2011/07/19

35)හොඳම වැඩේට හොඳම වයස - Perfect age

පොඩ්ඩො දෙන්නා ඉස්කොලෙට දාල , බිරින්දෑත් රෝහලට ඇරලවල ගෙදර ආවා , වෙනද වගේම කුරුළු රංචු අපේ කුරුළු තැටියට ඇවිත් , ඒ අතරේ විශේෂය කෙනෙක් . ටිකක් තද දුඹුරු පාට පොල්කිචි බබෙක් , අම්මයි තාත්තයි මැදට වෙලා හුරතල් වෙනවා , තනියම බත් ඇට කන ගමන් අම්මටයි තාත්තටයි පොඩ්ඩක් වද කරනව වගේ , නැ ඒක වදයක් වගේ පේනනේ නැහැ , 
අම්මයි තාත්තයි පුතයි , දුවයි ...(නෑ නෑ කෑම කවයි )
මෙන්න ඒපාර ඒ දෙන්නම පැටියට ඉත් ඇට කවනව .පුදුම ආදරයක් , තවත් ලිපියක් ලියන්නට හිතාගෙන හිටියත් මේ සුන්දර දසුන ඇසෙන් ඈත් කරන්නට මට හිත දුන්නෙම නැහැ , දරු සෙනෙහේ මොන තරම් සුන්දරද ? අද මිනිසුන් යැයි කියා ගන්න අපි අතරේ සමහරුන් තමන්ගේ කුසේ ඉන්න පැටියා මරණ , එහෙම නැතිනම් ඉපදුනු ගමන් කසල වලට තල්ලු කරන කාළෙක මේ පොල්කිචි අම්මයි,තාත්තයි මොන තරම් “මන-උස්ස“ ද කියල මට හිතුන.  



“අම්මා සඳකි , මම ඒ ලොව හිරුය රිදී ......ඒ ඉර හඳෙන් නුඹේ ලෝකය එළිය වුනි ....“ ටී.එම්.ජයරත්නයන් ගේ සංවේදී ආදරණීය හඬ , සුන්දර රිද්මයක මුසු වෙලා මගේ දෙසවන රැඳුනේ මේ අතරමයි .ලියා නිම කරන්නට  බැරි , කියා නිම කරන්නට නොහැකි මේ දරු සෙනෙහේ ගැන සිතමින් සිටි මගේ හිතට ඒ ගීය ගෙනාවේ පුදුම සතුටක් ...මේ කතා අතරේ මට අද ලියන්නට හිතුනා මේ දරු පැටවු ගැන .ඒත් ඇත්තටම දරුපැටවු ගැනම නොවෙයි . දරුවෙක් ලබන්න හොඳම වයස ගැන .

රසම යුග දිවියක් ...(දියකර ගන්න එපා) 
මොකද මම දන්න කිහිප දෙනෙක් විවිධ හේතු නිසා පළමු දරුවා පිළිබඳ අවධානය හුඟක් කල්පහු කළා , සමහරුන්ට ඕන උනේ ලොකු ගෙයක් සම්පුර්ණයෙන් හදාගෙන පළමු දරුවා බිහි කරන්න , සමහරුන්ට උපාධිය අවසන් කරගෙන ඒ ගැන හිතන්න උනා , ඒ අතරේ සමහරු marriage life එක enjoy කරන්න ඕන කියමින් මේ පළමු දරු උපත ප්‍රමාද කළා . අද වන විට මේ අය ජීවිතේ අතිශ්‍යය සංවේදී දුකක් විඳිමින් ජීවත් වෙනවා , හේතුව සමහරුන්ට දරුවෙක් පිළිසිඳ ගන්නේ නැහැ ,ගත්තත් මාස කිහිපයකින් ඉබේම ගබ්සාවෙලා නැතිවෙලා යනවා, ඉතින් ලෝකේ පුරාම තියෙන දේවාල , කොවිල් වල නවතිනවා , කිහිප දෙනෙක් විතරයි නිසි වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වෙලා ඉන්නෙත්  , සමහරුන්ට විවිධ ගැටළු සහිත දරුවන් ඉන්නව , ඉතින් ඔවුන් තමන්ගේ මුළු ජීවිත කාළයම ඒ ගැන තැවිතැවී ඉන්නවා  , සමහරුන්ගේ දරුවට මාස දෙකයි තාත්තට වයස අවුරුදු හතලිස් හතයි , ටිකක් හිතන්න මේ දරුව පාසල් යන කාලෙට ටිකක් උස් මහත් වෙන කාලෙට තාත්තගේ ආදරය රැකවරණය ඕනම කරන කාළෙට ඒ තාත්තට ඒ රැකවරණය දෙන්නට තරම් ශරීර ශක්තියක් හැකියාවක් තියේද කියල මට නම් සැකයි , ඉතින් අපි දැන ගන්නම ඕන දෙයක් තමි පළමු දරුවා බිහි කරන්නට ඕන වයස , විශේෂයෙන්ම මවගේ වයස ..

