2011/08/07

43) ඔබ දැවෙන සියළු ප්‍රශ්න විසඳනු ලැබේ ..

සේල් ..සේල්...ලාබ සේල්,“
සේල් සේල් ...ලාබ-අලාබ ....සේල් 

“සියයට දහයක් ඩිස්කවුන්ට් “

“ගෙවන්න ගන්න , පොලී නෑ“

“යුග දිවියේ රස විඳින්න“

“ඔබේ සියළු ප්‍රශ්න වලට විසඳුම්“

“සියලු කරදර උපද්‍රව වලින් මිදීමට“

“ගේ දොර අඩ දඹර විසඳීම“

‘සුරා සූදුවෙන් ගලවා ගැනීමට“


අපේ වැඩේ ......මේකමද ?
මගේ මිත්‍රයන්  හිතුවද දන්නෑ ඔන්න මෙයාත් බිස්නස් එකක් පටන් අරන් කියලා , අනේ නැහැ , මම ඔය මාතෘකාවට දැම්මේ පත්තරේක තිබුණු වෙළඳ දැන්වීමක පද කිහිපයක් , 

පත්තරේ බලනකොට එක එක් විදියේ දැන්වීම් , මේ බොහොමයක් දැන්වීම් ඇතුලේ විකිණෙන්නේ අපේ ගැටළුම නේද කියල හිතෙනවා , මොකද අපේ ගැටළුවකට විසඳුම් විදියට තමයි මේ බොහොමයක් දැන්වීම් නිර්මාණය වෙලා තියෙන්නේ , ආර්ථික ගැටළු , රැකියා ගැටළු , පවුල් ආරවුල් , ඇබ්බැහැවීමේ ගැටළු නා නා විධ ගැටළු , එක අතකින් අපි ජීවත් වෙනවා කියන්නෙම මේ “ජීවන ප්‍රශ්න පත්තරේට විසඳුම් සෙවීම හෝ සොයන්න උත්සාහ දැරිම හරි කියලයි මට හිතෙන්නේ ,“


මොකද අපි දන්නවනේ අපි හැමෝටම ප්‍රශ්න , පෙර පාසල් යන දරුවට යාළුවන්ගෙන් ප්‍රශ්න , ඉස්කොළෙ යනකොට ටීචර්ගෙන් ප්‍රශ්න , වැඩිහිටියෙක් වුනාම රැකියාවක් සොයා ගන්න , පාඨමාලාව ඉවර කරගන්න තියෙන ප්‍රශ්න , විවාහකයෙක් වුනාම තවත් ප්‍රශ්න , හැබැයි මේ ප්‍රශ්න එක් එක් අයට සංවේදී වෙන්නේ , ස්පර්ශවෙන්නේ වෙනස් ආකාර වලින් , ඒ වගේම ඒ වලට පිළිතුරු සොයන්නේත් වෙනස් ආකාර වලින් , 


ප්‍රශ්න අනේ ප්‍රශ්න ......
ඒ නිසානේ සමාජය විෂම වෙන්නේ , එක්තරා විදියකින් සමාජ විද්‍යානුකූල ලොකු කතාවක් වුනත් මට හිතුන “ප්‍රශ්න නිරාකරණය හෙවත් problem solving “ කියන සෛද්ධාන්තික කරුණ ගැන ටිකක් කතා කරන්න , ව්ශේෂයෙන්ම පුවත් පත් වල දකික කතා බැලුවන් බොහෝ දෙනෙක් ප්‍රශ්න විසඳීම ගැන නිසි වගකීමක් නොදරන අවස්ථාත් තියෙන නිසා මේ ගැන කතා කරන්න හිතුව , කොහොම වුනත් මම කැමතියි මේක සාකච්ඡාවක් බවට පත් වෙනවා නම් , මොකද සමාජ විද්‍යාත්මක කරුණක් අධ්‍යයනයට හොඳම ක්‍රමය තමයි ප්‍රයෝගික ක්ෂේත්‍රය තුල අධ්‍යයනය කිරීම , 

