2011/07/11

30) පරිස්සමට පරීක්ෂණේ ..රිපෝට් එකේ ලියා ඇතේ

ට්‍රීං..ට්‍රීං.....මේං..මේං....
ඊයේ දවස හුඟක් සංවේදී වුනා ...පුංචි දරු පැටවුන්ගෙන් හෘදයාංගමව ගලා ගිය සුන්දර කදුළු බිඳු වලින් පිරුණු පැය පහක කාළය විටෙක මට දරා සිටින්නට හරිම අමාරු වුනා ..මගේ බිරිඳට කඳුළ සඟවන්නට බැරි වුනත් මම සිතින් විඳිමින් කඳුල සඟවා ගත්තා ..මගේ පැටවුනේ ....ආයෙත් මට ඔබට Anatomy උගන්වන්නට එන්න වෙන එකක් නැහැ ...ජීවිතේ රස කතා කියන්නට ඉඩක් මට ලැබෙන්නේ නැහැ ..ඒත් පුතේ ..දුවේ ...හැමදාමත් ඔබේ දිරියට , ඔබ ළඟින් අපි ඉන්නා බව සිත් තබා ගනී යැයි සිතමි ....


හරිම මහන්සියි ..ගෙදර ඇවිත් ටිකක් බිම වැතිරුණා ....පොඩ්ඩිත් ඇවිත් තුරුළු උනා ....“ ට්‍රීං ට්‍රීං......‘ මට ඇහැ ඇරුණා ..ඒ කියන්නේ මට... නෑ අපි දෙන්නටම හොඳටම නින්ද ගිහින් ...

“ඔව් පුතා ..කව්ද මේ “......

“සර් මම චමින් ....අපි දැන් සර්ලගේ ගෙදර එන්න හදන්නේ .....දැන් එන්නද ?“  මගේ සිසුවෙක්ගේ හඩ...
“හරි පුතා එන්න ...මාත් දැං තමයි නැගිට්ටේ ....“

මේ වෙනකොටත් මගේ බිරින්දෑ කුස්සියේ “සොඳුරු ජරමරය“ පටන් අරගෙන ...“ මනෝජා ...චමින්ල එනවළු ......“ මම ඇයට කීව ...“ මට හිතුන කට්ටියගේ කතාවෙන් ..අපි ටක් ගාල බතකුයි එළවළුවකුයි හදමු ....“

රසට උයමු ...
මගේ සිසු දරුවන් / දැරිවියන් කිහිපදෙනෙක් ආව ...ඔන්න දැන් වැඩ ගොඩයි ...කට්ටියක් සිංදු කියනවා ...තව පිරිසක් මගේ පොතු ගුළ අවුස්සනවා ...තව දෙන්නෙක් අපේ ලොකුයි පොඩීයි එක්ක නටනවා ....හරිම සුන්දරයි ....ඒ අස්සේ තව දුවෙක් කුස්සියේ මොනවදෝ කරනවා ....

මේ ඔක්කොම වැඩ අතරේ එක් පුතෙක් මං ගාවට ආව ...“සර් ...මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා ..අපේ අම්මගේ බ්ලඩ් රිපෝට් එකක් ගැන ...අද අරගෙන ආවට  එතැනදි මේව කතා කරන්න තරම් හොඳ තත්ත්වයක් තිබුණේ නැහැනේ ...සර් මෙන්න මේ රිපෝට් එකේ ඇත්ත තත්ත්වය කියල දෙන්නකෝ .....“

මගේ අතට දුන්න වෛද්‍ය පරීක්ෂණ වාර්තාව අතර අරගත්තත් මගේ හිතේ වදන් කිහිපයක් රැඳුනා ...“ ඇයි පුතා ඇත්ත තතත්වය කියන්න කිව්වේ ...? “  මගේ කුතුහලය යොමු වුනා ...