බඩ පිරිලා ......
ජීව විද්‍යාත්මකව ගත්තම කාන්තාවක තම වයස අවුරුදු 13-15 වගේ සීමාවකදි ලිංගික වශයෙන් පරිනත වීම සිදු වෙවා , ඒ කියන්නේ දැන් ඇයට පුළුවන් පැටියෙක් හදන්න අවශ්‍ය සෛල දෙකෙන් (ශුකාණු Sperm සහ Ovum ඩිම්බ)  එකක් ප්‍රධානය කරන්න , තව විදියකින් කිව්වොත් දැන් මේ දැරිවියගේ ගර්භාෂය තුලට sperm ගියොත් ඇයට මවක් වීමේ හැකියාව තියෙනවා . හැබැයි තවම ඇය සමස්ථ වශයෙන් කායිකව , මානසිකව , සමාජයීයව දරුවෙක් ලබන්නට තරම් පරිණත mature වෙලා නැහැ , ඉතින් මේ වයසේ දරුවෙක්ට දරුවෙක් ලැබීම යම් අනතුරක් සහිත සිදුවීමක් , (මතකද බබාලා ඉන්න බබාලා ගැන කතාව), මේ සියළු තත්තව වලින් යම් පරිනත  බවක් ලබන්නට අඩුම තරමේ අවුරුදු 18ක් වත් වෙනකම් ඉන්න වෙනවා . ඒ නිසා වෙනත් සාධක මඟ හැරියොත් , වයස 20තමයි හොඳම කියලත් කියන්න පුළුවන් , එත් ප්‍රායෝගිකව මෙය , මෙම සීමාවෙන් ටිකක් ඈතට යනවා 

විශේෂයෙන්ම කියන්නට ඕන දේ දරුවෙක් ලබන්නට හොඳ කායික , මානසික සහ සමාජයී පිරිපුන් බවක් අවශ්‍යමයි , ආර්ථිකයත් වැදගත් , ඒත් පළමු අවස්ථා තුන් ඉන් ප්‍රමුඛත්වයක් ගන්නවා , සෞඛ්‍යානුකූලව .ඒ මෙහෙමයි මුලින්ම දරුවෙක් රඳවා ගැනීම පෝෂණය සහ ආරක්ෂාව සඳහා ප්‍රමාණවත් නිරෝගී සෞඛ්‍ය තත්ත්වයක් මවට ඕනෑ , නැත්නම් වෙන්නේ මවත් ,දරුවාත් අනතුරේ වැටීමක් , අනෙක “මවක්“ යන ගෞරවනීය තනතුර ලබන්නට තරම් ඇයට යහපත් මානසික තත්ත්වයක් , දැනුමක් අවශ්‍යයි  එසේ නොවීමත් අනාගත දරුවාට කරන්නේ අසාධාරණයක් , අනෙක මේ “අළුත් මවට“ , සමාජයේ පිළිගැනීමක් ,වගේම සමාජය පිළිබඳ , සමාජයීය සිදුවීම් , පවුල තුල රැඳිය යුතු ආකාරය , අඹු-සැමි සම්බන්ධය පවත්වාගැනීම වගේ සමාජයීය දැනුමක් පිළිගැනීමක් අත්‍යවශ්‍යයි , හිතන්න වයස අවුරුදු 14ක විතර කෙල්ලෙක් අම්ම කෙනෙක් වෙලා පොඩි පැටියෙක්ව වඩා ගෙන ඉන්නව දැක්කොත් ඔබට මොකද හිතෙන්නේ , අපිට මේ වගේ දසුන් හුරුයි , සමහර පැටික්කියන් තමන්ගේ දරුව හරහට වඩා ගන්නවත් බැහැ , උස නැහැ , පැටියව හුරතල් කරන්නවත් තේරෙන්නේ නැති තරම් ,

අපි දෙන්නටම ...බොමුද ?
ඇත්තටම දරුවෙක් බිහි කරන්න හොඳම වයස මොකක්ද කියල ඇහැවුවොත් , මේන්න මේක තමයි වයස කියල හරි අගයක් කියන්න අමාරුයි , ඒකට හේතුව මේ ගැටළුව මුළු ලොවේම තියෙන ප්‍රශ්නයක් ,ඉතින් පාරිසරික තත්ත්ව , විවිධ සමාජ සහ සංස්කෘතීමය සිරිත් විරිත් , මත , සමාජයීය සහ ආර්ථික වශයෙන් යම් ස්ථාවරත්වයක් ලබන්නට ගත වන කාළය වගේ සාධක නිසා වෙනස්වන සුළුයි , නමුත් පොදුවේ ගත්තම ඒවගේම අර මුලික සාධක සියල්ලේ පරිනතියත් සැලකූවම , කානතාවකගේ වයස අවරුදු 20-26 අතරේ පළමු දරු පිළිසිඳ ගැනීම වඩාත් සුදුසුයි කියන මතය තමයි වඩාත් ප්‍රචලිත සහ විද්‍යාත්මක පිළිගැනීම . ඒ කියන්නේ මේ වයස් සීමාව ඇතුලෙදි දරුවෙක් බිහි කරන එක වඩාත් ආරක්ෂාකාරීය කියන එක පමණයි , ඒවගේම දරු පිළිසිඳි ගැනීමක් සඳහා සුදුසුම ශාරීරක පරිසරයත් මේ කාළ සීමාව තුලමයි තියෙන්නේ  , ඔන්න බය වෙන්න එපා , මම කීවේ නැහැ නේ 27න් පස්සේ බඳින්න එපා දරුවන් බිහි කරන්න එපා කියල , කමක් නැහැ , ඔබේ වයස මින් එහා නම් විවාහ වුනාට දරුවන් බිහිකරාට ප්‍රශ්නයක් නැහැ , ඒත් ප්‍රමාද වෙන්න ප්‍රමාද වෙන්න , දරුවෙක් පිළිසිඳි ගැනීමේ හැකියාව අඩු වෙනවා , 