ඔයාගේ වැරැද්ද (ප්‍රශ්නෙක මුල )
අපිට ඉතින් ආයේ අළුතින් කියන්න ඕනද ප්‍රශ්න ගැන ..නේද ? ඔව් අපි ඒ තරමටම ප්‍රශ්න හඳුනනවා , ඒත් ඒ ප්‍රශ්න වලට විසඳුම් සොයන ක්‍රම ගැන අපේ අවබෝධය ටිකක් අඩුයි කියල මට හිතෙන්නේ , ප්‍රවෘත්ති ප්‍රකාශයක් අහද්දි දැන ගන්නට ලැබෙන සියදිවි නසා ගැනීම් , දකිද්දි , මේ බොහොමයක් මරණ සිදු නොවිය යුතු ඒවා කියලයි මටනම් හිතෙන්නේ , දැන් ඔබ කියාවි තුවාලේ තියෙන කෙනානේ ඒකේ අමාරුව දන්නේ කියාල , ඔව් ඇත්ත , ඒත් තුවාලේ අමාරුව විඳ විඳ විඳවනවාට වඩා තුවාලේ හරි විදියට හොඳ කර ගත්තොත් නරකද ? ඒ වගේම සමහර තුවාල තියෙනවා හොඳ වෙන්න හුඟක් කල් යන (ඔන්න මගේ පරණ tract එකට වැටෙන්න හඳනවා වගේ ) 

ප්‍රශ්නේ........
ඕන්න දැන් අපි වැඩේට බහින්නයි හදන්නේ , මුලින්ම කියන්න ඕන දේ තමයි ඔය ප්‍රශ්නයක් ආ ගමන් එකපාරක කළබල වෙන , උඩ පණින ගතිය , ඒ පෞරුෂය ටිකක් වෙනස් කර ගන්න , නැත්නම් මේ කතාවේ ඉදිරියට යද්දි තේරුම් ගන්න ටිකක් අමාරුවේවි , ඒත් ප්‍රශ්නයකදි කළබලවෙලා , ඉක්මණින් තීරණ අරගන්න පුරුදු වෙලා ඉන්නවනම් ඔබ  මේ ලිපිය ඔබටමයි කියල හිතාගෙන කියවන්න , ටිකක් තෙරුම් ගන්න ඔබේ “කළබලය“ සහ ඉන් සිදුවනු කරදර , නැත්නම් ප්‍රශ්නය උග්‍රව්‍රන්‍ර අවස්ථාවනුත් , මොකද ඒවා හොඳ examples වේවි අපිට . ඒ වගේම වැදගත් දෙයක් කියන්න තියෙනවා , ඒ “හැම ප්‍රශ්නෙටම උත්තරයක් තියෙනව“ කිය කිය ඉන්නේ නැතිව සමහර ප්‍රශ්න වලදි උපක්‍රමිකව ඉන් ඉවත්වීමේ උපායනුත් අපි දැන ගන්නම ඕන , දන්නවනේ උපාය දන්නෝ අපායේ නොවැටෙති කියල කියමනක් තියෙන්නේ නිකමට නෙවිනේ .


දැන් බලමු ඇත්තටම මොකක්ද මේ “ප්‍රශ්නයක් “ කියන්නේ ? මේ ගැන අර්ථ ගැන්විම් බොහොමයක් තිබුණත් අපිට මෙහෙම කියන්න පුළුවන් , 

“යම් අරමුණක් , ඉලක්කයක් කරා යාමේදී මතුවන අනපේක්ෂිත බාධාවක් , කරදරයක් හෝ විසඳුමක් අවශ්‍ය වන වෙනසක් “ problem is an obstacle, impediment, difficulty or challenge, or any situation that invites resolution; the resolution of which is recognized as a solution or contribution toward a known purpose or goal. A problem implies a desired outcome coupled with an apparent deficiency, doubt or inconsistency that prevents the outcome from taking place.