ලේ බලේ ....මොළේ ....
“ නෑ සර් අර ඩොක්ට චැනල් කරාම තමයි මේ පරීක්ෂණේ කරගෙන රිපෝට් එක අද අරගෙන එන්න කියල තිබුණ, මම අද උදේ චැනල් එකට ගිහින් ඒකේ මිස්ට රිපෝට් එක දුන්නම ...ඩොක්ටර්ට පෙන්නල , මිස් මට කිව්ව රිපෝට් එක හොඳයි කිව්ව කියල ..එච්චරයි ..මට කිසි දෙයක් තේරෙන්නේ නැහැ සර් ......“ මේ දරුව ලොකු කතාවක් මේ විදියට කියාගෙන ගියා ...ඒ අදාල විස්තරේ කියල දුන්නු මට හිතුන මේ ගැන ලියන්න ඕන කියල .මොකද මේ වෛද්‍ය පරීක්ෂණ වාර්තා ගැන තරමක හරි අවබෝධයක් තියෙන එක හරිම වැදගත් .....

එහෙම නම් අද අපි කතා කරන්නේ Blood tests එහෙම නැත්නම් රෝග නිර්ණක රුධිර පරීක්ෂණ කිහිපයක් ගැන ...
මොනවද මේ බ්ලඩ් ටෙස්ට්ස් ? .....අපේ ඇඟේ ක්‍රියාකාරීත්වයේ යම් වෙනසක් පවතිද කියල හොයා ගන්නත් එමඟින් රෝග තත්ත්වයක් හරි  රෝග තත්ත්වයක ස්වභාවය හෝ හඳුනගන්න භාවිත කරන ක්‍රමයක් තමයි මේ රුධිර පරීක්ෂණ ...පොදුවේ මේ විදියට කිවුවත් මෙම රැධිර පරීක්ෂණ ...Biochemical tests , Hematological tests , වගේ වර්ග ගණනාවක් තියෙනවා ..නමුත් ඔබට පුරුදු නම් වශයෙන් කිව්වොත් Blood sugar , Blood count ....ඔය විදියට විවිධ නම් , පරීක්ෂණ තියෙනවා ..අපි ටිකක් හුරු ඒ වගේම වඩාත් බහුලව සිදු කෙරෙන පරීක්ෂණ කිහිපයක් ගැන විතරක් කතා කරමු , මොකද  වැඩියෙන් විස්තර කරන්න ගියොත් ඔබට මෙය එපා වේවි ....

සාමාන්‍ය යෙන් රැධිර පරීක්ෂණයක් කෙරෙන්නේ වෛද්‍යවරයෙක් විසින් කරන ඉල්ලීමක් Request මත ...ඒත් සමහර රෝග තත්ත්ව වලට ප්‍රතිකාර පතා රෝහලට යත්දිම පරික්ෂණ වාර්තාවක් අරගෙන යන්නම පුළුවන් නම් එය කාළය ඉතිරියක් වේවි ..හැබැයි දැන් ඉතින් ඇස් අමාරුවට බෙහෙත් ගන්න යත්දිත් Blood test කරන්න දුවන්න එපා ...

ඇන්න නේද ? ..තැනටම 
මේ පරීක්ෂණ සඳහා ඔබෙන් ලේ මිලි ලීටර් 2-5ක් අතර ප්‍රමාණයක් විශේෂිත කුප්පියකට හෝ ටියුබයක් තුලට ගනීවි ...ඔය මිලි ලීටර් ගාන වෙනස් වෙන්නේ පරීක්ෂණය අනුව , සමහර පරීක්ෂණ කෙරෙන්නේ ලේ වල තියෙන Serum කියන කොටසෙන් ..ඒ වගේ අවස්ථාවක මිලි ලීටර් 3ක් පහක් වගේ වුනත් ගන්නට ඉඩ තියෙනවා ...අනෙක් අවස්ථාවල සාමාන්‍ය යෙන් මිලි ලීටර් දෙකක් හෝ දෙකකට අඩුවෙන් තමයි ගන්නේ ....සමහර විට ඔබ දකිනවා ඇති සමහර අවස්ථාවල ලේ ගත්ත ගමන් ඒ කුප්පිය  සොලවනවා ...බයවෙන්න එපා එහෙම කරන්නේ .ඒ කුප්පිය හෝ ටියුබ් එක ඇතුලේ තියෙන යම් රසායනිකයක් Anti Coagulant රැධිරය සමඟ හොඳින් මිශ්‍ර කරන්නටයි ,එයට පුළුවන් ලේ කැටි හැදෙන එක නවත්ත ගන්න ...නමුත් Serum කියන නමින් පටන් ගන්න  පරීක්ෂණ වලදී ලේ සාම්පල ඒ විදයට හොලවන්නේ නැහැ ...