අපි පරක්කු නොකරමුද ?.....
විශේෂයෙන් වයස අවුරුදු 30න් පස්සේ ඒ හැකියාව වේගයෙන් අඩුවෙනවා , ඒ නිසා ඔබේ වයස තිස් ගණනක් නම් , බිරිදක් නම් ගේ හදල ඉවර වෙනකම් තව අවුරුදු ගානක් බලන් ඉන්න එපා , ඔබේ husband එක්ක ටිකක් කතා කරන්න සැලසුම් කරගන්න , තවත් විය පත් වෙනකම් ඉන්න එපා , පැටියෙක් හදා ගන්න,  ඊට පස්සේ පුළුවන් විදියට ගේ වැඩ ඉවර කරගන්න , මොකද ගේ වැඩනම් ටික ටික හරි ඉවර කරන්න පුළුවන් , පැටියෙක් උපද්දවා ගන්න එක එහෙම කරන්න බැහැනේ , ඒ වගේම වෙන දෙයක් පරණ වෙනවා , කල් පහුවෙනවා වගේ නොවෙයි , කාන්තාවකගේ උපතේ ඉඳළම තියෙන විශේෂිත පටක වර්ගයකින් තමයි මේ ඩිම්බ සෛල නිපදවෙන්නේ , ඉතින් පරණ වෙන්න පරණ වෙන්න මේ විශේෂිත පටකයේ ක්‍රියාකාරීත්වය අඩුවෙනවා , ඒ වගේම එම සෛල වල විවිධ විකෘතිතා ඇති වෙන්න පුළුවන් , (අපේ පරිසරයේ ඒ වගේ විකෘතිතා ඇති කරන්න පුළුවන් සාධක බොහෝමයි) , එහෙම වුනොත් පැටියෙක් නතා ගන්නට ඕන ප්‍රධාන සෛලයක් වන ඩිම්බ සෛල නිපදවීම අඩුවෙන්න හරි නිපදවෙන ඩිම්බ සෛල වල හැකියාව අඩුවෙන්න හරි , එහෙම නැත්නම් ජාන විකෘති වගේ තත්ත්ව සහිත ඩිම්බ සෛලයක් නිපදවෙන්නත් පුළුවන් , එහෙම වුනොත් සුන්දර නිරෝගී දරුවෙක් ගැන ඔබේ සිහිනය , කදුළු මුසු සිහිනයක් වන්නටත් පුළුවන් ,

ඇයි අම්මේ පරක්කු කළේ ...
2009 දි C.D.C.(Center for disease control and Prevention) ආයතනය නිකුත් කළ පර්යේෂණ වාර්තාවේ හැටියට එක් දහස් නමසිය හැත්ත ගනන් වලදි වයස 21දි පළමු වරට මව්පදවිය ලැබීමේ ඉහළ තත්ත්වයක් තිබුණත් 2006 විතර වෙත්දි අපි මුලින් කී හේතු නිසාවෙන් එය අවුරුදු 26 පමණ දක්වා ඉහළ ගොස් ඇති බව හඳුනාගෙන තියෙනවා . හැබැයි පර්යේෂණය සිදුවෙන්නේ U.K.වල . කෙසේවෙතත් එම තත්ත්වය අපේ රටෙත් දැන් ටිකෙන් ටික දකින්නට පුළුවන් , අද එහි ප්‍රධානතම හේතු සාධකය  වෙන්නේ ආර්ථිකය සහ සමාජ තත්ත්වය වගේ කරුණු , නමුත් මේ පිළිබඳ පර්යේෂණ කරන ඔහියෝ විශ්ව විද්‍යාලයේ රෝන් ජීක්ල් කියන වෛද්‍ය විශේෂඥයාවරයාගේ(Ron Jaekle, MD, a professor of clinical obstetrics and gynecology at the University of Cincinnati College of Medicine, in Ohio.)  අදහසට අනුව කාන්තාවකට තම පළමු දරු පිළිසිඳ ගැනීම සඳහා හොඳම කාළය අවුරුදු 25-30 අතරෙදියි , ඊට ප්‍රමාදවීම මගින් විකෘතිතා (ඩවුන්ස් සහලක්ෂණය වැනි Downs sysndrom ) ඇති වීමේ අවදානම් වැඩි වන බවය ඔහු ප්‍රකාශ කරන්නේ , නියමිත වයස් සීමාවේදි දරු පිළිසිඳ ගැනීමක් වුනත් මෙවැනි අසාමාන්‍ය තත්ත්ව ඇති වන්නට පුළුවන් , වියපත්ව පිළිසිඳ ගැනීමක් සිදුවීමේදි  වන්නේ එම අනතුර ඇති වීමේ අවස්ථාව possibility වැඩි විමක් .

අපේ අම්මට ඩයබිටික්නේ ..ඒකයි ...
මේ මොන මොන කතා කිව්වත් වයස අවුරුදු 35ට වඩා වියපත්ව දරුවෙක් පිළිසිඳි ගැනීම මවට මෙන්ම දරුවාටත් යම් තරමක ගැටළුකාරීබවයි වෛද්‍ය මතය , මොකද මේ වන විට මවත් විවිධ රෝග , උදාහරණයක් විදියට දියවැඩියාව , අධිරුධිර පීඩනය වැනි රෝගත් ගර්භාෂය ආශ්‍රිත Endometriosis වැනි රෝග තත්ත්ව   වලටත්  ලක් වෙලාවෙන්න පුළුවන් ,ඒ වගේම එම ගර්භනීත්වය ස්වභාවිකවම නැතිවීයාමට ඇති අවස්ථාවත් ඉහළයි , ඒ නිසා කියන්නටම ඕන දෙයක් තියෙනවා , ඒ තමයි මෙම සීමාවෙදි දරු පිළිසිඳ ගැනීමක් සිදු වුවහොත් නිසි වෛද්‍ය උපදෙස් මුල සිටම අනුගමනය කළ යුතු බව , වයස හතලිස් ගණන් වුනොත් මේ අනතුර තවත් ඉහළ යන්නට ඉඩ තියෙනවා .