ආ ා ා ා ා ා ා  ා ා ා ාදරේ .......
දැන් අපි මේ ප්‍රශ්නය ගැන ටිකක් හාරා අවුස්සා බලන්න ඕන , එතකොට තමයි විසඳගන්න පොටක් පාද ගන්න පුළුවන් වෙන්නේ , මුලින්ම අපි තේරුම් ගන්න අවශය දේ තමයි “මේක ඇත්තටම ප්‍රශ්නයක්ද?“ කියන එක , ටිකක් සංසුන් වෙන්න , මොකද Stress එකක් හිතේ තියාගෙන මේ වැඩේ කරන්න බැහැ , ඒ වගේම බොහොම පටු හිතුවිලි වල ඉඳ ගෙන මේ කරුණ හොයන එකත් ඒ තරම් වැඩක් නැහැ , ඔබ දැන් සංසුන්ව , ටිකක් වගකීමින් කල්පනා කරල බලන්න “ඇත්තටම මේක විසඳුමක් සෙවිය යුතු තරමේ ප්‍රශ්නයක්ද? “ කියන එක , එතැනදි කල්පනා කරන්න ඕන කරුණු කිහිපයක් තියෙනවා , මේ ප්‍රශ්නය කොයි තරම් බැරෑරැම්ද ? ඉන් වෙන්න පුළුවන් හානිය මොන වගේද ? කවුද ප්‍රශ්නයේ නියම බාර කාරයෝ එහෙම නැත්නම් කවුද ප්‍රශ්නයට වගකිව යුතු ? සිදුවූ සිදුවීම කවදා  , කොතැනදි , මොනවිදියට වුනාද ? මේ වගේ කරුණු ගැන ටිකක් හිතන්න , ඔන්න දැන් මම කිව්වද ඔක්කොම ඉස්සරහ මේ ටික කිය කියා කෑගහන්න කියලා , “කවුද මේ වැඩේ කළේ? , ඇයි මෙහෙ කළේ “ කිය කියා , ඒක එච්චර හොඳ දෙයක් වෙන එකක් නැහැ , මොකද සමහර විට අපිට නියම උත්තරේ හොයා ගන්න බැරි වෙන්නත් අපෙන් වැරදි විසදුමක් මතු වෙන්නත් හේතුවක් වෙන්න පුළුවන් මේ කඩි කුලප්පුව ...

ලොක්කා......ප්‍රශ්නයා ා ා ා ා ාක් 
රාජකාරිමය වගකීමක් දරන්නෙක් නම් මේ කරුණු කොළ කෑල්ලක ලියා ගත්තත් , සටහනක් ඇඳ ගත්තත් කමක් නැහැ , ඒක ඉදිරියෙදි පහසුවක් වෙන්න  පුළුවන් , නැත්නම් හිතේ සටහනක් දාගන්නකෝ, 

මේ විදියට ප්‍රශ්නයේ යථා ස්වරුපය ඒ කියන්නේ ඇත්තටම වූදේ සහ එහෙම වෙන්නට බලපෑ හේතු අඳුන ගන්න උත්සාහ කරන්න , ඔන්න ආයෙත් කියනවා ඔබ ප්‍රශ්න විසඳනවානම් ඔය කළබල ගතිය අඩු කරගන්නම වෙනවා , ප්‍රශ්න කිහිපයක් තියෙනවා නම් ඔය ඔක්කොම එක පාරට විසදලා දාන්න යන්න එපා , ඒක ඒ තරම් පලදායක නැහැ , ඒ වගේම හානිකර විසඳුම් ලැබෙන්නත් ඉඩ තියෙනවා , ඒ නිසා ඔය ප්‍රශ්න ගොඩෙන් අවස්ථාවට , ගැටළුවේ විශාලත්වයට , විය හැකි හැකි හානියේ ස්වභාවය සලකමින් ඒ සියලු ප්‍රශ්න “සැර අඩු වෙන විදියට “ පිළියෙල කර ගන්න , වැදගත්ම , ඉක්මණින්ම පිළිතුරු අවශ්‍ය ප්‍රශ්නයන්ම මූලිකත්වය දෙන්න Prioritize කරගන්න ,