දැන් අපි බලමු කොහොමද ඔබෙන් නිවැරදිව රැධිර සාම්පලයක් ගන්නේ කියල ...මුලින්ම අදාල හෙදිය හෝ රසායනාගාර නිලධාරියා අදාල පරීක්ෂණ ඉල්ලුම් පතේ කරුණූ ඔබ සමඟ කතා කර දැන ගෙන තහවුරු කර ගන්න ඕන ..හරිම වැදගත් ඔබේ නම එහි නිවැරදිව තිබේදැයි බලන්න ..කියවගන්නට බැරිනම් අදාල නිලධාරියාගෙන් අසන්න..ඒ ගැන අයිතියක් ඔබට තියෙනවා .. ඊළඟට කළ යුතුදේ තමයි පරීක්ෂණය සඳහා ඔබේ  සූදානම පිළිබඳව හදුනාගැනීම ..සමහර පරීක්ෂණ වලට නිරාහාරව පැමිණිය යුතු වෙනවා ..බොහොමයකට එසේ අවශ්‍ය වන්නේ නැහැ...සමහර පරීක්ෂණ සඳහා ඔබ දැනට ගන්නා ඖෂධ වල වෙනස් කම් කළ යුතු වෙනවා ...එම කරුණ දී ඇති උපදෙස් මත වූවාදැයි හඳුනාගැනීමේ වගකීම අදාල නිලධාරියා සතුයි ...ඒ වගේම පරීක්ෂණය සඳහා ලේ ගැනිමට පෙර අදාල පරීක්ෂණය ගැන  එහි අවශ්‍යතාවය ගැන ඔබට පැහැදිලි කරදීමේ වගකීමත් ඔහු සතුයි ...සමහර අවස්ථාවල ඔබගේ කැමැත්ත Written consent ලබා ගන්නත් ඉඩ තිබෙනවා ...

මෙන්න මේකයි වෙන්නේ .......
දැන් ඔහු  හෝ ඇය ඔබගෙන් රැධිරය ලබා ගැනීමට සුදුසු ස්ථානයක් තොරා ගනීවි ..එතැනදී ඔබේ සහයෝගය හරිම වැදගත් ...ඇඟිල්ල විඳ කරන Finger prick test (Ex: Random Blood Sugar ) හැර අනෙක් සෑම අවස්ථාවකදීම ඔබෙන් ලේ ගන්නට තීරණය කළ ස්ථානයට ඉහළින් (හෘදය දෙසින්) යම් තෙරපුමක් ඇති කරාවි ..සමහර විට ලේ ගන්නා තුරු පටියක් වගේ දෙයක් Turniquet  බැඳ තියාවි (හැබැයි Serum calcium පරීක්ෂණයෙදි එසේ කරන්නේ නැහැ) ....එලෙස කරන්නේ ශිරාව තාවකාළිකව අවහිර කිරීමටයි ..එවිට ශිරාව Vein වඩා පැහැදිලි වල අතර ලේ ගැනීමත් පහසු කරනවා ..දැන් අදාල නිලධාරියා විශේෂිත විෂබීජ නාශක රසායනික ද්‍රාවණයක් සහිත Sterile cotton swab (විෂබීජ හරිත පුළුන් කැබල්ලක්) භාවිත කරමින් ලේ ගන්නට අදාල ප්‍රදේශය සූදානම් කරනව ...දැන් ඔහු හෝ ඇය අළුත් Gloves දෙකක් පැළඳ ගනීවි .අළුත් සිරින්ජරයක් සූදානම් කර ගනීවි ...එහි තුඩ සෙමින් ශිරාව තුලට යවමින් අවශ්‍ය ලේ පරිමාව ඒ තුලට ඇද ගනීවි ...හොඳට මතක තියා ගන්න ...අර විදියට සම පිරිසිදු කළාට පස්සේ කිසිම අවස්ථාවක එම ප්‍රදේශය නිකම් අතින්  අල්ලන්න එපා ...ඔබේ නිලධාරියා එසේ නැවත එම   ස්ථානය ස්පර්ශ කළා නම් නැවත එය නියමිත රසායනික ද්‍රව්‍ය යොදා පිරිසිදු කිරීම කළ යුතුමයි , ඒ වගේම එම සිරින්ජරය කවරයෙන් ගලවල මේසේ තිබ්බොත් , ඒකේ ඉඳිකටුව අතින් ඇල්ලුවොත් ...දැන් එය සුදුසු නැහැ ඔබේ ඇඟට ඇතුළු කරන්නට  ..දැනුවත් වෙන්න , විරුද්ධ වෙන්න , නැතිනම් වෙන්නේ  ලේ ගනිත්දි සමේ ඇති වන තුවාලය තුලින් විෂබීජ ඇඟ ඇතුලට යන එකයි ...එහෙම වුනොත් වෙන්නේ එක ලෙඩකට ඇවිත් තව ලෙඩ ගොඩාක් හදාගන්න ...දැන් ලේ ප්‍රමාණය ගත්තාට පස්සේ ඒ සිරින්ජරයෙන් සිදුරු කළ තැනට Sterile cotton කැබැල්ලක් හෝ ඖෂධීය  ප්ලාස්ටර් කැබැල්ලක් ඇලවිම හරිම වැදගත් ...සුළු වෙලාවක් ඒ තැනට මෘදු පීඩනයක් ලබා දෙන එක කෝකටත් පරිස්සම් ....දැන් බය වෙන්න එපා ඔය ලේ පොඩ්ඩ ගත්තට ඔයාට කිසිම අමාරුවක් , කරදරයක් වෙන්නේ නැහැ ...