පවුලේ සතුට වැඩි කරන පැටවු .....
කොහොම හරි අද පොඩි article එකක් කරනවා කියල හිතාගෙන වැඩේ පටන් ගත්තත් , අදත් ටිකක් දිග ලිපියක් තමයි සැකසුනේ , අවසන් වශයෙන් කියන්න තියන්නේ මේකයි , ඔබේ විවාහය , සහ ප්‍රථම දරු උපත පිළිබඳ තීරණය අවුරුදු තිස් ගනනක් වෙනකම් ප්‍රමාද කරන්න එපා ,පුළුවන් නම් විසි පහ , විසි හය වගේ සීමාවකදි තමන්ගෙම දරු පැටියෙක්ගේ සුන්දර උණුසුම ඔය උණුසුමට මුසු කරන්න  උත්සාහ ගන්න , life එක enjoy කරන්න , (ඒත් දරු පැටියෙක් හිටියා කියල මිනිසුන් ලෙසින් enjoy කරන්න බැරි කමක් මම නම් දකින්නේ නැහැ , ඇත්තම කිව්වොත් මගේ ජීවිතේ සම්පූර්ණ වුනේ උපරිම සතුට ලබන්නේ මගේ පැටවුන්ගේ උණුහුම් ආදරයෙන් කිව්වොත් මගේ බිරිඳ මාත් එක්ක අමනාප  නොවෙන බව මම දන්නවා . )

තව පරක්කු වෙන්න  එපා
මේ වන විටත් ඔබේ වයස තිස් ගනණක් නම් , ඔබ විවාහක නම් , අනේ තවත් ප්‍රමාද කරන්න එපා , ඔබේ පවුලේ වෛද්‍යවරයාගෙන් ඔබේ සෞඛ්‍යය තත්ත්වය ගැනත් විමසලා , ප්‍රමාද කරන්නේ නැතිව දරු පැටියෙක් හදා ගන්න උත්සාහ ගන්න , ඒවගේම පිළිසිඳි ගැනීමක් වුනොත් වෙන අයට වඩා පරිස්සම් වෙන්න , ඒ ගැන ඔබේ වෛද්‍යවරයාගෙන්ම උපදෙස් තොරතුරු ලබා ගන්න.

ජීවිතයක් වෙනුවෙන් පිහිනිමේ තරඟය ...දිනන්නේ .?
මේ ලිපියේ හුඟක් තැන් වල ඔබ කියල ආමන්ත්‍රණය කළේ විවාහක , කාන්තා සාමාජිකාවන්ට , අපේ මිතුරන් මාත් එක්ක අමනාප වෙන එකක් නැහැ නේ , ඔබේ වයසත් හුඟක් වැඩි වෙනකම් ඉන්න එපා , මොකද වයසට යනකම්ම ඔබේ ශ්‍රක්‍රාණු නිපදවුනත් , (කාන්තාවන්ට එම ඩිම්බ නිපදවෙන්නේ අවුරුදු 46-48 විතර වෙනකම් විතරයි) , වයසට ගිය sperm වල පිහිනීමේ හැකියාව අඩුවන බව සොයාගෙන තියෙනවා , ඔබ දන්නවද ඔයාගේ ශුක්‍රාණු ලොකු තරඟයක් දීල , ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය ඇතුලේ දුර ගමනක් පිනල ගිහින් තමයි ඩිම්බ සෛලයත් එක්ක එකතු වෙලා , පැටියෙක් හදන්න පටන් ගන්නේ , ඉතින් පීනන්න බැරි උනොත්  ? එයා එනකම් බලා ඉදල දවස් දෙකකට විතර පස්සේ මැරිල යන්න තමයි අර ඩිම්බ සෛලයට වෙන්නේ , ප්‍රතිපලේ දරුවෙක් ලැබීමේ අවස්ථාව තවත් දුරස් වෙන එකයි.

මේ ඉන්නේ මගේ  ලෝකේ සුන්දර කළ පැටවු දෙන්නා
දැන් නම් අපේ කුරුළු තැටියේ කවුරුවත් නැහැ , එයාලගේ චර්යාව හරිම සුන්දරයි , උදෙන්ම ඇවිත් කාළ , නාල , හොඳට අව්ව තැපල , දැන් ගිහින් ඉස්සරහ ගෙදර තියෙන රඹුටන් ගහේ අතු අස්සට වෙලා නිදි වගේ ඉන්නවා , අර අපේ කතාවේ කුරුළු පැටිය නම් පේන්න නැහැ , සමහර විට අපේ පැටවුන්ට වගේම එක තැනක ඉන්න බැරුව ඇති නේද ?

එහෙම නම් අදට සමු ගන්නවා , විශේෂයෙන්ම කියන්නට ඕනෑ දෙයක් තියෙනවා , මේ සියළු ලිපි මම සූදානම් කළත් එහි පළමු ගෞරවය ඔබට පුද කරන්නට ඕනමයි , මක් නිසාද ඔබේ සරු , දිරි ගැන්වීම් නොවෙන්නට තවත් ලිපියක් ලිවිය යුතුය කියන පෙළඹවීම නොවෙන්නටත් ඉඩ තිබුණා , මේ දවස් වල තියෙන කළබලකාරී හදිසි වැඩ කටයුතුත් එක්ක , ඒත්  හෙටත් මම තවත් ලිපියක් ඔබ වෙනුවෙන්ම ලියනවා ...

41 comments:

  1. බොහොම වටිනා ලිපියක්. මට දැනුනු අයුරින් ඔබතුමා මෙහි විශේෂයෙන් සඳහන් කරලා තිබෙනවා පළමු දරුවා යන්න, අවුරුදු 2කට ආසන්න දියැණියක් සිටින 28 හැවිරිදි (29ට ඔන්න මෙන්න) වූ දෙමව්පියන් හැටියට, දැනට කෙරෙන වැඩිදුර අධ්‍යාපන කටයුතු අහවර වූ පසු, එනම් තව අවුරුදු 2කින් පමණ තවත් දරුවකු ගැන සිතීමට බලාපොරොත්තු වෙමු. ඒ ගැන ඔබතුමා දරණ මතය කුමක්ද යන්න දැන ගන්නට බොහොම සතුටුයි. :)

    ReplyDelete
  2. ඇත්තමයි ගොඩාක් වටින ලිපි පෙළක්. මම ඔක්කොම කියෙව්වා
    ඔබතුමාට ගොඩක් ස්තුතියි මේ කරන සමාජ සත්කාරය වෙනුවෙන්
    තව තවත් මෙවැනි ලිපි පළ කිරීමට වාසනාව ලැබෙවා !!!!!