ඔය ඔක්කොමත් හරි දැන් තමයි අපි හඳුනගන්න ඕන අවස්ථාව ,  ඒ කියන්නේ මේ ප්‍රශ්නයට විසඳුම් ලබා දෙත්දි මගේ වගකීම , මගේ තනතුර , කෙටියෙන්ම කිව්වොත් මේ සම්බන්ධයෙන් ඔබේ කාර්ය බාරය හදුනගන්න(your role) , ඔබටත් සමහර විට අත්දැකීම් ඇතිනේ සමහරුන්ගේ පවුල් වල ප්‍රශ්න විසඳලා දෙන්න ගිහින් අමාරුවේ වැටුනු හැටි...හොඳට මතක තියා ගන්න අනුන්ගේ වගකීම් තමන්ගේ වගේ හිතාගෙන ප්‍රශ්න වලට උත්තර හොයල දෙන්න ගිහින් අමාරුවේ වැටෙන්න නම් එපා ..

යථාර්ථයේ ජීවත් වන්න ...
දැන් ඔන්න අපි ප්‍රශ්නය ගැන හොඳට අධ්‍යයනය කළා , දැන් අපි මේකට උත්තර හොයමු , එක උත්තරයක් නෙවි උත්තර කිහිපයක් හොයමු , එතැනදි ඔබේ විෂය දැනුම  , සමාජයීය අත්දැකීම් , වගේම ඔබේ වගකීම් ස්වභාවයත් වැදගත් පෙළඹවිමක් කරනවා , අපි දැනටත් මේ වැඩේ කරනවා ඇති , ඒත් අපේ තියෙන කළබලේට එක උත්තරයක් ලැබුණු ගමන් ඔක්කොම හරි කියල හිතනවා , එහෙම වෙන්න එපා , උත්තර කිහිපයක් හොයාගන්න , ඒ වගේම ඒ එක් එක් උත්තරේ දිගේ හිත ගෙනියන්න , අපේ මේ යථාර්ථ පරිසරය තුල මේ විසදුම දිගේ ගියොත් මොකක් වේද අවසානයට , ප්‍රශ්නේ විසඳේද ? තවත් ප්‍රශ්න පැටවුදායිද කියල ටිකක් හිතන්න , මේ උත්තර සහ ඒවායින් ඔබ වේයැයි හිතන දේ කොළ කෑල්ලක හරි පුළුවන් නම් හිතේ හරි සටහන් කරගන්න , හැබැයි මේ ප්‍රශ්නේ ඔබේම නම් කොළ කෑල්ලක ලියා ගන්න එක හොඳයි , මොකද තව ටිකකින් මේව ගැන කල්පනා කරල ඔළුව ඔල්මොරොන්දං වෙලා වගේ වේවි නේද ?

වෙන්න පුළුවන් හැමදේ ගැනම හිතන්න 
දැන් මේ උත්තර සහ උත්තර දිගේ ගිය හීන ටික හොඳට කලත්තල හොඳම යැයි කියන උත්තරය ගන්න එළියට , හොඳට මතක කියා ගත යුතුදේ මේ උත්තරේ අදට වගේම අනාගතයටත් බලපාන විදිය ගැන පොඩි හරි අවබෝධයක් , imagine එකක් ඔබ ගාව තියෙන්න ඕන , ඒකට තමයි අපේ ජීවන අත්දැකීම් වැදගත් වන්නේ , සමහර විට සාරගර්භ නව කතාවක් කියවත්දි වුනත් මේ වගේ “ජීවන අත්දැකීම් “ අපිට එකතු වෙනවා , (හැබැයි ඔය හීන ලෝක වල ලියවෙන ලාබ ජනප්‍රියත්වය සහ මුලද මත ලියවෙන නවකතා ගැන නොවෙයි මේ කීවේ) , ඔය එළියට ගත්ත හොඳම එකට අමතරව තව කිහිපයක් අරන් තියා ගන්න  , සමහර විට අපිට මේ උත්තරේ හරි නොගියාත් වැඩට ගන්න වෙන්න පුළුවන් එය ,