දැන් ඉතින් ඔක්කොම හරිනේ හෙට එන්න රිපෝට් එක දෙන්නම් ....

මෙන්න රිපෝට් එක ....පාස්ද ෆේල්ද ?
අපි දැන් බහුලව භාවිත කෙරෙන රැධිර පරීක්ෂණ කිහිපයක් ගැන කතා කරමු  , හැබැයි හොඳට මතක තියා ගන්න , මේ තොරතුරු දෙන්නේ සාමාන්‍ය වැඩිහිටියෙක්ය යන පදනමින් ..මෙහි දක්වන අගයන් වල යම් යම් සුළු විචලනයන් වයස , රෝග තත්ත්වය සහ ප්‍රතිකාරය සමඟ වෙනස් වන්නට පුළුවන් . ඒ වගේම සමහර රසායනාගාර වල සහ වෛද්‍යවරුන් සාමාන්‍ය අගය යැයි පිළිගන්නා අගයේත් සුළු පරතරයන් තිබෙන්නට පුළුවන් ....කොහොම වුනත් රිපෝට් එක අපි බලාගත්තට වරදක් නැහැ නමුත් අනිවාර්යයෙන්ම වෛද්‍යවරයා මගින් එහි තත්ත්වය අගැයුම් කර ගත යුතුම වෙනවා ...

මුලින්ම සීනි ගැනම කතා කරමු ....මේකට අපි කියනවා Blood sugar / blood glucose ...එක එක නම්  , කොහොම වුනත් වෛද්‍යවිද්‍යාත්මකව භාවිත වන්නේ Random blood sugar නමින් එහි සාමාන්‍ය අගය වන්නේ 75-120mg/dl  එයම වෙනත් ඒකකයකින් 3.9-6.9mmol/L ලෙසිනුත් දක්වන්න පුළුවන් ....පරීක්ෂණේ සඳහා විශේෂ සුදානමක් , ආහාර වෙනස් කිරීමක් අවශ්‍ය වන්නේ නැහැ ...දියවැඩියාව හෝ එහි පුර්ව අවස්ථා හඳුනාගන්නට බහුලව භාවිත කෙරෙන පරීක්ෂණයක්.... හැබැයි තවත් සීනි පරීක්ෂණයක් බහුලව සිදුවෙනවා ..එය නම් කරන්නේ Fasting blood sugar කියන නමින් ..මෙහිදී රෝගියා පැය අටක් නිරාහාරව සිට ඉන් පසුව මෙම පරීක්ෂණයට රැධිරය ගන්නට ඕන ...මෙහි සාමාන්‍ය පරතරය 70-100mg/dl (මිලිග්‍රෑම් පර් ඩෙසි ලීටර්) හෝ 3.9-5.5 mmol/L( මිලි මෝල් පර් ලිටර්) වෙන්නට පුළුවන් ...හැබැයි මේ අගයන් සීමාවෙන් පහළ ගියත් ඉහළ ගියත් ලෙඩ.....