    ReplyDelete
  3. ඉතාම වැදගත් ලිපියක්..වටිනා කරුණු රැසක් දැනගත්තා..
    ඔබතුමාට ගොඩක් පින්..
    දිගටම මේ වගේ දේවලුත් ලියන්න,...

    ReplyDelete
  4. අපේ නැන්දත් පලවෙනි කසාදෙන් දරුවා ලැබුනට පස්සේ පැලෝපීය නාල ගලගහන මොකද්ද මන්දා සැත්කමක් කර ගත්තා. කොහොමහරි එයාට ඒ කසාදෙන් වෙන් වෙන්න සිද්ද උනා. දරුවත් තාත්තා ලඟට ගත්තා. දෙවෙනිපාර බැන්දට පස්සේ දරුවෝ හදන්න හිතල නෑ.

    කොහොමහරි අවුරුදු 40කට විතර කිට්ටු වෙද්දි දරුවෙක් හදන්න හිතලා තියෙනවා. දරුවෙක් පිලිසිද ගත්තා. නමුත් ටික කාලයකට පස්සෙ ගබ්සා උනා. මේ කතාව අපේ අම්මා තමා මට කීවේ !!!!

    ඒ නිසා මහත්තයා කියන කතාව හරි. මොන දේ උනත් නිසි කලට සිදු කරන්න ඕනා. කල් ගියාට පස්සේ දුක් වෙලා වැඩක් නෑ.

    ප.ලි. - මහත්තයාගේ දූලා දෙන්නගේ බ්ලොග් එකත් මම් ආසාවෙන් කියවනවා. දක්ශතා තියෙන දූලා දෙන්නෙක් :)

    ReplyDelete
  5. RanDil: මුලින්ම මම ගෞරව කරනවා ඔබට සියළු දේ නිමා වන තුරු නොසිට මේ වන විටත් එක් දරුවෙක්ගේ හෝ සුව විඳිම ගැන , ඒ වගේම සාමාන්‍ය තත්ත්ව වලට වඩා භාර දූර වගකීමක් ගනිමින් තව වැඩි දුර අධ්‍යාපනය හැදෑරීම වෙනුවෙනුත් මම ඔබට ගරු කරනවා ,

    ඔබේ පැනය පිළිබඳ මගේ මය මෙහෙමයි , වයස තිස් එක කියන්නේ ඒතරම්ම අනතුරුදායක බවක් නැහැ. සතුටින් මුහුණූ දෙන්න , තවත් ඉන්න පැටියාගේ පාළුව නැති වෙන්නත් එක්ක , තවත් චූටි පැටියෙක් එකතු කර ගන්න , බය වෙන්න එපා , කොහොම වුනත් ඒ අවස්ථාවෙදි විශේෂඥ ප්‍රසවවේදී Obstretrics වෛද්‍යවරයෙක්ගේ උපදෙස් මත අවශ්‍ය උපදෙස් ප්‍රතිකාර ලබා ගන්න , ස්තුතියි ඒ වගේම මම නැවතත් සුභ පතනවා , ඔබේ අධ්‍යාපන කටයුතු සාර්ථක වෙන්නටත් සොඳුරු සුවබර පවුල් ජීවිතයකටත්

    ReplyDelete
  6. Anonymous , බොහොම ස්තුතියි ඔබේ දිරි ගැන්වීමට

    ReplyDelete
  7. ආගන්තුකයා , ඔබට ස්තුතියි එන්න ඇවිත් දැනුම ගන්න , ඒ දැනුම තවෙකෙක් සමඟ බෙදාගන්න ,

    ReplyDelete
  8. මධුරංග , ඇත්තෙන් මධුරංග ඔබ පැවසූවේ හොද පොදු උදාහරණයක් , ස්තුතියි , මෙම ලිපිය තවත් රසවත් කළාට,
    ඔව් මම දකිනවා ඔබ මගේ පැටවුන්ගේ බ්ලොග් සටහනට නිතර එනවා ඔවුන් දිරි ගන්වනවා , මගේ පැටවුනුත් හරිම සතුටින් ඔබේ අදහස් කියනවා , ගොඩාක් ස්තුතියි , විශේෂයෙන්ම මේ තරම් සංවේදීව හැම දෙයක් වෙතම අදහස් දැක්වීම ගැන

    ReplyDelete
  9. බොහොම ස්තුතියි. ඔබේ අදහස් දැක්වීම අපට ලොකු උදව්වක්.

    ReplyDelete
  10. ඉඳහිටවත් මේ වාගේ කියවන්න හරයක් තිබෙන යමක් සිංහල බ්ලොග් අවකාශයට එකතු කරනවාට ඔබට බොහොම පින්...
    මිනිස්සු ඕපාදූප වල්පල් කියවන්න මනාපයි කියලා ඒවම දුන්නම හරියනවද... වෙහෙසක් අරන් කරන මේ සත්කාරයට සන්තුෂ්ටියම ලබේවා ඔබට...