දැන් ඔය විසඳුම් සැලැසුම ක්‍රියාත්මක කරන්න , සමහර විට ටිකෙන ටික ක්‍රියාත්මක කරන්න වේවි , නැත්නම් ක්ෂණිකව ක්‍රියාත්මක කරන්නත් වේවි , ක්‍රියාත්මක කරන්න ඕන කොහොම කියල තීරණේ වෙන්නෙ ගැටළුවේ ස්වභාවයත් එක්ක , උදාහරණයක් ඔබේ සේවකයාගේ විනය විරෝධි ගැටළුවක් නම් ඉක්මණින් නිසි දඬුවමක් පනවන්නට වේවි , එත් පෙම්වතුන් යුවලකගේ ‘කුළ නොගැපීම වගේ “ ප්‍රශ්නයක් නම් ටිකක් දුරට ගිය සැලසුමක් ලෙසින් මෙය ක්‍රියාත්මක කරන්නට වේවි 

ඇති යාන්තං ඒ ප්‍රශ්නෙත් විසඳුවා ...
වැදගත්ම දේ දැන් ඉතිං “ඕං විසඳුම දුන්නා කියලා අත් දෙක බැඳගෙන නිදා ගන්න එපා , ඔබට නිවැරදි ප්‍රතිපලය ලබා ගන්නනම් පස්සෙන්ම ඉන්න ඕන , ඒ කිව්වේ ඔබේ සැලසුම ක්‍රියාත්මක වෙන විදිය ගැන පසුවිපරම් කරන්න නට ඕන , වඩේ හොද පැත්තටනම් තවත් ඉදිරියට යන්න දෙමු , හැබැයි උත්තරේ වරදින්න වගේනම් අපි මොකද කරන්න වෙන්නේ , අර අපේ විසඳුම් මල්ලෙන් ඊළඟට සුදුසුයි කියන විසඳුම් සැලැසුම එළියට ගනිමු , මේ විදටය සමහර ප්‍රශ්න වලට විවිධ අවස්ථාවල , වෙනස් උපක්‍රමික සැලසුම් යොදන්නට වෙන නිසා “එක රැයෙන්ම් වැඩේ වේවි කියල හිතන්න එපා “ , හැබයි වැඩේ අතාරින්නත් එපා , එන්න විසදුම් හොයන්න , හැප්පෙන්න ගැටළු එක්ක ඒකමයි ජීවිතේ රස ...

දැන් ඉතින් final step එක , ඒ කිව්වේ අවසානයට හොයල බලන්න ඇත්තටම ප්‍රශ්නයට නිවැරදි උත්තරයක් ලැබුණාද ? , විසඳුනාද , කියන එක හරි ගියේ නැත්නම් සමහර විට මේ ආපු පියවර නැවතත් අනුගමනය කරන්න වේවි , හුඟක් වෙලාවට ඒ විදියට නැවතත් මේ පියවර අනුගමනය කරාම හුඟක් ප්‍රශ්න විසඳගන්න පුළුවන් වෙනවා , මොකද එක පාරක් වරදිනව කියන්නෙ තවත් අත්දැකිමක් නේ , හැබැයි ඉතින් හැමපාරම වැඩේ වරද්ද ගන්න එපා , ඔය මොළය , තියෙන්නේ හිතන්න , අතපත තියෙන්නේ මොළයෙන් පාලනය වෙන්න , ඒක මතක තියා ගන්න , 