දැන් කම්මැලියිද ......එහෙනම් තව එකක් ගැන විතරක් කතා කරමු ...Full Blood Count එක ගැන ..මේ පරීක්ෂණේ ඇතුලේ පොඩි පොඩි test ගණනාවක් තියෙනවා ..අපි කිහිපයක් ගැන කතා කරමු ...එයින් මුලින්ම Hemoglobin ප්‍රමාණය ගැන ..මෙම අගය ස්ත්‍රී පුරුෂ අනුවත් යම් වෙනසක් දක්වනවා ..මොකද සාමාන්‍යයෙන් ස්ත්‍රියකගේ Hemoglobin අගය ටිකක් අඩුයි ..ඒ Menstruation හි බලපෑමත් එක්ක ..කොහාම වුනත් කාන්තාවකගේ මෙම අගය  12-16g/dl අතර අගයකත් පිරිමියෙක්ගේ නම් 14-18g/dl වගේ සීමාවකත් තියේවි ....

අනිත් හරිම වැදගත්දේ තමයි පට්ටිකා ප්‍රමාණය Platelet count මොකද මෙයාල තමයි අපේ ඇඟේ තුවාලයක් වුනාම ලේ කැටියක් හදලා ලේ එළියට යන එක නවත්වන්නේ ...Platelet අඩු වුනොත් අනතුරු දායකයි .විශේෂයෙන්ම ඩෙංගු තත්ත්වය වගේ අවස්ථාවකදි ....මෙය සාමාන්‍යෙන් 150,000-450,000/mm3 තිබිය යුතු වෙනවා , මෙම අගය පහළ යනවා නම් අනතුරුදායකයි ...ඉක්මණින් වෛද්‍ය උපදෙස් ගන්න

මේ විදියට කියන්න ගියොත් පරීක්ෂණ ගණනාවක් තියෙනවා ...ඒ සියළුම පරීක්ෂණ පිළිබඳ දැනගන්න හොඳ link එකක් දෙන්නම් වැඩි විස්තර අවශය නම් එතැනින් ගන්න ..නැත්නම් මම ඕනෑම වෙලාවක මේ වෙනුවෙන් විවෘතයි .....

මෙන්න ලින්ක් එක් http://www.flash-med.com/LabNormal.asp

කොහොම හරි කට්ටියගේ සාජ්ජේ ඉවරවෙන කොට රෑ දහයත් පහු වෙලා ...ගෑණු දරුවො ටික පරිස්සමින් ඔවුන්ගේ නේවාසිකාරයට ඇරලූවත් අපේ පිරිමි දරුවන්ට මොකද වෙන්නේ ...“පුතාල අද මෙහේ ඉඳල හෙට යන්න පුළුවන්නේ ...“ , කොහොම වුනත් මම ඒ දරුවන්ගේ දෙමාපියන්ට කතා කරල අවසර අරන් දුන්න ..මොකද අපේ පිරිමි ළමයි හරිම තැන්පත් ...නේද ?

19 comments:

  1. ඉතාම වටිනා කියන ලිපියක්. වේලාව මදි නිසා අපිත් reports normal කියලා කියනවා මිසක් වැඩිය විස්තර කරන්නේ නෑ. හැබැයි වෙලාව තියෙද්දි ප්‍රශ්ණ අහගෙන එන කාට උනත් හොඳින් ඔය රිපෝට් වල තියෙන දේ සහ අඩු වැඩි වීම නිසා ඇති වන ප්‍රතිඵල හොඳින් කියා දෙනවා.

    ReplyDelete
  2. @Anithkona
    ඔව් , විශේෂයෙන්ම රජයේ රෝහලක සායනයකදි එක් වෛද්‍යවරයෙක්ට පැය 2-3 ඇතුලත රෝගීන් විශාල සංඛ්‍යාවක් පරීක්ෂා කරන්න වෙත්දි යමක් වැඩි විස්තරාත්මකව ලබා දෙන්න අමාරුයි ...ඒ වගේම //හැබැයි වෙලාව තියෙද්දි ප්‍රශ්ණ අහගෙන එන කාට උනත් හොඳින් ඔය රිපෝට් වල තියෙන දේ සහ අඩු වැඩි වීම නිසා ඇති වන ප්‍රතිඵල හොඳින් කියා දෙනවා.// ප්‍රකාශය මම ඉහළින්ම අගය කරනවා ...ස්තුතියි එක් වූවාට ...

