internet, someone with a bit of originality!

    ReplyDelete

ඔබේ අදහස් දැක්වීම , තවත් ලිපියක් ලිවීමට මා යොමු කරයි ....

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , දින 30කට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)