දැන ගන්නම ඕන තවත් චක්කරයක් ....
අන්තිමට කියන්න තියෙන්නේ ජීවිතේට ප්‍රශ්නයක් ආවාම අර ඇඟට මකුළුවෙක් , කැරපොත්තෙක් වැටුන වගේ දඟලන්නේ නැතිව (දන්නවනේ අපේ මධුරංගට වෙච්චදේ ,දන්නැත්නං මෙතනින් ගිහින් කියවලම එන්නකෝ  ) ඒ බර අර ගෙන ටිකක් සන්සුන් වෙන්න , එතකොටයි යථාර්ථය පේන්නේ ...කොහොම වුනත් මේ උත්තර හොයන්න තරම් ජීවන අත්දැකීම් නැත්නම් හොඳම දේ ජීවන අත්දැකීම් සරු ඔබේ දෙමාපියන්,හොඳ ගුරුවරයෙක් , ආගමික පූජකවරයෙක් හරි නැත්නම් විශේෂ පුහුනුවක් තියෙන උපදේශන නිලධාරියෙක්ගේ හරි සහය ලබා ගන්න එක , මේ සඳහා රාජ්‍ය වගේම රාජ්‍ය නොවන ආයතනත් තිබෙනවා ඔබේ පිහිටට , 


ඉතිං මගේ කතාව මෙයින් අවසානයි අසා සිටි (නැහැනේ ..කියවපු ඔබ සැමට ) බොහොම ස්තුතියි ....අදට මං යන්නම් ආයෙත් දවසක් හමුවෙමු ..


ඔයාලා කැමතිනම් අපේ සොඳුරු සුව මිතුරු හවුලට එක් වෙන්න , ඒක නම් ඇත්තටම නොමිලේ ..හැබැයි අර හැමතැනම වගේ sale දාන්නේ නම් නැහැ ...

14 comments:

  1. ගොඩක් වැදගත් POST එකක්....මටත් ඉස්සර ප්‍රශ්නයක් උනාම හරියට කලබල වෙලා වැඩ වරද්දගත්ත අවස්ථා ගොඩක් තියනව...ඒත් ටිකක් වයස වැඩි වෙනකොට මන් ගැන හිතනකොට මටම තේරුනා කලබල වෙලා ප්‍රශ්න විසඳන්න බෑ කියල...දැන්නම් ඒ ගැන හිතනකොටත් ලොකු සහනයක් දැනෙනව...බොහොම ස්තුතියි බොහොම වැදගත් දෙයක් මතක් කරල දුන්න ඔබ තුමාට.......

    ReplyDelete
  2. මට නම් ප්‍රශ්නයක් ආවම ඉතින් අම්මගේ සරණ තමයි. ඒත් දැන් ටික ටික තනියම ඒවා විසදගන්න හුරු වෙනවා. මොකද හැමදාටම අම්මට කරදර කරගන්න බෑනේ.

    ප්‍රශ්නයක් තිබිලා ඒක විසදුනාම තියෙනව නිදහස නම් ගොඩක් වටිනවා

    ReplyDelete
  3. මධුරංග ,
    ඇත්තටම , ඔබ දැන් අත්දැකීම් බහුල පුද්ගලයෙක්නේ , ඔබට පුළුවන් ගැටළු විසඳාගන්න තනියම ...ස්තුතියි ඔබට

    ReplyDelete
  4. ඕනයා,
    බොහොම ස්තුතියි මල්ලී මේ තොරතුර මට යොමු කළාට , ඊට අදාල යම් අදහසක් දැක්වූවා , ඒ සිදුවීම සංවේදීයි  ඒත් එයට මුහුණ දිය යුතුයි උපක්‍රමිකව ,
    ස්තුතියි - ඒවගේම ඔබේ හඬ අසන්නට ලැබීමත් හරිම සන්තෝෂයක් ....