    ReplyDelete
  11. තිස්ස දොඩන්ගොඩ,
    ස්තුතියි තිස්ස , ඕපාදූප දෙන්නන් එය දුන්නාවේ , අපි ටිකක් සිද්ධාන්තමය සහ ජීවිතේට වැදගත් වන බර ඇති යමක් එක් කරමු , එවිට මේ සිංහල බ්ලොග් අවකාශය සතුට, දැනුම , රස මිශ්‍රවූ පරිපූර්ණ පරිශ්‍රයක් වේවි , අපි අපේ දිශාවෙන් යමක් කරමු,
    ඔබට ස්තුතියි සරු අදහසක් දැක්වූවාට

    ReplyDelete
  12. අගයකලයුතු සමාජ සේවයක්..ඔබට දීර්ගායු.......

    ReplyDelete
  13. හැමදාමත් කියනවා වගේ ඉතා ප්‍රයෝජනවත් ලිපියක්.
    උදේම ලිපිය කියෙව්වා . ටිකක් නිහඩව සිටිය අනිත් අයට
    අදහස් ඉදිරිපත් කරන්න දෙන්න ඕන නිසා.

    ReplyDelete
  14. Chiran ,
    ස්තුතියි ඔබට

    ReplyDelete
  15. බොහොම ස්තූතියි මේ දේවල් ගැන ලියනවට...මම නම්‍ මේ දේවල් ගැන කතාකරන්න ඕනෙ ගොඩක් ලොකු වයසක කෙනෙක් නෙමෙයි.නමුත් මගේ අදහසත් මේ ව‍ගේ දේවල් ගැන දැනුවත් කරන්න ඕනෙ පොඩි වයස්වල ඉදලමයි කියලයි..ඒ මේ විදියට වයස වැඩිවෙලා ප්‍රශ්න වගේම වයස අඩු අපේ වයසෙ පසුවෙන සමහරක් අයත් ඇතිකර‍ගෙනගෙන තියන ප්‍රශ්නත් අපි ඕනෙ තරම් දැකල තියන නිසා.. :)

    රන්දික සේදර

    ReplyDelete
  16. Gimhani, ස්තුතියි හැමදාමත් වගේ ඔබේ දිරිමත් අදහසට

    ReplyDelete
  17. සහෝධරයා,
    ඔව් දැනුවත් වීම හරිම වැදගත් , ස්තුතියි ,

    ReplyDelete
  18. Gimhani
    ඊයේ ඔබතුමාගේ දරුවන්ගේ බ්ලොග් එකට පෙරේතයක් ආපු බව දක්කේ නෑ. ඊයේ ටිකක් කාර්යබහුල වෙලා හිටිය නිසා.
    හරිම කනගාටුයි.

    ReplyDelete
  19. ඔව් ගිම්හානි , ඒත් ඒ අවාසනාවන්ත අදහස් මගේ පැටවුන් දකින්න ඉස්සරවෙලා කසුන් (http://askasunfeel.blogspot.com) මට ඒ ගැන email කළා , ඒ පණිවිඩයත් සමඟ එය ඉවත් කර නැවත settings හදන්නත් , මනුස්සයෙක්ටනම් සංවේදීවෙන්නට වචන කිහිපයක් එහි අළුතින් ලියන්නටත් වුනා ,
    බොහොම ස්තුතියි මගේ පැටවුන්ට ආදරය කරන ඔබ ඇතුළු මේ සියළු හදවත් ඇති මිනිසුන්ට

    ReplyDelete
  20. chathura buddikaJuly 20, 2011 at 8:34 PM

    harima wedagath sir. Sthuti obe maga penwimata

    ReplyDelete
  21. Gimhani
    අනේ ඒක හොදයි ඒ දරුවන්ට මේ වන සිව්පාවෝ
    ගැන දනගන්න තියන්න එපා. මල්වගේ හිත්නේ.
    හරි එහෙනම් අපෙ රාජකාරිය පටන් ගමු.
    මෙන්න ප්‍රශ්නේ.

    1. සමහ විවාහකයන් අතර දරු දෙදෙනෙක් අතර පරතරය වසර
    16ක් 17ක් තරම් ඉක්මවා යනවා. පිලිසිද ගනීම් සිදු වෙන්නේ නෑ.
    ඒකට හේතුව පහදන්න පුලුවන්ද?

    ReplyDelete
  22. chathura buddika > ස්තුතියි ඔබේ දිරි ගැන්වීමට

    ReplyDelete
  23. ගිම්හානි , ඇත්තටම දරු පිළිසිඳ ගැනීමක් කියන්නේ හරිම වාසනාවන්ත සිදුවීමක් වගේ , හරියටම කිව්වොත් ලොතරැයියක් ඇදෙනවා වගේ, මොකද sperm සහ ovum කියන ජන්මාණු දෙක ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය තුල නිවැරදිව එක්වීම සහ ඉන් පසු නිවැරදිව ස්ථානගතවෙලා කළලයක් ඇතිවිම , මේ තත්ත්වය නිවැරදිව සිදුවිමට බලපාන සාධක ගනනාවක් තිබෙනවා , එක් වන දෙන්නාගේ මානසික තත්ත්වය , කායික තත්ත්වය , විශේෂයෙන්ම ස්ත්‍රියගේ හෝමෝන ක්‍රියාකාරීත්වය වගේ .
    ඒ වගේම ඔවුන් භාවිත කරන උපත්පාලන ක්‍රම වල තත්ත්වයත් මෙහිදි වගකියනවා , මොකද සමහර අවස්ථාවල යම් යම් ස්වභාවික රටාවන් මත විවිධ උපත්පාලන ක්‍රම අනුගමනය කරනවා වගේම Coitus inturuptus නමින් වෛද්‍යවිද්‍යාත්මකව හඳුන්වන සංසර්ගයේ උපරිම අවස්ථාවට පෙර ඉවතට ගැනීමේ ක්‍රම වැනි අසාර්ථක ක්‍රමත් බොහෝ අය අනුගමනය කරනවා , නමුත් ඒවායේ ප්‍රතිපල ඒ තරම් සාර්ථක නැහැ , ඔය විදියට අවුරුදු 10-15 වගේ පරතරයන් සහිතව පිළිසිඳි ගැනීම් බොහොමයකට හේතුව මේ වගේ අසාර්ථක අවිශ්වාසදායක ක්‍රම අනුගමනය කිරීම , නමුත් යම් රෝග තත්ත්ව , සමාජමය ගැටළු(විදේශගතවීම , තාවකාළිකව වෙන්වී විසීම වැනි) සහ ආර්ථිකමය හේතුත් යම් තරමක බලපෑමක් ඇති කරන්නට පුළුවන් ,
    ස්තුතියි සරු පැනයක් විමසුවාට