    ReplyDelete
  3. ඔබගේ ලිපිය කියෙව්වා. ප්‍රශ්නත් අරගෙන එනවා පසුව.
    අද ටිකක් කාර්යබහුලයි..

    ReplyDelete
  4. ලිපියට බොහොම ස්තුතියි. මාත් ඉතිං ඔය වගේ පරීක්ෂණ කළාම සාමාන්‍ය අගය කීයද? මේකෙන් මොකක්ද වෙන්නේ වගේ ප්‍රශ්ණ අහලා බලනවා. Random Blood Sugar සඳහා 200 න් පහල කියලත් Fasting Blood Sugar සඳහා 70-120 අතර කියලත් තමයි බොහෝ විට කියවුනේ. ඔබ කියලා තිබුණනේ විවිධ සාධක මත මේ අගය වෙනස් වෙන්න පුළුවන් කියලා...

    ReplyDelete
  5. ස්තුතියි ගිම්හානි ...ඒත් මම බැලුව වෙනද post කළ ගමන් ඇවිත් යන දරුවට මක් උනාද කියලා ....

    ReplyDelete
  6. ස්තුතියි චතුර ,
    ඇත්තටම එය කළ යුතුම දෙයක් , මොකද ඔවුන් පරීක්ෂා කරන්නේ තමන්ගේ ලේ ..ඉතින් එය දැන ගැනීමේ ඉහළම අයිතියක් ඔබට තිබෙනවා ...
    ඔබ මම දක්වා තිබෙන්නේ ජාත්‍යන්තර වශයෙන් පිළිගන්නා සාමාන්‍ය අගයන් .නමුත් ඔබේ දේහ බර වයස ක්‍රියාකාරීතවය රෝග තතත්ව මත යම් පරතරයන් විය හැකියි ..කොහාම වුනත් එම අගය 120ට ආසන්නයේ තබා ගැනීම හොඳයි ..මොකද වැඩි වෙනවා කියන්නේ ..තව ලෙඩ ගොඩක් එකතු වෙනවා කියන එකමයි ..

    ReplyDelete
  7. Gimhani
    නිරාහාරව පැය 12-14 සිට සිට ගන්න ටෙස්ට් එක මොකක්ද?
    oral glucose test එක ගැනත් පැහැදිලි කරන්න පුලුවන්ද?

    ඔබතුමාට බෙහෙවින් ස්තූතියි අපිව දැනුවත් කරනවාට. ඔබගෙන් ලබාගත් දැනුම බොහෝයි.

    ReplyDelete
  8. නිරාහාව පැය 12ක් සිට කරන පරීක්ෂණය නම් කරන්නේ Cholesterol profile නමින් , රුධිරයේ අඩංගු සියළුම කොළෙස්ටරෝල්මය සංඝටක පවතින ප්‍රමාණයන් පිළිබඳ සවිස්තරව මෙමගින් බලා ගන්නට පුළුවන් ...
    Oral glucose tolerance test OGTT කියන්නේ මෙහිදීත් කරන්නේ අපේ ඇඟට ග්ලුකෝස් නිසි පරිදි කළමණාකරණය කරන්නට පුළුවන්ද කියල බලන එක .. මෙහිදී රෝගියා දින තුනක පටන් සූදානම් කරනව ...ඒ දින 3 පුරාම රෝගිය සමතුලිත ආහාර වේල් ගන්නට ඕන ..අවසාන දිනයේ පැය 8ක් විතර කිසිම දෙයක් ආහාර හෝ පාන ලෙසවත් දුම්පානය , තේ කෝපි ආදියෙන් පවා වලකින්නට ඕන ..නියමිත් දින උදෑසන රෝගියාගෙන් Fasting blood sugar sample එකක් අරගෙන ඇයට ග්ලුකොස් 75mg ක් ජලය මිලි 100 දියකරලා බොන්න දෙනවා ...ඉන් පසු වරින් වර ලේ සාම්පල ලබා ගෙන ප්‍රස්ථාරයක් ලෙස එම අගයන් පිළියෙල කිරීමෙන් රෝගියාගේ තත්ත්වය හඳුනාගන්න පුළුවන් ..ස්තුතියි