    ReplyDelete
  5. බොහොම වැදගත් ලිපියක්‌..ඒ වගෙම ඔබට හෙකිනම් Conflict ගෙනත් ලිපියක්‌ ලියන්න.මොකද සෙවස්‌ථානයෙ වෙන ගැටලු හරි බරයි.සේවකයින් දෙදෙනෙක්‌ අතර පර්ශ්න විසදීම බොහොම සූක්‍ෂම විදියට කරන්න ඔනා.නැතිනම් වෙන්නේ එක්‌ සේවකයෙක්‌ සතුටු වී අනිත් සෙවකයා පර්ශ්නය වූ පුද්ගලය හා විසදීමට පෙමිනි පුද්ගලය සමග තවත් ගෙටලුවක්‌ අති කර ගෙනීම.මා කියන්නෙ මගේ සෙවා කලයේ ලෙබූ අද්දැකීම් ඔස්‌සේ..

    ReplyDelete
  6. සොදුරු මිනිසා,
    බොහොම ස්තුතියි ඔබේ කතාව ඇත්ත , ඒකය මම “උපක්‍රමික ක්‍රම “ යොදා ගන්නත් වෙන බව කීවේ ,
    ඔබේ ඉල්ලීමත් ඉදිරියේදී ඉටු කරන්නම් ..

    ReplyDelete
  7. මිනිස්සුන්ගේ දැවෙන ප්‍රශ්න කුණුගොඩක් නම් ලෝකේ වටේම දැන් බිහිවෙලා ඉන්න විසඳුම් දෙන්නන් කුණුගොඩ විකුණන් කන්නන් වෙලා.. මේ ලන්ගදිනේ අර හොර වෙදා පිළිකා රෝගියෙක් මරණය කරා ගෙනිච්චේ එයාගේ අරුම පුදුම බලයෙන්..
    ඔබේ ලිපිය හරිම කාලෝචිතයි ඒ වගේම ගොඩක් දෙනෙක් කියවිය යුතු එකක්. මන් cut and paste කරගත්තට කමක් නැද්ද ?

    ReplyDelete
  8. සරත් ලංකාප්‍රිය ,
    කිසිම ගැටළුවක් නැහැ , හැකි නම් ඔබේ ඊමේල් ලිපිනය එවන්න , මම ඔබට මෙහි PDF එක එවන්නම් ,
    ඒ වගේම ඔබේ දෙවියෝ සහ මිනිස්සු 1 ලිපියේ යම් සඳහනක් කළා .ඒ පිළිබඳව අවශ්‍ය නම් අමතන්න ....
    ස්තුතියි ඔබේ අදහසට

    ReplyDelete
  9. ගොඩක් හොඳ ලිපියක්... විශේෂයෙන් කලබල වෙලා වැඩ වරද්දගන්න නංගිලා මල්ලිලාට.

    ReplyDelete
  10. චතුරංග පෙරේරා,
    ඇත්තෙන්ම චතුරංග මගේ පළමු ඉලක්ක කණ්ඩායම වුනෙත් ඔවුන් , ස්තුතියි ඔබට

    ReplyDelete
  11. මමත් ඉස්සර ප්‍රශ්ණයක් ආවම ගොඩක් කලබළ වෙනව.ඒත් දැන් ගොඩක් හිතන්න පුරුදුවෙලා.වෙලාවකට හිතෙනව ඕනවට වඩා හිතන්නත් ඉවසීමත් හොදනෑ කියල.කොහොමත් කලබළ නොවී කටයුතු කරන එක ප්‍රශ්න ගොඩකට හොද විසදුමක්.

    ReplyDelete
  12. නදී ,
    //ඕනවට වඩා හිතන්නත් ඉවසීමත් හොදනෑ// මේ ගැන මෙහෙමයි මට හිතෙන්නේ “සැලසුම තෙක් ඉවසුම“ හොඳටම ඇති ඊට පස්සේ ක්‍රියාත්මක වෙන්න ,
    බොහොම ස්තුතියි ,

    ReplyDelete

ඔබේ අදහස් දැක්වීම , තවත් ලිපියක් ලිවීමට මා යොමු කරයි ....

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , දින 30කට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)