    ReplyDelete
  24. Gimhani
    බොහෝම ස්තූතියි. මා ඉතාමත් අගේ කරනවා ඔබතුමාගේ මේ ක්ශනික පිලිතුරු දීම.ඔබලා වෑනි අය රටටම වාසනාවක්.
    ජය!!

    ReplyDelete
  25. හොඳම හොඳ සාරවත් ලිපියක්... ඔබ වැනි කෙනෙක් මේ බ්ලොග් අවකාශය හැඩ කරන්න එකතු වීම ගැන හදවතින්ම සතුටුයි. ඇත්ත වල්පල් කැමති අය ඒවා කියවපුවාවේ. හොඳ දේට කැමති හොඳ අයම තමා...! සිංහයෝ තණකොල කන්නෑලු, ඌරො කහ කන්නෑලු...!

    ReplyDelete
  26. චතුරංග පෙරේරා ,
    ඔබට බොහෝම ස්තුතියි , ඔව් අපි මේ වටිනා බ්ලොග් අවකාශයේ නිසි ප්‍රයෝජන ගන්නට උත්සාහ කරමු , උදව් කරමු , මොකද සිංහල බිලොග් ලියන්නේ ශ්‍රී ලාංකික අපි විතරයි , එහි අරුත සිංහල බ්ලොග් අවකාශය තුල යම් තරමක හෝ ශ්‍රී ලාංකීය හැඟීම් තිබෙනවා , එය පිරිසිදුව තබා ගන්නා තරමට ශ්‍රී ලාංකික අපිට ආඩම්බරයි නේද ?

    ReplyDelete
  27. උස ප්‍රමානයෙන් අඩු මව්වරු ඒ කියන්නේ මිටි මව්වරු බොහෝවිට
    දරුවන් බිහි කරන්නේ සීසර් සෑත්කම් මගින් . මෙයට හේතුව පහදා දෙන මෙන් ඉල්ලා සිටිනවා.

    ReplyDelete
  28. ඔව් ගිම්හානි , සිසේරියන් සැත්කම් කරන්නේ ප්‍රධාන වශයෙන් මවගේ හෝ දරුවාගේ ජීවිතයට යම් අවදානමක් ඇති අවස්ථාවක දරුවාට හෝ මවට විශේෂීත රෝග තත්ත්ව ඇතිඅවස්ථාවක (උදාහරණ වශයෙන් මවට සිෆිලිස් හෝ ගොනෝරියා තත්ත්වය සහිත) බහු දරුවන් බිහිකරන අවස්ථාවක වැනි තත්ත්වයකදි . නමුත් අද එය එක්තරා මෝස්තරයක් බවට පත්වෙන බවක් හඳුනාගන්නට පුළුවන් .

    මිටි මවුවරුන්ගේ ගර්භාෂයේ පරිමාවත් අඩුයි , ඉතින් එහි දරුවාට රැදීමේ ඉඩ අඩුවීමත් එක්ක යම් ගැටළු , විශේෂයෙන්ම උපත ලබන අවස්ථාවේ ඇති වන්නට යම් වැඩි ඉඩක් තිබෙනවා , එවන් අවස්ථාවක තමයි සිසේරියන් සැත්කමට යොමු කරවන්නේ .
    ස්තුතියි ඔබට

    ReplyDelete
  29. මේ පාර වැඩ අධික හන්දා මේ පැත්තේ එන්න උනේ අද.

    වැදගත් ලිපියක් හරිම රහට ලියලා ..අයියා.
    ඔබ විසින් නොමිලේ කරන මෙම මෙහෙය...ඔබ පවුලේ හැමගේ ජිවිත තව දුරටත් එලිය කිරිමට හේතු වේවා යැයි..පතමි...!!!

    ReplyDelete
  30. නිල් අහස ,
    ඔබේ සොඳුරු සුබ පැතුම ගරු පෙරදැරිව පිළිගමි , ස්තුතියි මේ දැනුම තවත අයෙකුට බෙදා දෙන්න .

    ReplyDelete
  31. ගුරැ පියාණනි දිනිතියි මිතිලියි මෙතන හරිම ලස්සනයි. ටර්නර් සහ ලක්ෂනය ඩවුන් සහලක්ෂනය වගේම මෙම හේතුව නිසා ඇති වුවක්ද? පරක්කු වෙලා ගැබ් ගැනිම මගින් වර්නදේහ වෙනස් වෙනවද? මේක කියවත්දි අපේ පන්තියේ ඔබ ඉගැන්වු හැටි මතකයට එනවා කදුලකුත් එක්ක