    ReplyDelete
  9. අයියා..ඔයා ලියන හැම ලිපියක් වාගේම.. හරිම වැදගත්.
    මොකද.. උපදින කොටම.. අපට ලැබෙන, මේ.. රූපය දරන ශරිරය ගැන හා ඒ ආශ්‍රිතව, අපි පෙලන ලෙඩ රෝග ගැන, අපි දැනුවත් විය යුතුම හන්දා.

    එම උත්සාහය... නිරතුරුවම අගයමි.

    ReplyDelete
  10. ස්තුතියි නිල් අහස , ඔබ වැන්නන්ගේ දිරි ගැන්වීම්හි අගය කරමි.

    ReplyDelete
  11. Gimhani
    දැන් තියන වයිරස් උනටත් මේ Platelet count එක අඩු වෙනවා නේද ඩෙන්ගු වලට වගේම?

    ReplyDelete
  12. ඔව් ගිම්හානි , ඒ නිසාම තමයි Platelet count ගැනත් පොඩි අදහසක් දුන්නේ ..ඔව් ඒ වෛරස් උණේදිත් ඩෙංගු වලදී වගේම (ඒ තරම්ම අනතුරුදායක ම්ට්ටමට නොවුනත්) පට්ටිකා අඩු වෙනවා ..මේ පිළිබඳව ඔබේ දැනුමත් ඉහළයි ....ස්තුතියි

    ReplyDelete
  13. අද තමා මේ බ්ලොග් ඒක දැක්කේ.....ගොඩක් වැදගත්,,,දැනට නම් මේ ගැන ප්‍රශ්න නැහැ. හැබැයි ඉස්සරහට ප්‍රශ්න අවොත් අමතන්නම්..ජයෙන් ජය!!

    ReplyDelete
  14. ස්තුතියි deeps ,
    ඔබේ දිරි ගැන්වීම හරිම වැදගත් ..ආයෙත් දවසක එන්න ..ඇවිත් දැනගන්න

    ReplyDelete
  15. your creative ideas is very nice sir as a your kids i like read very much i wish you all the best sir(just i gate a sinhala service i comment for you sinhala ponds. at this time i'm sorry sir)

    ReplyDelete
  16. Nadeesha '
    Thamk you my kid ...Yes read it , take some knowledge it will useful to your future ..Its ok , Kid , it is not ponds , it should be "Fonts" , ..Learn more ..read more gain your knowledge , skills and SPECIALLY attitudes , I think it is a gift for you and your teacher ..

    ReplyDelete
  17. එන්න ටිකක් පමා වුනා . හැමදාම වගේ ප්‍රයෝජනවත් . කිව්වට මොකෝ ඕක මගේ රාජකාරිය . දැන් නම් නිවාඩු පිට . මටත් උවමනාව තිබුනා ඔය පරීක්ෂණ ගැන කියන්න . ඒත් ඔයා මට වඩා සුදුසුයි ඒකට. මන් ඔය පොතක් කවියක් ගැන කියන්නම් . ..

    ReplyDelete
  18. ස්තුතියි බින්දි ..ඔව් අපි යමක් කරමු මේ සිංහල බ්ලොග් අවකාශය තුල , අගය කිරීම පිළිබඳවත් බොහොම ස්තුතියි

    ReplyDelete
  19. ඔබේ වටිනා කියන ලිපි එකිනෙක කියවගෙන යනවා. ඔබ මේ ලිපියෙන් කිහිප විටකදීම කම්මැලිද කියල අහල තියනවා. ඇත්තෙන්ම කියනවනම් ලිපිය කියව අවසන් වෙනවා දැනුනේම නැ. මේ ලිපියට බොහොමත්ම ස්තුත්යි.

    ReplyDelete

ඔබේ අදහස් දැක්වීම , තවත් ලිපියක් ලිවීමට මා යොමු කරයි ....

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , දින 30කට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)