    ReplyDelete
  32. ස්තුතියි නදීශා , ඩවුන්ස් සහ ලක්ෂණය සමඟ ප්‍රමාදවී පිළිසිඳ ගැනීම (වයස 35ට පසු) දැඩි සම්බන්ධකමක් දක්වනවා . එහිදි සිදුවන්නේ 21 වන වර්ණදේහයේ ගැටළුවක් , නමුත් ටර්නර් සහලක්ෂණයේදී ගැටළුව එන්නේ x වර්ණ දේහය සමඟ.
    ප්‍රමාදවීමේදී සිදුවනනේ එම වර්ණදේහ වල සක්‍රියතාව වෙනස්වීම සහ විවිධ පාරිසරික හේත මත ඒවායේ ජාන , හො වර්ණදේහ කොටස් වල වෙනස්වීම් සිදුවීමට ඇති අවස්ථාව වැඩි කිරීමයි ,
    මටත් මගේ ඒ සුන්දරම කාළෙ මතක් වෙනවා ,පුංච පැටවු ටික ඉස්සරහ “ලොකු තාත්ත කෙනෙක් වගේ Anatomy ගැන ජීවිතේ ගැන කතා කරත්දි දැනුන සතුට , සුවය මගේ හිතේ සදා රැඳේවි , ඒත් ඒ අමාරු තීරණය මට ගන්නට සිදුවුනේ ඇයි දැයි ඔබ දන්නවානේ , ඉතින් සතුටින් දිරියෙන් ඉදිරියට යන්න , එයයි අපේ සතුට

    ReplyDelete
  33. නිශාන්ත මහත්මයා අහමුද තවත් ප්‍රශ්නයක්.

    අපි ඊයේ කතාකලානේ සිසේරියන් සැත්කම් ගැන. ඉතා වෑදගත් ප්‍රශ්නයක් සැම දෙනාටම දැනගැනීමට .

    අද කලේ බොහෝ මව්වරුන් ස්වාභාවික දරු උපතකට වඩා කැමැත්ත දක්වන්නේ සිසේරියන් සැත්කමට. මේකට හේතුව මම හිතන්නේ ස්වාභාවික උපතකදී ඇතිවන වේදනාවට ඇති බිය නිසාත් අනිත් කරුන නම් ඔබ කිව් ආකාරයට මෝස්තරයට.

    මේ දෙවිදියෙන්.. ඔබ සිතන ආකාරයට වඩාත් සුදුසු වන්නේ කුමක්ද ?

    ReplyDelete
  34. ඔව් ගිම්හානී මේ ගැන මමනම් කියන්නේ මෙහෙමයි , දරුවාට හෝ මවට අනතුරුදායක , හෝ අවදානම් තත්ත්වයක් නැත්නම් සාමාන්‍ය ප්‍රසූතිය තමයි වඩා වටින්නේ , පර්යේෂණාත්මකව පවා සොයගෙන තිබෙනවා සාමාන්‍ය ප්‍රසූතියෙන් බිහිබව දරුවා වඩා ප්‍රබල , ශක්තිමත් සහ රෝග වලට ඔරොත්තු දීමේ හැකියාවෙන් ඉහල බව , ඒ වගේම මව්-දරු බැඳීම සහ මව් කිරි නිශ්පාදන හැකියාව අතින් බැළුවන් සාමාන්‍ය ප්‍රසූතියයි වඩාත් හොඳ ,

    ReplyDelete
  35. ස්‌තූතී ඔබට
    දරු පිලිසිද ගැනීමකට පිරිමි පාර්ශවයෙන් මොනවාගේ සහයෝගයක්‌ අවශ්‍යද..පැහෙදිලි කලොත්..ශුක්‍රනු කොපමණ ප්‍රමානයක්‌ අවශ්‍යද? එය දැන ගන්නේ කොහොමද? ශුක්‍රානු මදිනම් හො සරු බව මදිනම් එයට ප්‍රතිකර්ම තියෙනවාද?වෛදය වරයෙක්‌ හමුවීමට පෙර එය දැන ගන්න ක්‍රමයක්‌ තියෙනවද?
    ස්‌තූතී...

    ReplyDelete
  36. සොදුරු මිනිසා,
    ප්‍රධානතම අවශ්‍යතාවය ආදරණීය බැඳීමක් සහ ශුක්‍රාණූ මුදා හැරීමක් , ඇත්තටම අවශ්‍ය වන්නේ එක් ශ්‍රක්‍රාණුවක් විතරයි සංසේචනය කියන උපතේ ආරම්භයටම , ඒත් ඒ තැනට යත්දි ලොක්‍ර සටහනක් දෙන්නත් තියන නිසා ශුක්‍රාණූ මිලියන ගණනක් මුදා හරින්නට අවශ්‍යයි , නමුත් ඒ සංඛ්‍යාව අපිට සාමාන්‍යෙයන් ගණනය කරන්නට බැහැ , ඒ සඳහා රසායනාගාර පරීක්ෂණයක් කළ යුතුයි , මේ ගැටළු දෙකටම ප්‍රතිකාර තිබෙනවා , ඒත් ගැටළු වේ ස්වභාවය මත ප්‍රතිකාරයේ ප්‍රතිපල රඳා පවතීවි ,
    සාමාන්‍යෙයන් විවාහයෙන් වසරක් තුල පිළිසිඳි ගැනීමක් නොවුනානම් (සාමාන්‍ය ලෙස අඹුසැමි සඹඳතා පැවැත්වුවත්) අදාල වෛද්‍ය පරික්ෂණ සඳහා යොමු වීමයි සුදුසු -

    ස්තුතියි ඔබට ..

    ReplyDelete
  37. මම පෝස්ට් ගොඩාක් කියෙව්වා..
    ජීවිතේට ගොඩාක් දෙවාල් එකතු කරගත්තා..කෙටියෙන්ම කිව්වොත් ඔබ තුමාට ගොඩක් පින් මේ කරන සේවයට...
    නවත්තන්න එපා.. දිගටම ලියන්න..
    ඔබ වන් අය ලබන්න තරම් අපිත් ගොඩක් වාසනා වන්තයි...
    ඔබට නිරෝගි සුව!!!

    ReplyDelete

ඔබේ අදහස් දැක්වීම , තවත් ලිපියක් ලිවීමට මා යොමු කරයි ....

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , දින 30කට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)